පුංචි පැටියෙක් කුසට ආපු දවසේ ඉඳන් ඒ දරුවා බිහි කරන තුරු අම්මා කරන්නේ පුදුමාකාර අරගලයක්. ඒ දරුවා ඉපදුණ දවසේ අම්මා වගේම ඒ දරුවත්, ඒ දරුවගේ තාත්තාත් පුදුමාකාර විදියට අරගල කරනවා. මැරෙනතුරු ජීවිතයේ තියෙන්නේ අරගල. පුද්ගලික අරගල වගේම සමාජයීය වශයෙන් අරගල තියෙනවා. ඒ වගේම රට ඇතුළේ කෙරෙන අරගල වගේම ගෝලීය වශයෙන් කෙරෙන අරගල තියෙනවා. ත්‍රස්තවාදය පිටු දකින්න අරගල කරනවා. ලෝක සාමය ආරක්ෂා කරන්න පරිසරය ආරක්ෂා කරගන්න අපි මිනිස්සු විදියට අරගල කරනවා.
මේ අරගල වෙන්නේ යහපත් චේතනාවෙන් වෙන්නත් පුළුවන්. අයහපත් චේතනාවෙන් වෙන්නත් පුළුවන්. ජීවිතේ ගෙනියන්න අරගල කරන අතරවාරයේම සමාජ යහපත වෙනුවෙන් යහපත් හෙටක් සාමකාමී ලෝකයක් බිහි කරන්න අරගල කරන්න ඉන්න මිනිස්සු ඉන්නවා.
අපි පොදුවේ උපන් දා සිටින අරගලයක් තමා ශිෂ්‍ය අරගලය. චිත්‍රපටය ආරම්භ වෙද්දී තමන්ගේ පෙම්වතාට තමන් අලුත් අරගලයකට යන්න හදනවා කියලා මේ තරුණිය කියනවා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තමන්ගේ පෙම්වතාට කියනවා ඔයාලගේ අරගලයයි මිනිස්සුයි අතරේ පරතරයක් තියෙනවා කියලා. මේ කරුණ අපි අද ඇත්තටම අත් විඳිනවා.
අද ශිෂ්‍ය අරගලවලට දේශපාලනික ස්වරූපයක් ලැබිලා. සමහර තැන්වලදී අරගල අවශ්‍ය වෙන්නෙම නැහැ. සමහර තැන්වලදී මේ අරගලවල චේතනාව යහපත් නැහැ. හැබැයි අද වෙනතෙක් මේ අපි අත් විඳින අපි ඉගෙනගත්තු නිදහස් අධ්‍යාපනය රැක-ුණේ අපිට කලින් පරම්පරාවන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කරපු අරගලය නිසා.
අද සිසු විරුවෝ පාරක බැහැලා අරගල කරද්දි මිනිස්සුන්ට ඒක මහත් පීඩාවක් වෙලා. අරගල කරන ශිෂ්‍යයෝ දිහා මිනිස්සු බලන්නේ අමුතු විදියට. මේ බලන මිනිස්සුන්ගේ දරුවන් වෙනුවෙන් පාරේ අරගල කරන ශිෂ්‍යයෝ. ඒ පුංචි සරල සත්‍යය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිවෙලා. අපේ ශිෂ්‍ය අරගලවලට අද අලුත් මුහුණුවරක් අවශ්‍යයි.
මේ පෙම්වතිය ඒ බව චිත්‍රපටය පුරාවටම කියලා දෙනවා. අධ්‍යාපනය කරගන්න කරන අරගලය විතරක් නෙමෙයි, අපේ හැම අරගලයකටම පණ ඕන වෙලා. අරගලය කරන විදිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා. වෙලාවකට මට හිතෙනවා, අරගලය කියන්නේ හරියට ඉගෙනගෙන තවත් පිරිසකට අත දෙන එකද කියලා. එහෙම හිතෙන එක හේතුවක් තමා, අරගල නොකරපු, පිකටින් එකකට නාපු සමහරු හොඳට ඉගෙනගෙන පුංචි මිනිස්සුන්ට අත දෙනවා. ඒ අතරේ පිකටින් කරපු, පොලිසියෙන් ගුටි කාපු සමහරු අතීතයට වෛර කරනවා. ඒ අතරේ එහෙම කරලා ඉහළ තැන්වලට ආපු අය අද අරගල කරන ශිෂ්‍යයන්ට පහර දෙන්න අණ දෙනවා. අපිට කොතැනද වැරැදුණේ.
හර්ෂණ තුෂාර සිල්වා
2016.02.22
No comments:
Post a Comment