Tuesday, October 1, 2013

අද ලෝක ළමා දිනයයි.දරුවන්ට හොඳම දේ ලැබී තිබේ.ශිෂ්‍යත්ව ප්‍රතිඵල නම් වූ අපූරු ත්‍යාගය ඔවුන්ට ලැබී ඇත.අප දන්නා තරමින් නම් ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගයයි.ප්‍රතිඵල වලින් කුලප්පු වන අම්මලා දරුවන්ට වියදම් වූ මුදල් වල තරමට දරුවන්ට බැට දෙනු ඇත.ඒ අම්මලාගේ හැටිය.අම්මලා දුක් විඳිනුයේ දරුවන් යහපත් තැනකට යවන්නටය.වරද ඇත්තේ අම්මලාගේ කලබලයේ නොව අම්මලා කලබල වන ආකාරයෙන් උස් මහත් වී ඇති අධ්‍යාපන ක්‍රමයයි.2009 වසරේ සා/පෙ ප්‍රතිඵල ලැබුනේ ඡන්ද දිනයකය.2011 වසරේ උ/පෙ ප්‍රතිඵල ලැබුනේ නත්තල් දිනයේ්ය.අද ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළමා දිනයේදිය.අනාගතයේ දි දිගටම එසේ වන බව තතු පවසයි.ශිෂ්‍යත්ව අසමත් වන්නන් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙති. සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙන්නන් උසස් පෙළ අසමත් වෙති.පාසල් ජීවිතයම අසාර්ථක වන්නන් ඉදිරි ජීවිතය සාර්ථක කරගනී.ඊට උදාහරණ එමටය.මාර්ටින් වික්‍රමසිංහ,ස්ටීව් ජෝබ්ස්,ඇල්බට් අයින්ස්ටයින්..........ඌ ශිෂ්‍යත්වේ ෆේල් , ඕ ලෙවල් ෆේල් , ඒලෙවල් ෆේල් යන මානසිකත්වයෙන් අපි මිදෙමු.කවමදාවත් පාසල් නොගිය අයෙකු උපාධියක් ඇත්තෙකුට වඩා ශ්‍රේෂ්ඨයෙකු වන්නට පුළුවන.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive