මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Tuesday, November 4, 2014
ආගම හා දර්ශනය
අන්නතාවදයආගම් ජනතාවට අබිං වැනිය (ආගම ජනතාවගේ අබිං ය *. අ කාල් මාක්ස් එසේ පැවසීය. බිං යන්න මත්වන්නට ගන්නකි. ඇත්තෙන්ම කිවහොත් වර්තමානයේ බොහෝ දෙනා ආගම් ලෙස හඳුනාගෙන ආගම් නොව මිත්‍යාවයි. එය බුදුදහම, ඉස්ලාම්දහම, කි‍්‍රස්තියානි දහම, හින්දුආගම ආදී එකි මෙකී නොකී සෑම ආගමකටය පොදුය. මට වැටහෙන දෙය නම් ආගම අන්තවාදයට මග පාදයි. ආගම් අදහන්නේ මනසින් බලා නොව දෙමාපියන්ගෙන් දායාද වීම, කෙනෙකුගෙන් මාර්ගයේ යෑම, ආදී කරුණු මතය. එනම්, මනසින් බලා හෝ වටහාගෙන නොව යන්නන් වාලේය. කොටින්ම කිවහොත් අන්ධ භක්තියයි. එහෙත් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස්ය. දර්ශනය යන්න කෙනෙකු හදාරයි. සත්‍ය වටහාගනී. මනසින් විචාළයි. තමා විසින්ම අවබෝධ කරගනී. මා වටහාගත් දෙය නම් එයයි. එය බෞද්ධ දර්ශනයට , ඉස්ලාම්, කිතු ආදී සියල්ලටම පොදු යැයි සිතමි. මෑතකදී කියවූ පොතක සඳහන් වූයේ, වර්තමානයේ බොහෝ දෙනා ඉස්ලාම් යනුවෙන් අදහන්නේ, වැරැුදි ඉගැන්වීම් බවය. එය ඉස්ලාම් දහමට පමණක් නොව සෑම ආගමකටම පොදු තත්ත්වයකි. ආගම්වලට පමණක් නොව සමාජයේ අප කරන කියන දේ ද ටද උරුම වී ඇත්තේ ඒ තත්ත්වයයි.
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment