Monday, August 17, 2015

දකුණු ලක ප‍්‍රගතිශීලි දේශපාලනයේ අනන්‍යතා සලකුණ මනාව පසක්කොට ඇති බෙලිඅත්ත ආසනය, ශ්‍රී ලංකාවේ 13 වැනි අගමැතිවරයා හා පස්වැනි විධායක ජනපතිවරයා බිහිකළ අසුනයි. පැරැුණි හම්බන්තොට අසුනට අයත්ව තිබූ එහි වඩාත් ජනාකීර්ණ කොටසින් 1946 වසරේ බිහි වූ මෙය හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දීර්ඝතම දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන අසුනද වෙයි. 47,52,56 හා 60 ජූලි මහ මැතිවරණ 4දීම බෙලිඅත්ත ආසනය ජයගෙන එහි ප‍්‍රථම මහජන නියෝජිතය වූයේ ඞී.ඒ. රාජපක්ෂ මහතාය. 47 එ.ජා.ප යෙන්ද 52 දී නිදහස් පක්ෂයෙන් ද, 56 දී ම.එ.පෙ න්ද වශයෙන් තරග කරමිනි. 51 බණ්ඩාරනායක මහතා සමඟ එජාප ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය රාජපක්ෂ මහතා පසුව නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමට ද පුරෝගාමී විය. බෙලිඅත්ත ආසනයේ මෙතෙක් පැවැති මැතිවරණ ගණන 28කි. ඉන් ජයග‍්‍රහණ 17ක් ශ්‍රී.ල.නි.ප/එ.ජා.නි.ස ටද 10ක් එජාපය දිනාගෙන ඇති අතර ඉන් 9ක් ලබාගෙන ඇත්තේ 60 සිට 93ක දක්වා කාලයේදීය. ඉකුත් බොහෝ මැතිවරණවලදී ජවිපෙ තංගල්ල හා තිස්සමහාරාම ආසනවලට පසු දිවයිනේ තුන්වැනි වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය ලබාගෙන ඇත්තේ බෙලිඅත්ත ආසනයෙනි. 82 ජනපතිවරණයේදී සියයට 13.08ක්, 83 අතුරු මැතිවරණයේදී සියයට 5.65ක්, 99පළාත් සභා මැතිවරණයේදී 20.26ක්, 99 ජනපතිවරණයේදී 11.58ක් 2000 මහ මැතිවරණයේදී සියයට 14.20ක් , 2001 මහ මැතිවරණයේදී 18.12ක් හා 09 පළාත් සභා මැතිවරණයේදී සියයට 11.11ක් වශයෙනි.

උපුටාගැනීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා ප‍්‍රතිඵල විශ්ලේෂණය
නීතිඥ කපිල මුණසිංහ

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive