දැන් අයවැය දීලා හැමෝටම හරි සතුටුයි. ඇත්තටම අපිටත් සතුටුයි..අපේ ගෙදර වගේම
ගොඩක් තැන්වල ප‍්‍රශ්න මම දැකලා තියෙනවා..රුපියල් දාහක් ගෙනිච්චාම ගේන්න
පුලූවන් දේවල්. දරුවෝ ඉන්න ගෙදරක අධ්‍යාපනයට කෑමට බීමට බෙහෙත් වලට කොච්චර
වියදම් වෙනවාද..අම්මලා කොහොමද ආර්ථික වියදම්, තියෙන ඔක්කොම එකතු කරලා ගැට
ගහගන්නේ කියන දේ..මනුස්සයෙකුට සාමාන්‍ය ලෙඩක් දුකක් ඇරුණාම වෙනත් ලෙඩක්
හැදුණොත්, ඒ පවුලම අන්ත අසරණ වෙනවා..බෙහෙත් වලට යන වියදමත් එක්ක..මොකද අපේ
නිදහස් සෞඛ්‍යයේ ප‍්‍රතිලාභවල හැටි එහෙමයි. පුංචි සැත්කමක්
කරන්න ගියත්, හැමදේම පිටින් ගේන්න ඕන...මේ රටේ එකෙක්වත් බඩගින්නේ
මැරෙන්නේ නැහැල්ලූ. දවසක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැ. අන්ත දුප්පත්
කෙනෙකුට වුනත් ඊළඟ දවස බඩ පුරවාගන්න ලැබෙනවා මොනවාහරි. අඩු ගානේ පේරා
ගෙඩියක් හරි කාල ඉන්න පුළුවන්... කොස් ගෙඩියක් තම්බාගෙන කාලා ඉන්න පිරිස්
ඕනෑ තරම් ඉන්නවා..නොකා නොබී කවුරුත් මේ දීපයේ මැරෙන්නේ නැහැ කියලා අපි
පුරසාරම් දෙඩුවට, එහෙම නොකා නොබී ඉන්න කොයිතරම් දුක්ක විඳිනවද...තමන්ගේ
දරුවන්ගේ බඩ පුරවන්න අම්මලා තාත්තාලා කොයි තරම් බඩ ගින්නේ ඉන්නවාද...කොළඹ
කොයිතරම් එහෙම පවුල් ඉන්නවද..අපිට හැමෝගෙම බඩවල් පුරවන්න බැහැ. බුදුන්
වහන්සේ වැඩියත්, කවුරු ආවත් හැමෝගෙම බඩවල් පුරවන්න බැහැ..ඒක ලෝක
ස්වභාවය..නමුත් එහෙම කුස ගින්නේ ඉන්න ප‍්‍රමාණය අඩු කරන්න අපිට
පුළුවන්...ඒක නිසා මතක් කළ යුතු දෙයක් වෙයි. ඒ බඩු මිල අඩුකිරීම යනු යහ
පාලනය නොවන බවත් එය එහි කොටසක් පමණක් බවත්ය. එහෙයින් පොරොන්දු වූ
ප‍්‍රතිසංස්කරණ ඉෂ්ඨ කළ යුතුයි. දින සියයෙන් කරගැනීමට අපට අවශ්‍යතාවයක්
නැහැ. අපට අවශ්‍ය වනුයේ නිවැරැුදිව, බුද්ධිමතුන්ගේ , සිවිල් සමාජයේ, උතුරු
දකුණු පළාත් දෙකේ ජනතාවගේ අදහස් විමසා ඉදිරිපත් කරන කල්පවත්නා, සමාජයට
වගකියන විනිවිදභාවයෙන් යුතු ප‍්‍රතිසංස්කරණය. කුසගින්නේ සිටින ප‍්‍රමාණය
අඩු කළ හැක්කේ ද එවැනි ප‍්‍රතිසංස්කරණවලිනි.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment