ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි. ශ්‍රී ලංකා වාසි අපට
පමණක් නොව, ලොව වටා සිටින සියලූ දෙනාටම අතිශය අසීරු දින කිහිපයක් විය. කොළඹ
මරදානේදී ඬේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකුය පහරදීමකින් ඇරඹුණු මෙම
සිදුවීම් දාමය අවසන් වූයේ අද සවස 4 කණිසමටය. එමෙන්ම අද දිනය ශ්‍රී ලාංකේය
මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතිහාස ගත දිනයකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත
වික‍්‍රමතුංග ඝාතනය කරන්නේ අද වැනි දිනයකය. බණ්ඩාරනායකයන්ගේ ඡුන්ම දිනය
යෙදී ඇත්තේද අද වැනි දිනකය. මීට වසර පහකට පෙර මෙවැනිම සිදුවීම් දාමයක ඇරඹෙන්නේ
ජනවාරි 6 වැනිදාවක සිරස ආයතනයට එල්ල කරන ප‍්‍රහාරයත් සමගය. එහෙයින් බලා
හිදිමු.ඊයේ දිනයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි චාර්ලි හෙබ්ඩෝ කාටුන්
සඟරාවේ මාධ්‍යවේදීන් ඝාතනය මුළු මහත් ලෝකයටම එල්ල වූ මරු පහරකි. පෑනකට
පෑනකින් පිළිතුරු දීමට නොහැකි වූ ඔවූහු අවසානයේ උණ්ඩු මඟින් පෑන නිහඬ
කිරීමට ගත් ලැජ්ජාගත උත්සහය නිහඬ මිනිසුන් රැුසක් අවදිකිරීමට හේතුවිය. ඉන්
අනතුරුව ආරම්භ වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය තීරාණාත්මක ජනපතිවරණයකි.
බොහෝ දෙනා මෙම ජනපතිවරණය හැඳින්වූයේ ශිෂ්ඨත්වයත් අෂිශ්ඨත්වයත් අතර සටනක්
ලෙසය. අවසානයේ නොසිතු විරූ ලෙස ඡුන්ද විමසීම් සාමකාමී ලෙස අවසන් විය. එහෙත්
තීරාණාතාත්මක කාලය එළැඹෙණු ඇත්තේ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟය.
විදෙස් පුවත් සේවා මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ අරලියගහ
මන්දිරය හා ස්ථාන කිහිපයක කිසිදු හේතුවක් නොමැතිව හමුදාව යොදවා ඇති බවය.
තවත් සමහර වාර්තාවලින් දැක්වුණේ ඔවුන් නිවැරැුදිව හමුදා සාමාජිකයන් ද යන්න
හඳුනාගැනීමටද නොහැකි බවය. නමුත් කිසිදු තොරතුරක් ස්ථීර නොමැති බවද සඳහන්
කරමු. අප බලා හිඳිමු. ඉල්ලීමට ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී ලෙස
කටයුතු කරන ලෙසය.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Thursday, January 8, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment