ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ශිෂ්ට සම්පන්න
සමාජයක්, විනිවිදභාවය, සාමය, වගවීම, නීතියේ ආධිපත්‍යය, යුක්තිය සාධාරණත්වය අවශ්‍ය
වන්නේ කාට ද ?
ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැතිනම් අපි මොනවා කරත්
වැඩක් නැහැ. මේ ආකාරයේ අර්ථය දෙන ප්‍රකාශයක් බිමල් රත්නායක මහතා මෑතකදී ප්‍රකාශ
කළා.
මේ වෙද්දි අපේ රටේත් ලෝකයේත් ප්‍රධානම මාතෘකාවලින් එකක්
බවට පත්ව ඇත්තේ පැන්ඩෝරා පේපර්ස් නැතිනම් පැන්ඩෝරා පත්‍රිකා.
මේ ආකාරයේ දත්ත අනාවරණ ලෝකය තුළ දිගින් දිගටම සිද්ධ
වුණා.
පසුගිය දශකයක කාලයේ දී පැනමා පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා
වගේ වුවමනාවටත් වඩා උදාහරණ මේ සම්බන්ධයෙන් තිබෙනවා.
සෑම පුරවැසියකුටම, සෑම රාජ්‍ය නිලධාරියකුටම, සෑම මනුෂ්‍යයකුටම
ඔහුටම/ඇයටම පැවැරුණු වගකීම් තිබෙනවා.
ජනමාධ්‍යවේදීන් ගත්තත් එහෙමයි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් විවේචන අඩුවක් නැතිව
තිබෙනවා.
අඩුවැඩියෙන් ලියන්නාත් ඇතුළත් මේ මාධ්‍ය නැතිනම් ජනමාධ්‍ය
සම්බන්ධයෙන් වැරැදි, විවේචන, අශිෂ්ට. ආචාරධාර්මික නොවන, ආදී වශයෙන් ප්‍රශ්න අර්බුද
රැසක් තිබෙනවා.
මේ මොනයම් අර්බුදය මධ්‍යයේ වුවද මේ රටේ මාධ්‍ය, මාධ්‍යවේදීන්,
ආචාරධාර්මිකව හෝ ඒ නොමැතිව හෝ දේශපාලන අභිලාෂ වුවමනා එපාකම් වුවමනා හෝ යනාදිය
වෙනුවෙන් වංචා දූෂණ අනාවරණය කර තිබෙනවා.
ඇතැම් මාධ්‍යවේදීන් සිය මාධ්‍ය ජීවිත කාලය තුළම වැරැදි
වංචා දූෂණ අනාවරණය කර හෙළිදරවු කර තිබෙනවා.
ඇතැම් මාධ්‍යවේදීන් තම දේශපාලන පක්ෂපාතීත්වය නිසා හෝ
අභිලාෂ, වුවමනා එපාකම් හෝ නිසා අනෙක් පාර්ශවයේ, විරුද්ධ පාර්ශවවල වංචා දූෂණ
අකටයුතුකම් අනාවරණය කර තිබෙනවා.
මේ ආකාරයෙන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද ‘කවුද හොඳම කළේ ?’
ආකාරයේ විශ්ලේෂණයක් කරන්න හැකියාව තිබෙනවා.
ඒ වගේම මහජන අභිලාෂය කියන මුල් සහ පිරිසුදු අරමුණ සාක්ෂාත්
කරගැනීමේ අරමුණින් කටයුතු කළේ කවුරුන් ද කියා වාද විවාද කිරීමේ හැකියාව තිබෙනවා.
කොහොම නමුත් පුරවැසියන්ට වුවමනාවක් තිබෙනවා ද ?
රාජ්‍ය තාන්ත්‍රයට, නිලධාරී තන්ත්‍රයට, පාලන ව්‍යුහයට
වුවමනාවක් තිබෙනවා ද ?
එය අප හමුවේ පමණක් නොව ලොව රටවල් බොහෝමයක් හමුවේ මේ මොහොතේ
ඇති ප්‍රශ්නය යි.
විමර්ශන සිදු කිරීම, දඬුවම් දීම, නීතිය ක්‍රියාත්මක
කිරීම, යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම මාධ්‍යවේදියාගේ වගකීමක් හෝ රාජකාරියක් නොවේ.
මේ තාක් කාලයක් මාධ්‍යවේදීන් හොඳින් හෝ නරකින් හෝ සිය
වාර්තාකරණය කර තිබේ
පසුගිය කාලය මුළුල්ලේ මා මිත්‍ර මාධ්‍යවේදීන් ඇතුළුව
මාධ්‍යවේදීන් රැසක් ජ්‍යෙෂ්ඨයන් ද ඇතුළුව වංචා, දූෂණ, අකටයුතුකම් ගැන අනාවරණය කර
ඇත.
ඒ සම්බන්ධයෙන් දුසිම් ගණනින් ලිපි පළ කර ඇත. ගවේෂණාත්මක
ලිපි පළ කර ඇත.
එය පැන්ඩෝරා, පැනම හෝ පැරඩයිස් හෝ විශාල දත්ත අනාවරණ
නොවෙන්නට පුළුවනි.
එහෙත් ඉන් පසුව සිදුව ඇත්තේ කුමක් ද ? අප යම් ප්‍රගතියක්
අත්පත් කරගෙන තිබේ ද ?
අප ලෝකයක් ලෙස ශිෂ්ට සම්පන්න හෝ දැන් පවතින තත්ත්වයට
පත්ව ඇත්තේ අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය.
අප අද යම් පමණින් හෝ නිදහස, සාධාරණත්වය, මානව හිමිකම්
යනාදිය භුක්ති විඳින්නේ එකී අරගවල ප්‍රතිඵලයක් ලෙස ය.
එහෙත් විශේෂයෙන්ම පසුගිය දශකයක කාලයේ නීතිය ක්‍රියාත්මක
නොවන ආකාරයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. වගවීම සහ විනිවිදභාවය ගිලිහෙමින් තිබෙන
ආකාරය පෙනෙන්නට තිබේ.
පැන්ඩෝරා පත්‍රිකා ගැන අප ප්‍රශ්න කරන්නේ කාගේන් ද යන
ගැටලුව තිබේ.
පසුගිය දශක දෙකක කාලයේ දී මහා පරිමාණ වංචා දූෂණ
රැසක් මෙරට මාධ්‍යවේදීන් විසින් අනාවරණය කරනු ලැබ තිබේ.
ඇතැම් අවස්ථාවලදී දේශපාලනඥයන් ද ප්‍රසිද්ධ වේදිකාවල ඒ
සම්බන්ධයෙන් අනාවරණ සිදු කර ඇත.
එහෙත් ඉන් පසු ඒ සම්බන්ධයෙන් සිදුව ඇත්තේ කුමක් ද ? මාධ්‍යවේදීන්,
සිවිල් වැසියන්, තරුණ තරුණියන් ඝාතනය කිරීම්වල සිට සිදුව ඇති අපරාධ ගණන සුළු පටු
නොවේ.
නිදහසින් පසු ගෙවී ගොස් ඇති කාලයේ දී සිදුව ඇත්තේ වංචා,
අපරාධ, දූෂණ යනාදී සියල්ලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මෙකී වගවීමේ යාන්ත්‍රණයක්
නොමැති වීමේ අඩුපාඩුවයි.
අයිතිකරුවන්, හිමිකරුවන්, පුද්ගලයන් නොමැති ඉඩම්, දේපළ,
මුදල් ගැන අප පසුගිය කාලයේ දී කොතෙකුත් අසා ඇත.
අපරාධකරුවන් හෝ කිසිවකුත් නැති ඝාතන, පිපිරීම්, යනාදී
සිදුවීම් ගැන අප පසුගිය කාලයේ අසා ඇත.
ඕනෑම ආකාරයක
ප්‍රතිසංස්කරණයක් කිරීමට නම්, මානව හිමිකම් යනාදිය ස්ථාපිත කිරීමට නම්, ශිෂ්ට
සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අප අපේක්ෂා කරන ලක්ෂණ ආරක්ෂා ගැනීමට නම් දේශපාලන
වුවමනාව (පොලිටිකල් විල් - Political will) තිබේදැයි අපි ප්‍රශ්න කරන්නෙමු.
එහෙත් අප
අපගෙන් ද ප්‍රශ්න කළ යුතු ය. පුරවැසියන් ලෙස අපට එම වුවමනාව තිබේ ද ?
No comments:
Post a Comment