දේශපාලකයෝ ත‍්‍රස්තවාදයට උඩ ගෙඩ දෙති. අධ්‍යාපනය
වනසන්නට මැරයන් ත‍්‍රස්තවාදීන් යොදවති. ඒ ඔවුහූ අධ්‍යාපනයට බිය නිසාය.
බුද්ධිමතුන් බිහිවනවාට බිය නිසාය. පොත්පත්වලට බිය නිසාය. ලොව බොහෝ රටවල,
එසේ අවශ්‍ය නැත, මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය සුරක්ෂිත වී නැත. දරුවන්ට
අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් ලැබෙන්නේ නැත. පාසල් නොයන දරුවන් සංඛ්‍යාව අති
විශාලය. පාසල් වැසෙන ප‍්‍රමාණය වැඩිය. අධ්‍යාපනය කප්පාදු කරයි. බුදුරදුන්ට
බොහෝ දෙනා විරුද්ධ වූහ. කි‍්‍රස්තුස් වහන්සේට බොහෝ දෙනා විරුද්ධ වූහ,
මහම්මද්තුමාට බොහෝ දෙනා විරුද්ධ වූහ. මහත්මා ගාන්ධිට බොහෝ දෙනා විරුද්ධ
වූහ. මැන්ඩෙලාට බොහෝ දෙනා විරුද්ධ වූහ. මෙරට බිහි වූ අති පූජනීය
භික්ෂූන්වහන්සේලාට, ශ්‍රේෂ්ඨ පූජක උතුමන්වහන්සේලාට පිටරැුටියෝ විරුද්ධ වූහ,
තී‍්‍රමාට විතාරණට බොහෝ දෙනා විරුද්ධ වූහ, කයිලේෂ් සත්‍යාර්තීට බොහෝ දෙනා
විරුද්ධ වූහ. ඒ ඔවූහූ අධ්‍යාපනයට බිය නිසාය. අවසානයේ ඔවූහූ මලාලාට වෙඩි
තැබූහ. එතැනින් නොනැවැතුණ ඔවූහූ පාසල් දරුවෝ ඝාතනය කළහ. ඔවූහූ අප සොයා එති.
අධ්‍යාපන ඝාතකයෝ අප සොයා එති. ඔවූහූ අධ්‍යාපනයට බියය. එක්වෙන්න, සැමට
අධ්‍යාපනය ලබාගන්නට එක්වෙමු. එය ඔබාමාගේ දියණිවරුන්ගේ සිට අල් බැග්ඩෑඩි
දියණිවරුන්ට ද ලැබිය යුතුය. නාමල් රාජපක්ෂගේ සිට උතුරේ සිටින සෑම දරුවෙකුටම
ලැබිය යුතුය. එය මහා භාරතයේ කේරළයේ, තමිල්නාඩුවේ සිට ජම්මු කාශ්මීරයේ
සිටින දරුවන්ට ද ලැබිය යුතුය. පාකිස්තා ඇෆ්ගනිස්තාන ස්වාත් මිටියාවතේ
දරුවන්ට ද ලැබිය යුතුය. අපි‍්‍රකානු දරුවන්ට ද ලැබිය යුතුය. දරුවන්
සිටින්නේ කොහිද ඔවුන්ට අධ්‍යාපනය ලැබිය යුතුය.
Image Courtesy https://www.facebook.com/AFPnewsenglish
No comments:
Post a Comment