Showing posts with label වගකීම. Show all posts
Showing posts with label වගකීම. Show all posts

Wednesday, March 23, 2022

ආර්ථික අර්බුදය 4

 4.1



කාටූනය අවන්ත ආටිගල 


රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේදී ත් පසුගිය වසර ගණනාවකදී අප මුහුණ දුන් අර්බුද දෙස බැලීමේදීත් ප්‍රධාන කරුණු දෙකක් ඉස්මතු කළ හැකි ය.

එකක් ප්‍රශ්න දෙස බැලීමේදී ඒවා දැඩි ලෙස දේශපාලනීකරණය කිරීම ය. අනෙක ප්‍රශ්න විහිළු බවට පත් කිරීම ය.

මනුෂ්‍යයෝ යනු දේශපාලන සත්වයෝ ය දේශපාලනයෙන් තොර ලෝක පැවැත්මක් නැතැයි යනුවෙන් බුද්ධිමතුන් පවසා ඇත. ඔය අදහස දෙන ප්‍රකාශ ඔවුහු විසින් නිකුත් කරනු ලැබ තිබෙති.

දේශපාලනීකරණය යන්නෙන් වඩාත් ම අදහස් කරන්නේ අපේ රටේ තිබෙන පක්ෂ දේශපාලන අර්බුදයත්, අනෙකා වෙත බෝලය පාස් කිරීමත්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියෙන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියෙන් බැහැරට ගොස් සෑම කටයුත්තකට දේශපාලන ඇඟිලි ගැසීම් කිරීම ය.

අනෙක් අතට පසුගිය කාලයේ ත් ඉතිහාසයේ ත් අප දුටු දෙයක් නම් බිල්ලන් මැවීම ය. අනෙක වාමවාදී දක්ෂිණවාදී ලෙස හෝ වෙනත් ආකාරවලින් ලේබල් ගැසීම ය.

වත්මන් ආර්ථික අර්බුදය තුළත් අපට එය දක්නට ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් අපට එය දක්නට ලැබිණි.

වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගැනීමේදීත් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ, ධනවාදය, වාමාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, යනාදී විවිධ දේශපාලන මතවාදවලින් විසඳුම් සෙවීම ගැනත් විවේචනත් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ විවේචනය කළේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝ ලිබරල් කල්ලිය යනුවෙන් පිරිසක් ඉලක්ක කරගෙන පහර ගැසුවේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, එම ධුරයට පත් වූ අවස්ථාවේ දී ඔහු ලිබරල්වාදියකු යැයි ඇතැම් පිරිස් චෝදනා නැඟූහ.

දේශපාලන මත දැරීම ඔ්නෑම අයකුගේ අයිතියකි.

අනෙක් අතට මේ කිසිදු ක්‍රමවේදයක් සියයට සියයක් නිවැරැදි වන්නේ නැති බවත් සියයට සියයක් වැරැදි වන්නේ නැති බවත් ලෝකය දෙස බැලීමේදී අපට බලාගත හැකි ය.

මේ කිසිදු ආර්ථික ක්‍රමවේදයක් සියයට සියයක් සාර්ථක නැති බවත් ඒ කිසිවක් සියයට අසාර්ථක නැති බවත් වටහා ගත හැකි ය.

මේ නිසා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී කළ යුත්තේ අප රටට ගැලපෙන, ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ය.

මතවාදයකට අනුව ගමන් කරනවාට වඩා ප්‍රායෝගික වීම වැදගත් යැයි මම විශ්වාස කරමි.

ඒ ඒ අවස්ථාවට ප්‍රායෝගිකව සිතා බලා ගන්නා කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, විසඳුම් සහ ප්‍රතිසංස්කරණ යමකුට ලිබරල් යැයි ද තවත් අයකුට වාමාවාදී යැයි තර්ක කළ හැකි ය.

එහෙත් අදාළ අවස්ථාවේ ගත යුතුව තිබෙන සහ දීර්ඝකාලීනව අවදානම අඩු වඩාත් උචිත පිළියම එය නම්, අදාළ පියවරේ වරදක් නැත.

මේ නිසා මේ අවස්ථාවේ දී දේශපාලනික මත පසෙක තබා ප්‍රායෝගික විසඳුම් ගත යුතු ය. එහිදි කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන තත්ත්ව සලකා බැලිය යුතු ය.

සරලවම ස්වොට් (SWOT – Strengths, weaknesses, opportunities and threats / ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන) විශ්ලේෂණයක් කළ හැකි ය.

අනෙක් අතට කාලයක් මුළුල්ලේ අප කරන බරපතළ වරදක් තිබේ.

දේශපාලන තන්ත්‍රය තුළ තිබෙන මෙම බරපතළ මතවාදී ගැටලුවත්, ඇතැම් විශේෂඥයන් විවිධ පක්ෂවලට පක්ෂපාතී යැයි සිතා ලේබල් ගැසීමත් නිසා දේශපාලනඥයන් විශේෂඥ මත ඉවත දැමීම ය.

ඇතැම් විට විශේෂඥ මත අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීම මදිකමක් යැයි හීනමානයෙන් ද ඇතැම් දේශපාලනඥයෝ පෙළෙති.

අනෙක විශේෂඥ මත විමසීමෙන් තමන්ට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ නොලැබී යෑම ය.

අනෙක් අතට විශේෂඥ කමිටු කියා පත් කරන්නේ කිසිදු විශේෂඥ දැනුමක් නොමැති තමන්ට හිතැති පිරිස් ය.

අර්බුදයට විසඳුම් සෙවීමට පෙර අප විසඳාගත යුතු මූලික ප්‍රශ්න ගණනාවක් ම තිබේ.

මෙම මූලික ප්‍රශ්න විසඳාගන්නේ නම් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ඉතා පහසු ය.

එහෙත් ප්‍රතිඵල ලැබීමට නම් කාලයක් බලා සිටිය යුතු ය. ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. නිරන්තරයෙන් යහපත් දෑ කළ යුතු ය.

 

 

කාටූනය අවන්ත ආටිගල

https://www.facebook.com/PoliticalCartoonsLKA/photos/a.472114272913538/2621147138010230 

Monday, March 21, 2022

ආර්ථික අර්බුදය 3


ඡායාරූපය - රොයිටර්ස් 


වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සහ එම පාලන තන්ත්‍රය යි.

එහෙත් මේ අර්බුදය නිදහසින් පසු අනුගමනය කළ වැරැදි පිළිවෙත්, ප්‍රතිපත්ති සහ නොමනා හැසිරීමේ උච්ඡතම අවස්ථාවේ ආරම්භය හෝ එහි කොටසක් යැයි කිව හැකි ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 2019 වසරේ දී ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ 2020 වසරේ දී ය.

ඒ වනවිට මේ රට සුඛිත මුදිත සෞභාග්‍යමත්/වත් රටක් ව තිබුණේ නැත.
එහෙන් වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුව, රාජ්‍ය තන්ත්‍රය, පාලන තන්ත්‍රය සහ නිලධාරී තන්ත්‍රය නිදොස් කොට නිදහස් කෙරෙන්නේ නැත.
නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී මෙරට දේශපාලනඥයන්ගෙන් දැක්මක් ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණා ක්‍රියාත්මක කළා නම් එම පිරිසගේ ගණන හරි අතළොස්සකි.

රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතියත්, දේශපාලන, ආර්ථික, සමාජයීය, සහ මාධ්‍ය සාක්ෂරතාව ඇත්තේ ඉතාමත් පහළ මට්ටමක ය.

බොහෝ අමාරුවෙන් දුවන නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් නොවෙන්නට මේ රට, මෙසේ නොතිබෙන්නට ඉඩ තිබිණි.

ඇතැම් විට ශ්‍රී ලංකාව කිය රටක් ද තිබෙන්නට ඉඩ නොතිබිණි.

මේ සියල්ල මධ්‍යයේ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 සිට 1994 දක්වාත්, 94 සිට 2000, 2001, 2002, යන වසරත්, 2004/2005ත් එතැන් සිට 2010 දක්වාත් ඉන්පසු 2015 දක්වාත් ඊටත් පසු 2019 දක්වාත් මේ රටේ තීරණාත්මක කාලපරිච්ඡේද ලෙස දැක්විය හැකි ය.

ඉහතින් සඳහන් කළ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 වසරත් මේ රටේ දේශපාලන තන්ත්‍රයේ සුවිශේෂී කාලපරිච්ඡේද සහ වසර ලෙස දැක්විය හැකි ය.

උගත් බුද්ධිමත් වියතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව, කාලයත් සමඟ කොල්ලකාරයන්ගේ නිදහස් භූමියක් බවට පත්ව තිබේ.

නිදහස් ශ්‍රී ලංකාව උගත් බුද්ධිමත් වියතුන්ගේ පිරී නොතිබුණු බවට තර්ක කළ හැකි ය. මේ අර්බුදය සියල්ලට ම හේතුව ඇතැම් උගත් බුද්ධිමත් වියතුන්ගේ පටු අරමුණු යැයි තවකකුට තර්ක කළ හැකි ය.

කෙසේ නමුත් අවසන් නිගමනය ලෙස දැක්විය යුත්තේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදය හුදෙක් වසර දෙකක් තුළ නිර්මාණය වූවක් නොව නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී කරන ලද නොමනා සහ අමනෝඥ, අදූරදර්ශී ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිවිපාක බව ය.

ඒ නිසා 69 ලක්ෂයකට දොස් තැබීමෙන් ප්‍රතිඵල අත්වන්නේ හෝ අනෙකා නිදහස් වන්නේ නැත.

මේ සා අර්බුදයකට ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවටත් ඡන්දය දුන් ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය.

ජනතාව ඡන්දය භාවිත කරන්නේ පාලකයන්, දේශාපලනඥයන් ගැන විශ්වාසය තබා ය.

ඒ විශ්වාසය පළුදු කළ විට ජනතාවට දොස් තැබීමෙන් පලක් නැත.
ඒ නිසා ආණ්ඩුව හෝ පාලනයේ සිටින දේශපාලනඥයන් අසමත් වන විට අසාර්ථක වන විට ජනතාවට දොස් තැබීමෙන් වැඩක් හෝ ප්‍රතිඵලයක් හෝ අත්වන්නේ නැත.

එක පුද්ගලයකුට හෝ එක් පක්ෂයකට හෝ ඡන්දය දීමට නම් අප ජනාධිපතිවරණ, මහ මැතිවරණ යනාදී මැතිවරණ අවශ්‍ය වන්නේ නැත.
කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ නැත.

අප බිහි කළ යුත්තේ තමන් ඡන්දය දෙන දේශපාලනඥයන්, පාලකයන් වැරැදි මග යන විට ප්‍රශ්න කරන ජනතාවක් ය. තම දේශපාලන පක්ෂය හෝ දේශපාලන නායකයන් නොමනා වැඩ කරන විට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන, ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්න, විචාර බුද්ධියෙන් හෙබි පුරවැසියන් ය, පාක්ෂිකයන් ය.

වත්මන් ජනාධිපතිවරයාටත්, වත්මන් ආණ්ඩුවටත් ඡන්දය දුන් 69 ලක්ෂයට චෝදනා කරන පිරිස කලින් සිටි දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන නායකයන් ට ඡන්දය භාවිත කර නැත් ද ?

වත්මන් ජනාධිපතිවරයා, වත්මන් ආණ්ඩුව, නොව විපක්ෂයේ සිටින අනෙක් දේශපාලකයන් අපේ රට සුඛිත මුදිත කර තිබේ ද ?

අද විපක්ෂයේ සිටින මීට වසර දෙක තුනකට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් වංචා දූෂණ නොකළේ ද ?

අද ආණ්ඩුවට බැන වදින හිටපු ජනාධිපතිවරයා කොතරම් අමනෝඥ, අදූරදර්ශ ක්‍රියාමාර්ග ගත්තේ ද ?

ජනතාවට තෝරන්නට සිදු වන්නේ ඉදිරිපත් කරන ලැයිස්තුවෙන් ය.
අපට දැන් තෝරන්නට සිටින්නේ මේ රටේ ම මෙතෙක් සිටි පිරිස ය. අපට වෙනත් ලෝකයකින් දේශපාලකයන් පැමිණෙන්නේ නැත.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර ගියහොත් හෝ යැව්වෝත් විකල්පය කවුරුන් ද ?

දැනට තිබෙන විකල්ප දෙක තුන නම් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන යනවුන් ය.

අනුර කුමාර දිසානායක හැර අනෙක් අය රට කරවූ හැටි ගැන අපි හොඳින් දනිමු. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඇමැතිකම්වලට පමණක් සීමා වූවෝ ය.

ඉහත කී සිවුදෙනාට අමතරව විකල්පයක් තිබේ නම්, හොඳය. එසේ ඇති බවක් නම් පෙනෙන්නේ නැත.

කෙසේ නමුත් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ය.

රට අද පත්ව ඇති තැනට නූපන් සියලු දෙනාත්, කුඩා අත දරුවන්, පොඩි දරුවන් හැර අන් සියලු දෙනාම වගකිව යුතු ය.

වත්මන් ආර්ථික අර්බුදය එක රැයින් ඇති වූවක් නොවේ.

මීට පෙර සිටි සියලු දෙනා අර්බුදවලට පැලැස්තර ඇලවූහ. වත්මන් ආණ්ඩුව තම උද්ධච්ඡ, අහංකාරත්වය සහ මමත්වය නිසා ප්‍රශ්නය තේරුම් නොගත්තේ ය. අඩු ගණනේ පැලැස්තර ඇලෙව්වේ ද නැත. එහෙයින් වසර ගණනාවක් තිස්සේ උඩ යමින් පහළ යමින් තිබූ අර්බුද ගණනාවක් උග්‍ර අතට හැරිණි.

මේ මොහොතේ විරෝධතා වැදගත් වන්නේ හෙයිනි. ආණ්ඩුවට, ජනාධිපතිවරයාට බල කර ඔවුන් ලවා නිවැරැදි කරවා ගැනීම ය.

ජනතා විරෝධය ද නොසලකා හැර තවදුරටත් සිය උද්ධච්ඡ, අහංකාර, අමනෝඥ සහ අදූරදර්ශ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම්, ඔවුන්ට ඔවුන් අදහන දෙවියන්ගේ ම පිහිට යි.



ඡායාරූපය - රොයිටර්ස්

Monday, October 4, 2021

පුරවැසියන් ලෙස අපට වුවමනාවක් තිබේ ද ?

 

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ශිෂ්ට සම්පන්න සමාජයක්, විනිවිදභාවය, සාමය, වගවීම, නීතියේ ආධිපත්‍යය, යුක්තිය සාධාරණත්වය අවශ්‍ය වන්නේ කාට ද ?

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැතිනම් අපි මොනවා කරත් වැඩක් නැහැ. මේ ආකාරයේ අර්ථය දෙන ප්‍රකාශයක් බිමල් රත්නායක මහතා මෑතකදී ප්‍රකාශ කළා.

මේ වෙද්දි අපේ රටේත් ලෝකයේත් ප්‍රධානම මාතෘකාවලින් එකක් බවට පත්ව ඇත්තේ පැන්ඩෝරා පේපර්ස් නැතිනම් පැන්ඩෝරා පත්‍රිකා.

මේ ආකාරයේ දත්ත අනාවරණ ලෝකය තුළ දිගින් දිගටම සිද්ධ වුණා.

පසුගිය දශකයක කාලයේ දී පැනමා පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා වගේ වුවමනාවටත් වඩා උදාහරණ මේ සම්බන්ධයෙන් තිබෙනවා.

සෑම පුරවැසියකුටම, සෑම රාජ්‍ය නිලධාරියකුටම, සෑම මනුෂ්‍යයකුටම ඔහුටම/ඇයටම පැවැරුණු වගකීම් තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් ගත්තත් එහෙමයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් විවේචන අඩුවක් නැතිව තිබෙනවා.

අඩුවැඩියෙන් ලියන්නාත් ඇතුළත් මේ මාධ්‍ය නැතිනම් ජනමාධ්‍ය සම්බන්ධයෙන් වැරැදි, විවේචන, අශිෂ්ට. ආචාරධාර්මික නොවන, ආදී වශයෙන් ප්‍රශ්න අර්බුද රැසක් තිබෙනවා.

මේ මොනයම් අර්බුදය මධ්‍යයේ වුවද මේ රටේ මාධ්‍ය, මාධ්‍යවේදීන්, ආචාරධාර්මිකව හෝ ඒ නොමැතිව හෝ දේශපාලන අභිලාෂ වුවමනා එපාකම් වුවමනා හෝ යනාදිය වෙනුවෙන් වංචා දූෂණ අනාවරණය කර තිබෙනවා.

ඇතැම් මාධ්‍යවේදීන් සිය මාධ්‍ය ජීවිත කාලය තුළම වැරැදි වංචා දූෂණ අනාවරණය කර හෙළිදරවු කර තිබෙනවා.

ඇතැම් මාධ්‍යවේදීන් තම දේශපාලන පක්ෂපාතීත්වය නිසා හෝ අභිලාෂ, වුවමනා එපාකම් හෝ නිසා අනෙක් පාර්ශවයේ, විරුද්ධ පාර්ශවවල වංචා දූෂණ අකටයුතුකම් අනාවරණය කර තිබෙනවා.

මේ ආකාරයෙන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද ‘කවුද හොඳම කළේ ?’ ආකාරයේ විශ්ලේෂණයක් කරන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම මහජන අභිලාෂය කියන මුල් සහ පිරිසුදු අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුණින් කටයුතු කළේ කවුරුන් ද කියා වාද විවාද කිරීමේ හැකියාව තිබෙනවා.

කොහොම නමුත් පුරවැසියන්ට වුවමනාවක් තිබෙනවා ද ?

රාජ්‍ය තාන්ත්‍රයට, නිලධාරී තන්ත්‍රයට, පාලන ව්‍යුහයට වුවමනාවක් තිබෙනවා ද ?

එය අප හමුවේ පමණක් නොව ලොව රටවල් බොහෝමයක් හමුවේ මේ මොහොතේ ඇති ප්‍රශ්නය යි.

විමර්ශන සිදු කිරීම, දඬුවම් දීම, නීතිය ක්‍රියාත්මක කිරීම, යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම මාධ්‍යවේදියාගේ වගකීමක් හෝ රාජකාරියක් නොවේ.

මේ තාක් කාලයක් මාධ්‍යවේදීන් හොඳින් හෝ නරකින් හෝ සිය වාර්තාකරණය කර තිබේ

පසුගිය කාලය මුළුල්ලේ මා මිත්‍ර මාධ්‍යවේදීන් ඇතුළුව මාධ්‍යවේදීන් රැසක් ජ්‍යෙෂ්ඨයන් ද ඇතුළුව වංචා, දූෂණ, අකටයුතුකම් ගැන අනාවරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් දුසිම් ගණනින් ලිපි පළ කර ඇත. ගවේෂණාත්මක ලිපි පළ කර ඇත.

එය පැන්ඩෝරා, පැනම හෝ පැරඩයිස් හෝ විශාල දත්ත අනාවරණ නොවෙන්නට පුළුවනි.

එහෙත් ඉන් පසුව සිදුව ඇත්තේ කුමක් ද ? අප යම් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ ද ?

අප ලෝකයක් ලෙස ශිෂ්ට සම්පන්න හෝ දැන් පවතින තත්ත්වයට පත්ව ඇත්තේ අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය.

අප අද යම් පමණින් හෝ නිදහස, සාධාරණත්වය, මානව හිමිකම් යනාදිය භුක්ති විඳින්නේ එකී අරගවල ප්‍රතිඵලයක් ලෙස ය.

එහෙත් විශේෂයෙන්ම පසුගිය දශකයක කාලයේ නීතිය ක්‍රියාත්මක නොවන ආකාරයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. වගවීම සහ විනිවිදභාවය ගිලිහෙමින් තිබෙන ආකාරය පෙනෙන්නට තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා ගැන අප ප්‍රශ්න කරන්නේ කාගේන් ද යන ගැටලුව තිබේ.

පසුගිය දශක දෙකක කාලයේ දී මහා පරිමාණ වංචා දූෂණ රැසක් මෙරට මාධ්‍යවේදීන් විසින් අනාවරණය කරනු ලැබ තිබේ.

ඇතැම් අවස්ථාවලදී දේශපාලනඥයන් ද ප්‍රසිද්ධ වේදිකාවල ඒ සම්බන්ධයෙන් අනාවරණ සිදු කර ඇත.

එහෙත් ඉන් පසු ඒ සම්බන්ධයෙන් සිදුව ඇත්තේ කුමක් ද ? මාධ්‍යවේදීන්, සිවිල් වැසියන්, තරුණ තරුණියන් ඝාතනය කිරීම්වල සිට සිදුව ඇති අපරාධ ගණන සුළු පටු නොවේ.

නිදහසින් පසු ගෙවී ගොස් ඇති කාලයේ දී සිදුව ඇත්තේ වංචා, අපරාධ, දූෂණ යනාදී සියල්ලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මෙකී වගවීමේ යාන්ත්‍රණයක් නොමැති වීමේ අඩුපාඩුවයි.

අයිතිකරුවන්, හිමිකරුවන්, පුද්ගලයන් නොමැති ඉඩම්, දේපළ, මුදල් ගැන අප පසුගිය කාලයේ දී කොතෙකුත් අසා ඇත.

අපරාධකරුවන් හෝ කිසිවකුත් නැති ඝාතන, පිපිරීම්, යනාදී සිදුවීම් ගැන අප පසුගිය කාලයේ අසා ඇත.

ඕනෑම ආකාරයක ප්‍රතිසංස්කරණයක් කිරීමට නම්, මානව හිමිකම් යනාදිය ස්ථාපිත කිරීමට නම්, ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අප අපේක්ෂා කරන ලක්ෂණ ආරක්ෂා ගැනීමට නම් දේශපාලන වුවමනාව (පොලිටිකල් විල් - Political will) තිබේදැයි අපි ප්‍රශ්න කරන්නෙමු.

එහෙත් අප අපගෙන් ද ප්‍රශ්න කළ යුතු ය. පුරවැසියන් ලෙස අපට එම වුවමනාව තිබේ ද ?

Tuesday, November 8, 2016

දර්ශන රතුවිතානට පිළිතුරක්,




//මොහු සිතන ආකාරයට දුටු ගැමුනුද වීරයෙකු නොවේ.. එවන් ගොබ්බයින් මා කොතෙකුත් දැක ඇත.. යුද්ධයෙන් වීරයන් බිහි නොවේ යැයි මොහු පවසයි.. ඒ ඔහුගේ දැක්මය.. ඊරිසියාව කුහක කම විසින් ඔහුගේ සිත තවත් කෙනෙකුගේ වීරත්වය සැහැල්ලු ආකාරයට දැකීමට පොලඹවයි.. එහෙත් ඔහු යුද්ධය ඇති කාලයේ උතුර නොව වවුනියාවටවත් යාමට බියෙන් සිටි අයෙකු විය හැකියි.. එවිට යුධ වීරයෙකු ගැන කී විට ඔහුට තමන් ඒ කාලයේ සිටි බියගුලු ස්වභාවය මැවී පෙනෙන්නට ගනී.. එවිට ඔහු අන් අයගේ වීරත්වය සුලු කොට කතා කරමින් ඔහුද ඇතුලුව සියල්ලන් සමාන මනුශ්‍යයින් ලෙස දකී..
දෙවන සිදු වීමේදී, රාජ්‍ය ආරක්ෂක ලේකම් විසින් විශ්‍රාමික හමුදා සෙබලුන් හට රැකියා දීමකට සැරසේ.. හමුදා සෙබලුන් විරුද්ධ වෙයි.. ඇයි ඒ.. පුද්ගලික අංශයේ රැකියා නිසාද? නැත. ඔබ හිතා මතා අමතක කරන දෙයක් වෙයි.. එනම් ඒ පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියා නොව , ආරක්ෂක සේවයේ( සිකියුරිටි) රැකියාය. මෙය ලබා ගැනීමට රජය මැදිහත් විය යුතු නොවේ.. හමුදා විශ්‍රාමික කිවූ සැනින් සිකියුරිටි කොම්පැනි ඔවුන්ව බඳවා ගන්නේ ක්ෂනයෙනි.. රජය මැදිහත් වූ පසු ඔවුන් බලා පොරොත්තු වන්නේ වෙනත් රැකියායි.. පුද්ගලික අංශයේ වුවත්, ගබඩා පාලක/ ලිපිකරු .. ආදී නොයෙකුත් රැකියා කරන විශ්‍රාමික හමුදා සොල්දාදුවන් සිටී.. ඔවුන් බලාපොරොත්තු වන්නේ එවැනි රැකියා මිස පත්තරයක පසුපස පිටුවේ ඇති තරම් තිබෙන සිකුයුරිටි රැකියා නොවේ.. //


මට වඩා විස්සකින් වැඩිමල් දර්ශන මහතාට කරුණු කිහිපයක් මතක් කර දෙනු කැමැත්තfමි. වයසින් වැඩුණත් ඔබට ඒ බව අමතක ගොසිනි. තමන්ගේම් දේශපාලන මතයක් තිබෙන බව සඳහන් ඔබ වෙනත් අයෙක් වෙනත් මතයක් දැරූ ගොබ්බයන්, කුහකයන්, රීරිසියාව කුහකකම යැයි හඳුන්වයි.
ඔබ වීරත්වය කෙසේ අර්ථකතනය කරන්නේ ද ? යුද සාහිත්‍ය තුළ දුටු ගැමුණු රජු වීරයෙක් ලෙසින් හැඳින්වුවද, ඔබ තර්ක කරන ආකාරයට ඔහුට වඩා විරුවෝ මෙරට විසූහ. මහාවංශය මඟින් දුටුගැමුණු රජුට සුවිශේෂී තැනක් දෙමින්, ඔහු වීරත්වයට නංවයි. එහෙත් ඔබට අමතකව ගිය කරුණ, විදේශ පවා ආක්‍රාමණය කළ රජවරු මෙරට සිටි බවයි. කෙනකුට වීරයකු වන්නකු තවත් අයකුට වීරයකු නොවන්නට පුළුවනි. ඔබට වීරයා වන අයකු වෙනත් අයකු වීරයකු නොවන විට ඔබ ඔවුන් ගොබ්බයන් යැයි හඳුන්වයි. එය කෙබඳු මානසිකත්වයක් ද ?
මා කිසිඳු අවස්ථාවක කිසිවකුගේ වීරත්වය, හෝ වගකීම හෝ කාර්යභාරය හෑල්ලුවට ලක්කර නොමැත. ඔබ ලිපිය සම්පූර්ණයෙන් කියවා ඇත්දැයි ද මට සැකයක් නැගේ. යුද කළා හෝ නොකළ මගේ පළමු වීරයා මගේ අම්මාත් තාත්තාත්ය. ඉන්පසු ගුරුවරුය. ඒ අර්ථයෙන්, මෙන්ම මා පෙර ලිපියෙන් ද සඳහන් කළ පරිදි සියලු දෙනාටම පැවරුණු සුවිශේෂී වගකීම් හා කාර්යභාරය පවතියි. හමුදා සෙබළකු කරන කාර්යභාරය මට කරන්නට බැරිය. මා කරන කාර්යය හමුදා සෙබළකුට කරන්නට බැරිය. බොහෝ දේ දස්කම් දක්වන්නන් හැරෙන්නට එක් අයකුගේ කාර්යයක්, තවත් අයකුට කළ නොහැක. විශේෂඥයන් බිහි වන්නේ ද එබැවිනි. 
ඔබට නැවත නැවතත් මතක් කළ යුත්තකි. ගෝත්‍රිකත්වයේ සිට අද දක්වා ගමනේදී අපි යුද විරෝධී ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන තැනට පත්ව තිබේ. යුද සාහිත්‍යයත් යථාර්ථයක් පටලවා නොගන්න. එමෙන්ම එකිනෙකාගේ අවශ්‍යතා මත වීරයන් දුෂ්ඨයන් බිහි කරන රටක යථාර්ථය තේරුම් ගැනීමට උත්සහ කරන්න. යුද්ධය අවසන් කිරීමේදී පොලිසිය, ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශ සුවිශේෂී කාර්යයභාරයක් කළ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එය සමස්ත රටම පිළිගන්න සත්‍ය කරුණකි. එය අවිවාදිතය. 
විශ්‍රාමික හමුදා සෙබළු යනු විශ්‍රාම වැටුපක් දීමනාවක් ලබන පිරිසකි. එම පිරිස ආර්ථිකයට සම්බන්ධ කරගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් රැකියා දීමා අගය කළ යුත්තකි. එයින් ආර්ථිකයට යම් දායකත්වයක් ලැබෙයි. එය මුරකරු රැකියාවක් ද, කසල ශෝධක යන්න වැදගත් වන්නේ නැත. මාර්ග පිරිසුදු, ඉදිකිරීම් ආදී කටයුතුවලට හමුදාව යොදාගන්නා කාලයේ ඔය කතා කවුරුන් හෝ කීවා ද ?තමන් අකමැති වීම වෙනත් කරුණකි. එය පුද්ගලික කරුණකි. පත්තර පිටුපස ඇති සෙකියුරිටි රස්සාව කියමින්, පුද්ගලයන්ට අපහාස කරන්නේ ඔබ ද මම ද යන්න කියවන පිරිස තේරුම් ගනු ඇත. මට කසල ශෝධකයාත් වීරයෙකි. ඔවුන් කරන්නේ ද ගෞරවාන්විත රැකියාවකි. 

හර්ෂණ තුෂාර සිල්වා
08.11.16

http://htsilva.blogspot.com/2016/11/blog-post_7.html?spref=tw

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive