Monday, December 28, 2015

 
අපි කාලයෙන් කාලයට විවිධ මාතෘකා අල්ලාගනිමු. ජුලම්පිටියේ අමරේ, සාරුවා සුනිල්, සල්මාන් ඛාන්ගේ සිට එන්රිකේ ද එරිකේ ද දක්වා විවිධ පුද්ගලයන් විවිධ සිදුවීම් අල්ලා ගනිමු. එහෙත් එතැනින් රට ගොඩනැගීමට හෝ රටේ සුබ සිද්ධියට හෝ යමක් එක් කරගන්නේ නැත. තරුණියක් ඇඳ සිටින තනපටයක් විසින කරන වීඩියෝවක් ඡුායාරූපයක් අප දුටුවේ නැත. එය විසි කරන්නේ තරුණයෙක් ද යන්න පවා අප නොදනි. එම සංගීත ප‍්‍රසංගය නැරැුඹීමට යන්නේ එක්තරා උප සංස්කෘතියකට අයත් පිරිසකි. තනපටය විසි කිරීම හෝ නොකිරීම ඒ උප සංස්කෘතියේ තුළ ඇතිවක් මිස රටේ සභ්‍යත්වය කෙලෙසන්නක් නොවන බව මතක් කළ යුතුය.

රටේ දහස් ගණනින් කුඩා දියණියන්, පිරිමි දරුවන් විනාශ වනවිට, දූෂණයට අපචාරයට, ලිංගික අඩත්තේට්ටම් කම්වලට ලක්වන විට, පාසල් නොයා බැල මෙහෙවර කම් කරන විට, බොහෝ දෙනාට ඒ බව අමතකව ඇති බව මතක් කළ යුතුය. රුපියල් 35,000ක් වැය කිරීම හෝ නොකිරීම ඒ අයිති පුද්ගලයා සතු ප‍්‍රශ්නයකි. මා උපයන මුදල් මා වැය කරන්නේ මගේ අවශ්‍යතාවයන්, රුචි අරුචිකම් මතය. එය දරුවන්ට පොත් පත් අරන් දීමට විය හැකිය, නැති බැරි අයෙකුට යමක් දීමට විය හැකිය. එසේත් නැතිනම්, කන්නට බොන්නට විය හැකිය. නයට් ක්ලබ් යන්නට විය හැකිය. මෛථුනයේ යෙදීමට විය හැකිය. මා උපයන මුදල් වැය කරන්නේ මගේ රුචි අරුචිකම් මතය. සංගීත දර්ශනයට පැමිණි පිරිස පැමිණියේ මගේ ඔබේ හෝ අපේ අම්මගේ අප්පච්චිගේ හෝ රටේ ආණ්ඩුවේ මුදලින් නොව ඔවුන්ගේ පෞද්ගලික මුදලිනි. එබැවින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් අප සතුව නැත. අදාළ තරුණිය එන්රිකේට හාද්දක් දෙන්නේ, ඇගේ දොතොලිනි. ඒ සම්බන්ධයෙන් ද අපට ගැටලූවක් නැත. ප‍්‍රශ්න ද පැන නොනැගිය යුතුය. හාද්දක් දීම අශීලාචාර නම්, මීනි මැරීම, මහා දවාලේ මංකොල්ල කෑම, ඩිෆෙන්ඩර්, සුදු වෑන්වලින් පැහැරගැනීම, ාඅදී වත්මන් යහපාලනයත්, පසුගිය රාජපක්ෂ පාලනයත් කළ කි‍්‍රයාකාරකම් ශිෂ්ට සම්පන්න ද නැද්ද යන්න කිව යුතුය, ප‍්‍රථමයෙන්. තනපටය කවුරුන් විසි කළ ද, එය මහා දෙයක් කර ගත යුත්තක් නොවිය යුතුය. එවැනි දේ, ඇමෙරිකාව, යුරෝපයේ සංස්කෘතියට නොව, මෙරට රාතී‍්‍ර සංස්කෘතියේ ද සුලබ කරුණක් බව යම්තාක් හෝ අවබෝධයක් ඇත්තෝ දන්නා බව කිව යුතුය. තනපටය උඩින් ආවා මිසක්, තරුණියක් දූෂණය වූයේ නැත. 

අපි තවමත් ලිංගික අධ්‍යාපනය අතින් සිටින්නේ පහතම අඩියේය. ලිංගිකත්වය සම්බන්ධයෙන් අපට ඇත්තේ හුදු කොදෙව් දූපත් මානසිකත්වයෙන් යුත් ආකල්පය. සෙක්ස් සොයා ගූ ගල්වලින් නොකඩවා අපි ප‍්‍රථම ස්ථානයට පැමිණි සිව්වැනි වසර මෙය විය යුතුය, මාගේ මතකය නිවැරැුදි නම්. ලිංගික වීඩියෝ සොයන්නේ නම් ඒ සඳහා ද ක‍්‍රමවේදයක් තිබෙන බව අපේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මව්පියන් මෙම කරුණු දූ දරුවන්ගෙන සඟවති. දරුවකු වැදීම අමු කුණුහරුපයක් කුඩා කළ සිටම දරුවන්ට උගන්වති. අම්මා ද තාත්තා ද දරුවන් ලොකු මහත් වනවිට එකිනෙකාගෙන් ඈත් වෙති. අප සපයන ආදර්ශය කුමක් ද. තරුණියක් තරුණයෙක් හාද්දක් දුන් විට එය අරුම කුණුහරුපයක් කියන අපේ සමාජය ඕවා මෙහේ බැහැ, ඇමෙරිකාවේ පුලූවන් යැයි කියති. එහෙව් පිරිස් බුකිය සිසරා සැරි සරති. ඇමෙරිකාවේ අයි ෆෝන්ය. සියල්ල එහේ ඒවාය. එහේ ඒවා පාවිච්චි කළ පමණින්, අපි ඒ සංස්කෘතිය මෙරට ගෙන ඒමේ හෝ ඊට අනුගත වීමේ හෝ නිතියක් නැත. එහෙත් අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුය. රටක් වශයෙන් අපි මීට වඩා ඉදිරියට යා යුතුය. සංස්කෘතියක් සභ්‍යත්වයක් තිබෙන බව හැබෑය. එහෙත් ඒවා ක‍්‍රමයෙන් වත්මන් සමාජය හා ගලපා ගත යුතුය. වර්තමානයට අනුගත විය යුතුය. යල්පැන ගිය ඒවායෙන් මිදී, අගනාකම් ආරක්ෂා කරගනිමින්, ඉදිරියට යා යුතුය. පරිණාමය විය යුතුය. වෙනස් විය යුතුය.

දේශපාලකයන් කාලයෙන් කාලයට අපට බයිට් සපයති. අපි හොඳමු. අනෙක් උන් මරා දමමින් බයිට් කන්නෙමු. ඒ අතරේ රටේ ප‍්‍රශ්න නිරන්තරයෙන් උග‍්‍ර අතට හැරෙන අතරේ අපිට නොදැනී අපේ පොකට්ටුව විදීමට ආණ්ඩුව කටයුතු කර ඇත. ඊළඟට එම දේශපාලකයෝ රටේ සම්පත් මංකොල්ල කමින්, ජාතික ධනය සූරා කමින්, රට තව තවත් ආගාධයට ඇද දමන්නෙමු. අපි බයිට් වෙමු. අනෙකාට ද කෙළවමු. ජාතිවාදය, අන්තවාදය වපුරමු. අන් මත නොඉවසන උන් කපා කටා මරා දමමු. අපට අවශ්‍ය ඇත්තේ එහෙව් සමාජයක් ද ?...
පරණ අවුරුද්ද අන්තිමට, සිංහ ලේ, බ‍්‍රා අලූත් අවුරුද්ද මුල්ම බයිට් එක...........................................................
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.28

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive