Wednesday, August 12, 2015



"පෞද්ගලික විශ්ව විද්‍යාල එපා" යන කෑ ගැසීම විශ්ව විද්‍යාල සිසුන්ගේ කුහකත්වයේ ප්‍රකාශයකි.
:- Methmalie Dissanayake

මමත් නියම ක්‍රමවේදයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල පවතිනවට එකඟයි. මොකද ලිබරල් ධනවාදය inevitable නිසා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි.
ඔය එපා එපා ප්‍රකාශය සමාජවාදී ප්‍රකාශයක්. අද තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි මතවාදය එන්නේ ලිබරල් අධ්‍යාපනය යන ධනවාදය ස්ථාවර කරන ක්‍රමවේදයට එරෙහිව එන මාක්ස්වාදී ප්‍රතිපෝෂණයක් විදියට. මාක්ස් අධ්‍යාපන ක්‍රමවේදයක් ගැන විශේෂ යමක් ලියල නෑ. නමුත් පසුව ලුනචාර්ස්කි, ලක්සම්බර්ග්, ලෙනින්, කෘප්ස්කායා, අල්තූසර්, ග්‍රැම්ස්චි, ෆ්‍රෙයාරි වගේ අය මාක්ස්වාදී අධ්‍යාපන ක්‍රමයක් ගැන ගැඹුරට අධ්‍යනය කලා. 'පෞද්ගලික විශ්ව විද්‍යාල එපා' කියන සටන් පාඨයට එන්නේ ඔය වගේ දිගු චින්තන දහරාවක් දිගේ. ඕක නිකම් නිශ්මිට හරි විජේවීරට හරි සිගරට් එකක් ගගහ ඉද්දි නිකමට හිතුණ එකක් නෙවෙයි. නැත්නම් ජෙප්පන්ට බෝරිං උනා ම කොල්ලො පාරට දා ගන්න නටන මගඩියකුත් නෙවෙයි ඕක. ජන්දෙ ලං උනා ම ජෙප්පොයි කබ්බොයි කුරුට්ටොයි ඔක්කොම වැඩිපුර හයියෙන් ඕක කෑ ගහන එක ඇත්ත තමා. ඒත් ඔය ප්‍රකාශය හුදු දේශපාලන කඩේ යාමක ප්‍රකාශයක් නම් නැත්නම් කැම්පස් උන්ගෙ අභ්‍යන්තරය කුණු වීම නිසා පැන ආ කුහකකමක ප්‍රකාශයක් විතරක් නම් ඔය එපා මතවාදය මෙපමණ කල් පැවතුණේ කොහොම ද?
කතන්දරේ හොඳම හරිය මේක. සමානාත්මතාවය සහ සාධාරණත්වය උදෙසා restrictions පනවන්න කියල මාක්ස්වාදයේ කියවෙන්නෙ. ලංකාවේ මහා ඉඩම් හිමියන්ගෙ ඉඩම් ජනසතු වුණ එක, එතකොට කොච්චර සල්ලි තිබුණත් උසස්පෙළ සමත් වෙන්න බැරිනම් විශ්ව විද්‍යාලවලට යන්න බැරි වීම මේවා restrictions තමා, ධනපතින්ට එරෙහිව නැගෙන බාධක. මෙත්මලී උඹේ තර්කයෙන් බැලුවොත් අන්තිමට නාමල්ගෙ ඩිග්‍රි එක සාධාරණයි. මොකද උඹ ඔය restrictions එපා කියනවා. මහින්ද එලවන්න කතා කරල දැන් නිදහස සහ කැමැත්ත ගැනත් දැන් උඹ කතා කරනවා, එහෙනම් මහින්දට කැමැත්තක් කරගෙන ඉන්න දෙන්න තිබුණනේ? කෝ උඹේ අදහස්වල ඒකමිතිය ?
ඔය කියන විදියට මුළු මාක්ස්වාදය ම කාල් මාක්ස්ගෙ කුහකකම නිසා ලියවුණු එකක්. මාක්ස්වාදයේ අඩුපාඩු තියෙනවා, හැම වාදයක් ම වගේ පරිපූර්ණත්වය ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් මාක්ස්වාදය කියන්නේ කුහක ගස් බල්ලෙක් තමන්ගෙ කුහකකම පිරිමහගන්න ලියපු වෛරී සටහනක් නෙවෙයි.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive