Monday, August 17, 2015

ගාල්ල නමින් මුල් වරට ආසනයක් ඇතිවන්නේ, 1931 පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාශය වෙන්කරන විටදීය. වැඩි ඡුන්ද 6640ක පහසු ජයග‍්‍රහණයක් ලැබූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ගාල්ල ආසනයේ මුල්ම මහජන මන්තී‍්‍රවරයාය. කේවල කොට්ඨාශ පාර්ලිමේන්තු නියෝජන ක‍්‍රමය පැවැති අවුරුදු 42න් 40ක්ම ගාල්ල අසුන නියෝජනය කර මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබා ඇත්තේ විජයානන්ද දහනායක මහතාය. හෙතෙම 47,52 ල.ස.ස.ප යෙනද් 56 දී ම.එ.පෙ න්ද 60 ජූලි, 65 ල.ප‍්‍ර.ප සහ 70 එ.ජා.ප යෙන්ද තරගකොට මේ අසුන දිනාගත්තේය. මේ දක්වා ගාල්ල ආසනයේ දැනට පවත්වා ඇති සමස්ත මැතිවරණ 28න් එ.ජා.ප ය 14ක් ද පො.එ.පෙ/එ.ජ.නි.ස 08 ක්ද, ල.ස.ස.ප., ල.ප‍්‍ර,ප හා ම.එ.පෙ. ජයග‍්‍රහණය කර තිබූ අතර එම අවස්ථා පහේදීම විජයානන්ද දහනායක මහතාය. එස්.ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ විජයානන්ද දහනායක මහතා චන්දි‍්‍රකා බණ්ඩාරනායක මහත්මියට පසු (94 අගෝස්තු 19 සිට නොවැම්බර් 12) හැරුණු විට කෙටිම කලක් අගමැතිධුරය දැරූ පුද්ගලයාද වෙයි.


උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive