Friday, June 26, 2015

මැතිවරණ කැලැන්ඩරය

නොඉවසිල්ලෙන් බලා සිටි දෙය දැන් සිදු වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන අගෝස්තු 17 වැනිදා පැවැත්වෙනු ඇත. ඒ ද රටේ අනාගත පරම්පරාව වන දරුවන්ට හානි දායක අයුරිනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පාලන කාලයේදී මැතිවරණ යෙදුණේම අගෝස්තූ උසස් පෙළ විභාගයත්, දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයත්, කි‍්‍රකට් තරග පැවැත්වෙන කාලවකවානුත් ඉලක්ක කරගනිමිනි. විභාගයක් පැවැත්වෙන කාලසීමාවක මැතිවරණයක් පැවැත්වෙන අවසන් අවස්ථාව මෙය විය යුතුය. ඒ සඳහා රටේ සිසු පරම්පරාව හා තරුණ පරම්පරාවන වන අප ද වැඩිහිටියෝ ද හඬනගන්නේ නම්, රටටත් අපටත් අපේ බාල පරම්පරාවටත් හොඳය.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive