Friday, December 12, 2014

ලංගම

අද කොළඹ දෙසට ලංගම බස් රැුසක් එනු දැකීම නුපුරුදු දසුනක් විය. සාමාන්‍යයෙන් එසේ ලංගම බස් පැමිණෙන්නේ නැත. මම සාමාන්‍යයෙන් කාර්යාලයට පැමිණෙද්දී ලංගම බස් රථවල පැමිණෙන්නේ නැත. මක්නිසාදයත්, ලංගම බස්රථ ගෑස්පහ හරහා යන බැවිනි. එසේ වූ විට මට 138 හෝ 101 බස් රථයකට ගොඩවීමට බොහෝ දුරක් පයින් ඇවිද යෑමට සිදුවේ. එහෙයින් මම කාර්යාලයට පැමිණෙද්දී ලංගම බස්රථවලට ගොඩවන්නේ නැත. එහෙත් කාර්යාලයට පැමිණීමට පෙර පෑලියගොඩට යෑමේ අවශ්‍යතාවයක් තිබූ හෙයින්, මම නිකමට පැමිණි ලංගම බස්රථයකට ගොඩවූයෙමි. එම බස්රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් එන්. ඒ 2939 අංකය දරන බස් රථයයි.  එය මාර්ග අංක 57 යනුවෙන් සඳහන් කර තිබිණි. සාමාන්‍යයෙන් දුර සේවා බස්රථවල මාර්ග අංකය ආදිය ස්ථීර ලෙස සඳහන් කර තිබුණද මෙම බස් රථයේ එය සඳහන් කර තිබුණේ තාවකාලික එකකි. දේශපාලන පිටිය කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කාලය ගත කරන හෙයින්, එක්වරම මට සිහියට නැගුණේ මෙය දේශපාලන රැුළියකට ජනතාව ගෙනගිය බස් රථයක් වන්නට ඇති බවයි. සියලූ සිදුවීම් ගලපා බැලූවිට එම බස් රථය දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙනගිය බස්රථයක් බව උපකල්පනය කළ හැක. එසේ නොවන්නට ද පුලූවන. කෙසේ වුවත් අනුරාධපුරයේ පැවැති ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැුස්වීමට ලංගම බස් රථ යොදාගත්  බව දැන් දැන් ආරංචි වේ. එය ද කමක් නැත. සංවේදි කරුණ බොහෝ ප‍්‍රදේශවල, පෞද්ගලික බස්රථ නොමැති ප‍්‍රදේශවල, ඇතුළුව, සාමාන්‍ය පෙළ සිසුනට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බස් රථ නොතිබූ බව වාර්තා වේ. මෙය සිදු නොවිය යුත්තකි. ශිෂ්‍යයකු වශයෙන් මෙය දැඩි ලෙස හෙළා දකිමි. අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. මෙරට දේශපාලකයන් රටේ අනාගතය වන දරුවන්ට කළ දේවල් ගැන පම්පෝරි ගසති. එවැනි පම්පෝරිවල තරම මෙවැනි සිදුවීම්වලින් මොනවට පැහැදිලි වෙයි. මෙවැනි කි‍්‍රයා ඉදිරියේදී සිදු නොවිය යුතුයි. කවුරු ජනපති වුවත් මෙවැනි දේවල් සිදුනොවිය යුතුයි. අපට අවශ්‍ය වනුයේ ප‍්‍රතිපත්තිමය වෙනසකි. බලාපොරොත්තු වූ පරිදි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටු නොවුණි. බලමු ඉදිරියේදී කුමක් වේවිද කියා. මා පෑලියගොඩට පැමිණි බස්රථය, දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙන ගියා නම්, එම බස්රථය සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින දරුවකුට පාසලකට යෑමට තිබූ එකම බස්රථය, එම දරුවා ගමන් ගන්නා මාර්ගයේ ධාවනය වන බස් රථය නොවේ යැයි කීමට හැක්කේ කාටද? බස්නාහිර පළාතේ ද එවැනි මාර්ග  ඕනෑ තරම් සොයා ගත හැකිය.


එම බස් රථය දේශපාලන රැුස්වීමකට ජනතාව ගෙන ගිය බවට උපකල්පනය කිරීමට හේතු.

1. බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් වීම.
2. දුර සේවා බස් රථයක් ලෙස ධාවනය වුවද, එවැනි බස් රථයක පෙන්විය නගරාන්තරවල නම් නොපෙන්වා තිබීම.
3. කොන්දොස්තර මහතා, පෑලියගොඩට අය කරන මුදල නොදැන සිටීම.
4. බස් රථයේ රියදුරු මහතා අසළ ඇඳුම් දැමු පොලිතින් බෑග් දෙකක් තිබීම,

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive