ලියනාඩෝ මට වැඩියෙන්ම මතක තුන් හතර පාරක් නරඹපු ටයිටැනික් චිත්‍රපටය හේතුවෙනි. එහෙත් මේ කියන්නට යන්නේ ඔහුගේ නළුකම හෝ රඟපෑම ගැන හෝ නොව ඔහු දිගින් දිගටම කරන ලද අරගලයයි. ඔහු තමාගේ මතවාදය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටියේය. ඔහු තමාගේ දේශපාලන අරගලය දිගින් දිගටම ගෙන ගියේය. ප්‍රතිපත්තිවල වෙනසක් නොවීය. මෙරට නළු නිළියන්ට, පමණක් නොව දේශපාලකයන්ට ද ඔහුගෙන් උගත හැකි දේ බොහෝය. එය මේ සටහන තබන මට ද පොදුය.
සාමය වෙනුවෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන්, දේශගුණ විපර්යාස වෙනුවෙන් ඔහු කරන ලද අරගලය දිගින් දිගටම ගෙන ගියේය. එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඔහු කළ කතාව, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලළේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් කළ කතාවලද ඊයේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගනිමින් ද ඔහු කළ කතාවේද හරයන්ගේ වෙනසක් නැත.
දේශගුණ විපර්යාස වෙනුවෙන් ඔහු දිගින් දිගටම හඬ නැගුවේය. ඇමෙරිකාවේ කර්මාන්තවලට, ලොව පුරා කර්මාන්තවලට ඔහු අභියෝග කළේය. ඒ අන් කිසිවක් ගැන නොව, දේශගුණ විපර්යාස හේතුවෙන් මනුෂ්‍ය සංහතියට වන විනාශය නතර කිරීමටය. දිගින් දිගටම ගැලැසියර දිය වෙයි. මුහුදු මට්ටම ඉහළ යයි. පිටවන කාබන් ප්‍රමාණය ඉහළ යයි. හුස්ම ගැනීමට පිරිසුදු ඔක්සිජන් ගැනීමට සිදුවන තත්ත්වයක් දැන් උදා වී ඇත.
“ අපේ පරිසර පද්ධතිය බිඳ වැටුණොත් ආර්ථිකයත් කඩා වැටෙනවා. අපිට පිරිසුදු වාතය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේ ගැටළු විසඳීම දේශපාලනික අර්බුදයක් නෙමෙයි. මනුස්ස සංහතිය, මනුස්සයා වර්ගය මුහුණ දෙන විශාලතම, ප්‍රබලතම ගැටලුව මෙයයි. මෙය ජීවත්වීම සම්බන්ධ ගැටලුවයි. මෙය මනුස්ස වර්ගයාගේ පැවැත්ම පිළිබඳ ගැටලුවක්.” ලියනාඩෝ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතමින් පැවැසීය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.29
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, February 29, 2016
Monday, February 22, 2016
හඳට ගියාලු 1
පුංචි පැටියෙක් කුසට ආපු දවසේ ඉඳන් ඒ දරුවා බිහි කරන තුරු අම්මා කරන්නේ පුදුමාකාර අරගලයක්. ඒ දරුවා ඉපදුණ දවසේ අම්මා වගේම ඒ දරුවත්, ඒ දරුවගේ තාත්තාත් පුදුමාකාර විදියට අරගල කරනවා. මැරෙනතුරු ජීවිතයේ තියෙන්නේ අරගල. පුද්ගලික අරගල වගේම සමාජයීය වශයෙන් අරගල තියෙනවා. ඒ වගේම රට ඇතුළේ කෙරෙන අරගල වගේම ගෝලීය වශයෙන් කෙරෙන අරගල තියෙනවා. ත්‍රස්තවාදය පිටු දකින්න අරගල කරනවා. ලෝක සාමය ආරක්ෂා කරන්න පරිසරය ආරක්ෂා කරගන්න අපි මිනිස්සු විදියට අරගල කරනවා.
මේ අරගල වෙන්නේ යහපත් චේතනාවෙන් වෙන්නත් පුළුවන්. අයහපත් චේතනාවෙන් වෙන්නත් පුළුවන්. ජීවිතේ ගෙනියන්න අරගල කරන අතරවාරයේම සමාජ යහපත වෙනුවෙන් යහපත් හෙටක් සාමකාමී ලෝකයක් බිහි කරන්න අරගල කරන්න ඉන්න මිනිස්සු ඉන්නවා.
අපි පොදුවේ උපන් දා සිටින අරගලයක් තමා ශිෂ්‍ය අරගලය. චිත්‍රපටය ආරම්භ වෙද්දී තමන්ගේ පෙම්වතාට තමන් අලුත් අරගලයකට යන්න හදනවා කියලා මේ තරුණිය කියනවා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තමන්ගේ පෙම්වතාට කියනවා ඔයාලගේ අරගලයයි මිනිස්සුයි අතරේ පරතරයක් තියෙනවා කියලා. මේ කරුණ අපි අද ඇත්තටම අත් විඳිනවා.
අද ශිෂ්‍ය අරගලවලට දේශපාලනික ස්වරූපයක් ලැබිලා. සමහර තැන්වලදී අරගල අවශ්‍ය වෙන්නෙම නැහැ. සමහර තැන්වලදී මේ අරගලවල චේතනාව යහපත් නැහැ. හැබැයි අද වෙනතෙක් මේ අපි අත් විඳින අපි ඉගෙනගත්තු නිදහස් අධ්‍යාපනය රැක-ුණේ අපිට කලින් පරම්පරාවන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කරපු අරගලය නිසා.
අද සිසු විරුවෝ පාරක බැහැලා අරගල කරද්දි මිනිස්සුන්ට ඒක මහත් පීඩාවක් වෙලා. අරගල කරන ශිෂ්‍යයෝ දිහා මිනිස්සු බලන්නේ අමුතු විදියට. මේ බලන මිනිස්සුන්ගේ දරුවන් වෙනුවෙන් පාරේ අරගල කරන ශිෂ්‍යයෝ. ඒ පුංචි සරල සත්‍යය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිවෙලා. අපේ ශිෂ්‍ය අරගලවලට අද අලුත් මුහුණුවරක් අවශ්‍යයි.
මේ පෙම්වතිය ඒ බව චිත්‍රපටය පුරාවටම කියලා දෙනවා. අධ්‍යාපනය කරගන්න කරන අරගලය විතරක් නෙමෙයි, අපේ හැම අරගලයකටම පණ ඕන වෙලා. අරගලය කරන විදිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා. වෙලාවකට මට හිතෙනවා, අරගලය කියන්නේ හරියට ඉගෙනගෙන තවත් පිරිසකට අත දෙන එකද කියලා. එහෙම හිතෙන එක හේතුවක් තමා, අරගල නොකරපු, පිකටින් එකකට නාපු සමහරු හොඳට ඉගෙනගෙන පුංචි මිනිස්සුන්ට අත දෙනවා. ඒ අතරේ පිකටින් කරපු, පොලිසියෙන් ගුටි කාපු සමහරු අතීතයට වෛර කරනවා. ඒ අතරේ එහෙම කරලා ඉහළ තැන්වලට ආපු අය අද අරගල කරන ශිෂ්‍යයන්ට පහර දෙන්න අණ දෙනවා. අපිට කොතැනද වැරැදුණේ.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.22
Thursday, February 18, 2016
ජීවිතය කියන්නේ හරි පුදුමාකාර තැනක්. එක වේලාවකට නවාතැන් පොළක් වෙච්ච ලෝකය, අපි සීමා මායිම් ගහලා වෙන් කරගන්නවා. අපේය කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් නැති වෙනවා. අපේය කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අපේ නොවන බව තේරෙනවා. අපේ වෙයි කියලා හිතන දේවල් හිතාගන්න බැරි විදියට අපිට නැතිවෙනවා. කොච්චර හිතට එකඟව වැඩ කළත්, සතුටක් නැති වෙලාවල් එනවා. බැණුම් අහන්න වෙන වෙලාවල් එනවා.
එක කාලයකට ජීවිතය කියන්නේ පුදුමාකාර විදියට සතුට ගේන තැනක්. තව වෙලාවකට දුක. ඒ දුක නිසා ඇතිවන ජීවිතේ ඉතිරි කාලයම නැති කරලා දාන්න පුලුවන්. සතුටටත් ඒ දේම කරන්න පුළුවන්. අපි ජීවත්වන සංකීර්ණ ක්‍රියාවලිය ඇතුළේ මනුස්ස සම්බන්ධකම් තියාගෙන ඒවා ආරක්ෂා කරගෙන, අනෙක් වැඩි ටික කරගන්නවා තරම් දුෂ්කර කාර්යයක් තවත් නැහැ. බැඳීම් වගේම බලාපොරොත්තු නිසා ඇතිවෙන්නේ දුකක්. බොහෝ දේ වලින් ඈත් ව සිටීම සරල දිවි පැවැතුම, දුක බොහෝ සෙයින් ඈත් කරගැනීමට හේතුවක්.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.18
Wednesday, February 17, 2016
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා, විජය කුමාරතුංග සිටියේ නම්, අද තමන් සමඟ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්නේ යැයි, විජය කුමාරතුංගයන්ගේ ගුණ සමරුව වෙනුවෙන් උත්සවයක් පවත්වමින් පවසයි. එමෙන්ම විධායක ජනපති ධුරය භාවිත කරමින්, තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ බව ද පසුගිය සතියේ කීවේය. ඔහු මේවා සිහි බුද්ධියෙන් කියන නොවන හොඳින්ම පැහැදිලිය.
විජය කුමාරතුංගයන් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන එස්.ඩබි.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ හා සිරිමාවෝ බණ්ඩාරනායකයන්ගේ ඡායාරූප පවා පසුගිය කාලයේදී පක්ෂය සංවිධානය කළ උත්සවවලදී දක්නට නොලැබිණි. විජය කුමාරතුංගයන්ගේ බිරිඳ හිටපු ජනපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට අනුව, මහින්ද රාජපක්ෂ ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පවා පැමිණ නැත. පසුගිය විජයගේ ගුණානුස්මරණයක් මෙතරම් ඉහළින් පැවැතුණු බවක් ද මතක නැත.
අද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කොතරම් බංකොළොත්භාවයකට පත්ව ඇත්දැයි මේ සිදුවීම් දෙක මොනවට පැහැදිලි කරයි. හිටපු ජනපතිවරයා වශයෙන් අප සතුව ඔහු කෙරෙහි ගෞරවයක් තිබෙන බව හැබෑය. එහෙත්ම මහින්ද රාජපක්ෂ සමාජයට පෙන්වන තරමේ හෝ මානව හිතවදී ගුණයක් ඔහුගේ පාක්ෂිකයන් සතුව නැති බව නම් සංවාද විවාදවලදී හොඳින් පෙනේ. මේ චෝදනාව බහුතරයකට අදාළය. හොඳින් නැතිනම් නරකින් තමන් හරිය කියන දේ, මහින්ද රාජපක්ෂ පාලනය මෙරට සමාජයට එබ්බ වීය. ඒ මතය ජනතාව අතරට ගෙන ගියේය. අද එහි පල විපාක අද හොඳින්ම අත් දැකීමට අවස්ථාව උදා වී ඇත.
තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශයට පත් කළ විට බොහෝ පිරිස් පටන් ගන්නේ අම්මා අප්පා මතක් කිරීමෙන්ය. තමාගේ දේශපාලනය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ මහින්ද පාර්ශවය හෝ වෙනයම් පාර්ශවයක් වන්නට පුළුවනි. එහෙත් තමාට ප්‍රතිවිරුද්ධ මතයක් දරන පිරිස්ද සිටින බව පිළිගැනීමට බොහෝ දෙනා අකැමැතිය. එය මහත් ඛේදවාචකයකි. මෙය තව තවත් ඉදිරියට මේ රට පත්වන ආගාධය මෙතෙකැයි කීමට නොහැකිය.
අනෙක් කරුණ, මහින්ද රාජපක්ෂ හෝ ඒ හා සමාන පිරිස විවේචනය කිරීමෙන් පමණක් ජනපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුව කරන යහපත් දේ විවේචනය කිරීම හා ඒවා නොකිරීම කණගාටුවට කරුණකි. ආණ්ඩුව විවේචනයට ඕනෑ තරම් කරුණු තිබුණුද පුහු දේශපාලන වාස තකා ඒවා මඟ හරමින්, ජනතාව උසි ගැන්වීම සඳහා කරන නරුම ක්‍රියා රටට සිදු කරන්නේ මහත් ව්‍යසනයකි.
මේ තත්ත්වය මේ රටේ මිනිසුන් තේරුම් ගත යුතුය. එදා වේල නැතිව දුක් විඳින මිනිසුන් අපමණය. තමාගේ දරුවා පාසලකට දමා ගැනීමට අපා දුක් විඳින මාපියන් මහා ගොඩකි. එහෙත් මේ රටේ ජනතාව දේශපාලකයන්ගේ පුහු කතාවලට රැවටී ඊට ප්‍රතිවිරුද්ධ කතා කියන පිරිස් සමඟ ඇණ කොටා ගනිති. මේ රටේ දියුණුව කරා ගෙන යෑමට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. එවැනි බුද්ධිමත්කමක් සඳහා උපාධි අවශ්‍ය වන්නේ නැත. එහෙත් සාවධානව අනෙක් පාර්ශව වෙත සවන් දෙමින්, තමන්ට ප්‍රතිවිරුද්ධ මත දරන මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි රටක් උදා කරගැනීමට නම්, අපට විශාල කැප කිරීම ප්‍රමාණයක් සිදු කිරීමට වනු ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.17

Tuesday, February 2, 2016
තවත් නිදහස් මුහුදට මුහුණ ලා ගාලූ මුවදොර පිටියේදී සැමරීම සඳහා සියලූ කටයුතු සූදානම්ය. වත්මන් ආණ්ඩුවට ඔවුන් විසින් ගන්නා තීරණව නිවැරැුදිව ජනතාව වෙත සන්නිවේදනය කිරීමට නොහැකි බව නැවතත් නැවතත් පෙන්නුම් කළේය. පොලිසිය කි‍්‍රයාකාරකම් නිසා ද ආණ්ඩුවට කෙරෙහි ඇති අප‍්‍රසාදය ක‍්‍රමයෙන් වැඩි වී ඇත.
ඒ සියල්ලටම වඩා අද අපි නිදහස කියා සමරන්නේ කුමක් ද. 1948 දී බි‍්‍රතාන්‍යයන්ගෙන් ලද නිදහස අපි කිසිදු විටෙක අර්ථාන්විත නිදහසක් බවට පත් කරගත්තේ නැත. 1972 ජනරජයක් බවට පත්වීමෙන් පවා අප කරගත්තේ 48 ද 72 ද යනුවෙන් විවාදයක් ඇති කරගැනීම පමණි. එහෙත් ඉන්දියාව ඊට හාත්පසින්ම වෙනස් ගමනක් ගොසින්ය.
අපි නිදහස ලබන විට ජපානය පරමාණු බෝම්බ දෙකකින් බැට කා හෙම්බත්ව සිටියේය. චීනය රතු විප්ලව, සංස්කෘතික විප්ලව සිදු කරමින් සිිටියේය. එහෙත් අද ඉන්දියාව, චීනය හා ජපානය කොයිද සිටින්නේ යන්න සොයා බැලිය යුතුය.
අපි වසර 68ක් නිදහස ලෙස අර්ධ නිදහසක් සැමරුවා මිස කරන ලද අන් යමක් නැත. වසර 30ක සිවිල් යුද්ධයක මතක, තරුණ කැරැුලි දෙකක මතක භීෂණවල මතක නිරන්තරයෙන් සුන්බුන් මත අපි පය තබමින් සිටිමු.
ඉකුත් ජනවාරි 08 වැනිදා යහපාලනය ඉදිරියට තබමින් පත් වූ ආණ්ඩුව වැනෙන ආණ්ඩුවක් බවට පත් ව සිටියි. ඞීල දමමින් සිටියි. නීතිය එක් තැනක-දී එක් ආකාරයකටත් තවත් තැනකදී තවත් ආකාරයකටත් කි‍්‍රයාත්මක කරමින් සිටියි.
දැන් හෝ මේ රට එක්සේසත් කළ යුතුය. නිදහස් රටක් බවට පත් කළ යුතුය. ඒ සඳහා එක් පරම්පරාවට කැපකීරිමක් කිරීමට සිදුවනු ඇත. අද ජීවත්වන පරම්පරාව නියත වශයෙන්ම ඒ කැපකිරීම සිදු කළ යුතුය. ඒ කැපකිරීමේ ප‍්‍රතිලාභ භූක්ති විඳින්නේ අනාගත පරම්පරාවන්ය. ඔවුන්ගේ දරු මුණුපුරන්ය. සහෝදර සහෝදරියන්ය.
නිදහස් දිනයට හමුදා ආචාර පෙළපාලී විදෙස් රටවල නිපදවන ලද ආයුද ලොවට පෙන්වනවාට වඩා යමක් කළ යුතුය. සංහිඳියාව ඇති කිරීමට ආණ්ඩුව දැඩි තීරණ ගත යුතුය. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ගත් තීරණය ඉන් එකකි. ඊට ගෞරවය හිමි විය යුතුය.
නිදහස යනු හුදෙක් දිනකට සීමා වූවක් නොවන බව පාලකයන් තේරුම් ගත යුතුය. රටේ සෑම පුරවැසියකුගේම ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නිදහසය. ස්ව අභිමානයෙන්, ආත්ම ගරුත්වයෙන් ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නිදහස බව පාලකයෝ අවබෝධ කරගත යුතුය. භාෂණයේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, තමන් කැමැති රක්ෂාවක් කිරීමේ නිදහස, තමන් කැමැති විෂයක් ඉගෙන ගැනීමට ඇති නිදහස මේකී නොකී බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික ලක්ෂණ ආරක්ෂා වන නිදහසක් උදා කරගැනීම අප සියලූ දෙනාගේම වගකීමක් වන්නේය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.02
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...