Thursday, February 18, 2016

 ජීවිතය කියන්නේ හරි පුදුමාකාර තැනක්. එක වේලාවකට නවාතැන් පොළක් වෙච්ච ලෝකය, අපි සීමා මායිම් ගහලා වෙන් කරගන්නවා. අපේය කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් නැති වෙනවා. අපේය කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අපේ නොවන බව තේරෙනවා. අපේ වෙයි කියලා හිතන දේවල් හිතාගන්න බැරි විදියට අපිට නැතිවෙනවා. කොච්චර හිතට එකඟව වැඩ කළත්, සතුටක් නැති වෙලාවල් එනවා. බැණුම් අහන්න වෙන වෙලාවල් එනවා.
එක කාලයකට ජීවිතය කියන්නේ පුදුමාකාර විදියට සතුට ගේන තැනක්. තව වෙලාවකට දුක. ඒ දුක නිසා ඇතිවන ජීවිතේ ඉතිරි කාලයම නැති කරලා දාන්න පුලුවන්. සතුටටත් ඒ දේම කරන්න පුළුවන්. අපි ජීවත්වන සංකීර්ණ ක්‍රියාවලිය ඇතුළේ මනුස්ස සම්බන්ධකම් තියාගෙන ඒවා ආරක්ෂා කරගෙන, අනෙක් වැඩි ටික කරගන්නවා තරම් දුෂ්කර කාර්යයක් තවත් නැහැ. බැඳීම් වගේම බලාපොරොත්තු නිසා ඇතිවෙන්නේ දුකක්. බොහෝ දේ වලින් ඈත් ව සිටීම සරල දිවි පැවැතුම, දුක බොහෝ සෙයින් ඈත් කරගැනීමට හේතුවක්. 

හර්ෂණ තුෂාර සිල්වා
2016.02.18

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive