Monday, December 8, 2014

කඬේ යෑම

අද ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙන්ම, ඉතිහාසයේද ඉතිහාස ගතවන දිනයකි. නීතිවිරෝධි යැයි කියන, තෙවරක් බැරි ඒකවරකුත් මෙම මැතිවරණයේ නාම යෝජනා ලබාදුන් දිනයයි. මැතිවරණ කොමසාරිස්වරයා කියවූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ඉන් මද වේලාවකට පසු කඩ වන අයුරු තමා සිටින තැනින් ඉවතට පැමිණියා නම්, දෑසින්ම දැක ගැනීම හොඳින් දෑස් පෙනෙන අයෙකුට නොහැකි වන්නට කිසිදු හේතුවක් නැත. මෙරට දේශපාලනයේ කඬේ යෑම, පිල් මාරුව, පක්ෂ මාරු කිරීම ආදියට පැහැදිලි නිර්වචනයක් ලබාදීම අතිශ්‍ය දුෂ්කර කි‍්‍රයාවකි. සාමාන්‍යයෙන් බලන කළ වැරැුදි කරද්දි ඊට අනුබල දීම කඬේ යාමක් ලෙස දැක්විය හැකි. වැරැුදි කරන්නට අනුබල දීමක් ලෙස දැක්විය හැක. කලාකරුවන් යනු පවතින ක‍්‍රමය සමඟ ගමන් කරන්නන් නොව, එහි වැරැුදි වැරැුදි ලෙසත්, නිවැරැුදි දෙය නිවැරැුදි ලෙසත් දකින් පවතින ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ එහෙත්, යෝග්‍ය හා වඩා පිරිසුදු ක‍්‍රමය සමඟ යන්නන් බව වරෙක ලෙනින් සඳහන් කළේය. එහෙත් මෙරට දේශපාලනයේදී නිවැරැුදි අවස්ථාවේ නිවරැුදි තීරණ ගන්නේ කවුදැයි තීරණය කිරීම සාමාන්‍ය ජනතාවට අතිශය දුෂ්කර කාර්යයකි. අධ්‍යාපන අයිතීන් නැති සැමට අධ්‍යාපනය නැති, තොරතුරු දැනගැනීමේ නිදහස අඩු රටවලින් අතරින් රටක් වන අපේ රටේ නිවැරැුදි තොරතුරු ජනතාවට ගලා යන්නේ අඩුවෙනි. එහෙයින් මෙරට සෑම පුරවැසියකුම අවශ්‍ය තොරතුරු දැනගෙනතැයි සිතීම එසේ සිතන්නා මුලාවට පත්කරන්නකි. අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම, සැමට අධ්‍යාපනය ලබාදීම, තොරතුරු දැනගනීමේ අයිතිය පක්ෂ පාට භේදයකින් තොරව සැමට තිබිය යුතුය. එය මහින්ද රාජපක්ෂ මහතා ජනපති ලෙස තේරි පත්වුණද, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති ලෙස තේරීපත්වුවද සිදුවිය යුත්තකි.
ශ්‍රේෂ්ඨ ඇල්බට් අයින්ස්ටයින් වරෙක මෙසේ පැවසීය.
”ලෝකය අතිශ්‍ය භයානක තැනක. ඒ මක්නිසාදයත්, නරක මිනිසුන් කරන වැඩ නිසා නොව, ඒ දෙස බලා කිසිවක් නොකර සිටින හොඳ මිනිසුන් නිසාය.”


කඬේ යෑමට හොඳම නිදසුනකි..උපුටාගැනීමකි..ජායාරූප උපුටාගැනීම පහත ලින්ක් එකට පිවිසෙන්න...
https://www.facebook.com/NewYorkerCartoons/photos/a.237223479636271.67874.155328717825748/896777640347515/?type=1

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive