අවසන් පූර්ව වටයට තේරුණ කණ්ඩායම් හතර හරි අපූරුය. නවසීලන්තය හා ද. අපි‍්‍රකාව ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනවන්තම කණ්ඩායම් දෙකය. එයිනුත් වාසනාවන්තම කණ්ඩායම කවුදැයි හෙට බලාගත හැකිය. නවසීලන්තය සිටින්නේ සිය උපරිම තත්ත්වයේය. ගප්ටිල් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ ඇත. අනෙක් සියලූ කී‍්‍රඩකයෝ රිද්මයේ පසුවෙති. මැකලම්, විලියම්සන් ආදි පිතිකරු ලැයිස්තුව ශක්තිමත්ය. පන්දු යවන්නෝද එසේය. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ අඩුවකට සිටි ක්වින්ටන් ඞී.කොක් අපේ කණ්ඩායම සමග පැවැති තරගයේදී රිද්මයට පැමිණියේය. ඩිවිලියර්ස් උපරිමයේය. ඩුමිනි, හෂීම් අම්ලා, රූසෝ, මිලර් ද රිද්මයේ පසුවෙති. ඔවුන්ගේ පන්දු යවන්නෝද උපරිමයේය. හොඳම තරගය වනු ඇත්තේ මෙයය. වාසනාව මත තරගය ප‍්‍රතිඵලය තීරණය වනු ඇත. හොඳ තරගයක් දැක බලාගැනීම කාගේත් අපේක්ෂාවය. සත්කාරකත්වයේ වාසිය ඇත්තේ නවසීලන්තයටය.
අනෙක් තරගය කි‍්‍රකට් මත පමණක් පදනම් නොවනු ඇත. සියල්ල සල්ලි මත නටවන ඉන්දියාවත් ඔවුන් සමග යම්තාක් දුරට සහයෝගයෙන් කටයුතු කරන ඕස්ටේ‍්‍රලියාවත් අතර තරගය බොහෝ දේ තීරණය කරනු ඇත. ගියවර බ්‍රේට් ලී ලේ හැලූවද ඉන්දියාවේදී ඉන්දියාවෙන් කා ගෙදර ඒමට ඕස්ටේ‍්‍රලියාවට සිදුවිය. මෙවර එය ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේදීය. ත්‍යාග මුදල් සම්බන්ධ ගැටලූවේදී එංගලන්තය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව එක් පැත්තක් ගත් අතර අවසානයේදී දකුණු අපි‍්‍රකාව හා නවසීලන්තය ද ඔවුනට අවනත විය. ඕස්ටේ‍්‍රලියාව හා ඉන්දියාව අයි.සී.සී යේද බලවන්තයෝ වෙති. ලෝක කි‍්‍රකට් කරවන්නෝ ඔවුහූය. මෙය හුදෙක් කි‍්‍රකට් තරගයක් නොවනු ඇත්තේ ඒ නිසාය. එකම පිලේ සාමාජිකයෝ දෙදෙනෙක් අවසාන මහ තරගයක් වෙනුවෙන් තරග කරති. ඕස්ටේ‍්‍රලියාව හා පාකිස්තානය අතර තරගයේදී අප නියම කි‍්‍රකට් තරගයක් නැරඹූ අතර පාකිස්තානයේ අත්වැරැුදීම් අවාසනාව නිසා ගෙදර එන්නට සිදුවිය. පිටිය උණුසුම්විය. ඉන්දියා ඕස්ටේ‍්‍රලියා තරගය ඊට හාත්පසින්ම උණුසුම් වනු ඇත. උණුසුම් වචන හුවමාරු වනු ඇත. බංගලාදේශ තරගයේ විනිසුරු තීරණ ඉන්දියාවට පක්ෂපාතිවීමද සම්බන්ධයෙන් ද දැන් දැන් චෝදනා එල්ල වෙමින් පවති. එහෙයින් මෙම තරගයේදී විනිසුරුවරුන්ට එල්ල වන පීඩනය ද සුළු පටු නැත. නවසීලන්තය හා දකුණු අපි‍්‍රකා තරගය නියම කි‍්‍රකට් වන අතරේම ඉන්දියා ඕස්ටේ‍්‍රලියා තරගයේදී නියම කි‍්‍රකට් වලට හා මහත්මා කි‍්‍රකට්වලට වඩා වැඩි දේවල් විය හැක්කේ දැනටමත් තරගයේ පීඩනය ඕස්ටේ‍්‍රලියානුවන්ට දැනී ඇති හෙයිනි. මයිකල් ක්ලාක් ඇතුළු කී‍්‍රඩකයෝ සිය ට්විටර් ගිණුම් හරහා, කී‍්‍රඩාංගනය රන් පැහැයෙන් පුරවන්නට තම රටේ පේ‍්‍රක්ෂයන්ට පැමිණෙන්නයි ඉල්ලද්දි ඉන්දියානුවෝ, පේ‍්‍රක්ෂකාගාරය ඉන්දියානුවන්ගෙන් පුරවන්නට වෙර දරති. ටිකට් දෙන්නේ අයි.සී.සිය. තරගය ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේදීය. ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් පාලක මණ්ඩලය යටතේය.

No comments:
Post a Comment