Tuesday, June 2, 2015

ජනපති මෛතී‍්‍ර රැුක ගත යුතුව ඇත

මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ රැුකගැනීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයා රැුකගැනීමේ අවශ්‍යතාවක් ඇත. ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂගේ පාලන සමය නිම කරන්නට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂයා ලෙස ඉදිරිපත්වන්නේ, ඔහු කියන ආකාරයෙන් යම් හෙයකින් ජනපතිවරණයෙන් පරාජය වූවා නම්, අඩි 8ක් යට ඉන්නට සිදුවෙන බව දැන දැනමය. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජයග‍්‍රහණය කළේ නම්, වත්මන් ජනපතිවරයාට පමණක් නොව බොහෝ දෙනකුට, පොළොව යට හෝ ඉන්නට නොලැබෙන්නට ඉඩ තිබුණි. ජනවාරි 8 වැනිදායින් පසුව අද වන තෙක් ද, මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණ කෙරුණු අතර, තවමත් නොයෙක් ආකාරයේ කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක වෙමින් පවතියි. ජනපතිවරණ සමයේදී , බත්දුන් පියා, අධ්‍යාපනයේ පියා ආදී ලෙස, මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට ද එක්තරා ආකාරයක පියකු වීමේ අවස්ථාව ඇතැයි මම මේ ආකාරයෙන්ම සටහනක් තැබුවෙමි. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා කතාවෙන්ම මෙන්ම කි‍්‍රයාවෙන්ද අද වනවිට බොහෝ දේ ඉටු කර ඇත. ඒ ඔහුට පක්ෂයේ බලය, පාර්ලිමේන්තුවේ බහුතරයක් ද නොමැතිවය. කෙසේ වෙතත්, තවම ගත වී ඇත්තේ මාස හතරකට ආසන්න කාලයක් පමණි. අප පෘථග්ජනයන් වන බැවින්, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා ද වෙනස් වන්නට පුළුවනි. එසේ නොවනතාක් කාල් ඔහු රටට යමක් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ සම්බන්ධයෙන් මා සමඟ ප‍්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨයන්, විද්වතුන් එකඟ වනු ඇතැයි විශ්වාස කරමි. තවමත් අප සිටිනුයේ සංක‍්‍රාන්ති සමයකය. හැකි මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලූත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය මෛතී‍්‍රපාල ජනපතිතුමන්ට, රටට, රටේ ආර්ථිකය ජනජීවිතයට බෙහෙවින් වැදගත්ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ගෝල බාලයෝ හිටපු ජනපතිවරයා අගමැතිවුවහොත් කිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳව මේ දිනවල ප‍්‍රකාශ කරමින් විඳී වල සැරි සරමින්  සිටිති. එසේ කරන්නට ඉඩ දෙනවාද, නැතිනම් අලූත් ආණ්ඩුවක් පත්කරගෙන, වත්මන් ජනපතිවරයා සමඟ ඉදිරියට යන්නේ දැයි අප සිතා බැලිය යුතුය. මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා සර්ව සම්පූර්ණ පුද්ගලයකු නොවන බවත්, ඔහු වැරැුදි කර ඇති බවත්, ඉදිරියේදී වැරැුදි කරනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. එය මනුෂ්‍ය ස්වභාවයයි. ඔහු අතින් සිදුවන වැරැුදි ප‍්‍රමාණය අවම කිරිමට අප මැදිහත් විය යුතු අතර, වත්මනේ සිටි අවම වැරැුදි ප‍්‍රමාණයකින් හෙබි ජනපතිවරයා ඔහු යැයිද මම විශ්වාස කරමි. එහෙයින් ඔහු ආරක්ෂා කරගැනීමටත්, රටක් වශයෙන් ඉදිරියට යෑමටත් මෙරට ජනතාව පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කරමි. නුගේගොඩ කල්ලිය විසින් ලක්ෂ 58 හා ලක්ෂ 62 වශයෙන් භේද බින්න කළ මෙරට ජනතාවගේ ජනපතිවරයා , මෛති‍්‍රපාල සිරිසේන ජනපතිවරයාය. එක් එක් පුද්ගලයාගේ අවස්ථාවාදී කම් වෙනුවෙන් කුළල් කා ගන්නවාද, දේශපාලකයන් වැරැුදි කරන විට ඊටත් විරුද්ධව කටයුතු කිරීමටත්, යහපත් කරන විට අවම වැරැුදි ප‍්‍රමාණයකින් එය අවසන් කරන්නටත් අප කටයුතු කළ යුතුව. ඉදිරි මාස කිහිපයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එහිදි දූෂිතයන් ගෙදර යැවීමටත් අවම වැරැුදි ප‍්‍රමාණයකින් යුත් හා බුද්ධිමතුන් පාර්ලිමේන්තුව යැවීමටත් අප කටයුතු කළ යුතුව ඇති අතර එසේ නොවතාක් කල්, අප රටක් වශයෙන් ආපස්සට යනවා හැරෙන්නට අන් යමක් සිදු නොවනු ඇත.


http://www.w3lanka.com/2015/06/blog-post_98.html?spref=fb

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive