Sunday, July 26, 2015

සන්ධානයට ඡුන්දය දෙන්නත් වෙත, විමල් වීරවංශත් බන්දුල ගුණවර්ධනත් අතරින් බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. එහෙයින් සන්ධානය වෙත ඡුන්දය දෙන්නන් වෙත කරන දැනුම් දීමකි. සුදෝ සුදු චරිත මෙරටත් ලොව කොතැනවත් නැත. අවශ්‍ය වන්නේ අවම වැරැුදිවලින් යුතු පිරිස් පාර්ලිමෙම්න්තුව නියෝජනය කිරීමයි. ලක්ෂ 58ත් ලක්ෂ 62ත් මේ රටේ ජනතාවය. මාධ්‍ය ආයතනයක සේවකයකු වශයෙන් ද පුරවැසියකු වශයෙන් මා ඔවුන් නියෝජනය කරන අතරම, මා ඉගෙනගත් නිදහස් අධ්‍යාපනයට ඒ සියල්ලගේම බදු මුදල් අයත්ය. සෑම විටම මා පවසන්නේ, දේශපාලකයන් වෙනුවෙන් අප කුළල් කා ගැනීම නොව විය යුත්තේ අප වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනිසීටිමයි. මනුස්සකම රැුකගැනීමයි.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive