Thursday, December 3, 2015

වෛද්‍ය වෘත්තීය ලොව උතුම් වෘත්තීන් අතරින් එකක්ය යන්න පැවැසීමට මා කිසිසේකින් වත් පැකිළෙන්නේ නැත. අද එක් වෛද්‍යවරයෙක් පවසා සිටියේ ලක්ෂ දහයක් ලබාදීම පහත් කි‍්‍රයාවක් බවය. එසේ නම් මොන කිංගෙඩියක් ද යන්න ඇසිය යුතුය. වෛද්‍යවරුන් ඉගෙනුම ලබන්නේ මේ රටේ අහිංසක වැසියන්ගේ බදු මුදල්වලිනි. ඒ රජයේ පාසල්වලින් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවලිනි. ඒ සඳහා ඔවුන් අතින් යම් කිසි මුදලක් වැය වුවද වැඩි වශයෙන් ඔවුන් ලැබූ අධ්‍යාපනයේ වියදම බර පැන දරන්නේ මේ රටේ අහිංසක ජනතාවය. 

වෛද්‍යවරයකු දිනකට පෞද්ගලික රෝහල්වල තමා විසින්ම පවත්වාගෙන වෛද්‍ය සේවා සපයන ආයතනවලින් උපයන මුදල කෙතරම් ද යන්න අප කිසිවකු දන්නේ් නැත. ඒවා කිසිම විටක බදුවලට හසු වන්නේ ද නැත. එහෙව් පිරිස පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධය. රජයේ රෝහල්වල සේවය කර බෙහෙත් තුන්ඩුව ෆාමසියකින් ගන්නැයි කියන්නේ එහෙව් වෛද්‍යවරුය. කිසිදු හේතුවක් නැතිව පරීක්ෂණ සිදු කරන්න කියන්නේ එහෙව් වෛද්‍යවරුය. රජයක් විසින් රාජ්‍ය සේවකයන්ට යම් කිසි ප‍්‍රතිලාභයක් ලබා දිය යුතුය. එය කැපවීමෙන් සේවය කරන පිරිස යම් කිසි ආකාරයකින් ඇගයීමට පත් කළ යුතුය. එහෙත් වසර තුනකට වරක් වාහන බලපත‍්‍ර ලබාදීම කිසි සෙයකින් ම නිවැරැුදි යැයි කිව නොහැක. එය වෛද්‍යවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ සිට සියලූ රාජ්‍ය සේවකයන්ට අදාළය. ඔවුන්ගේ අහිංසක මිනිසුන්ගේ මුදලින් අධ්‍යාපනය ලබා, එම මුදල්වලින්ම වාහන ගැනීමට බලපත‍්‍ර ඉල්ලීම කෙතරම් සාධරණ ද යන්න සිතා බැලිය යුතුය.

වාහනවලට බදු ඉහළ බව වෙනමම කාරණයකි. අයිතීන් සුරක්ෂිත කරන්නැයි ඉල්ලන රාජ්‍ය සේවකයන් අහිංසක ජනතාවට නිසි ආකාරයෙන් සේවය සපයන්නේ ද යන්න ප‍්‍රථමයෙන් අවධාරණය කළ යුතුය. ජනතාවට නිසි සේවයක් සපයන්නේ නම් කිසිම අවස්ථාවක සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවයට දෙස් දෙවොල් තබන්නේ නැත. රජයේ ආයතනයකින් සේවය ලබාගන්නට මිනිසුන් විඳින අප‍්‍රමාණය. රජයේ රෝහල්වලට ගිය අහිංසක මිනිසුන් කුණු බැණුම් අසන්නේ වෘත්තීය ගෞරවය පවා හෑල්ලූවට ලක් කරමිනි. කෙතරම් බාධක තිබුණ ද නිසි ආකාරයෙන් සේවය සපයන වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට මෙම කරුණ අදාළ නැත. වෛද්‍යවරුන් පැමිණෙන තෙක් අලූයම් කාලයේ සිට දුක් විඳින රෝගීන් ප‍්‍රමාණය අති මහත්ය.
තමන් උගත් දෙයින් රජයේ හෝ පෞද්ගලික සේවය සැපයීමේ කිසිදු වරදක් නැත. එහෙත් තමන් ගත් දෙයට යමක් දීම සම්බන්ධයෙන් ශීලාචාර බවක් තිබිය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2015.12.03

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive