Wednesday, December 2, 2015

අයවැය වැඩි ඡුන්ද 107කින් සම්මත වී ඇත. රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැයේ මෙතෙකැයි කියන්නට තරම් අඩුපාඩු ඇත. යම් ප‍්‍රමාණයක් සංශෝධනයට ලක් වූ අතර තවත් බොහෝමයක් එසේ නොවී ඉතිරි විණි.
අයවැයේ තිබෙන බොහෝ කරුණුවලට, අයවැයේ යෝජනාවලට එකඟ නොවූ පිරිස් ඒවාට දැඩි සේ විරෝධය දකවන්නට විය. අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල ප්‍රෝඩාවක් බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේදී සංඛ්‍යාත්මක විජ්ජා සි¥ වූ බව පවසමින් මෙවර කරන ලද ඒවා යටි මඩි ගැසීම, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පිරිස නැවත බලයට ගෙන ඒමට අවස්ථාවක් ලබාදීමකි. අයවැය, ආණ්ඩුව, අගමැතිවරයා හා ජනපතිවරයා කිසිදු වගවිභාගයකින් තොරව විවේචනය කිරීමට දැන් අවස්ථාවක් ලැබී ඇති මුත්, එය කවදා කෙලෙස වාරණයට ලක් වේදැයි අපට කිව නොහැක. ලැබී ඇති නිදහස සියයට සියයකින් ලැබී නැති අතරම, පෙර එවැනි නිදහසද් නොති බූ බව පවසා, ප‍්‍රශ්න මඟහැර සිටීම වර්තමාන ආණ්ඩුවට ද ගෙදර යෑමට පාර කපා ගැනීමකි.
ජනවාරි 8 වැනිදා පටන් රට තුළ යහපත් වෙනස්කම් රැුසක් සිදු වූ අතර, තවමත් මෙම පාලනය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පාලනයට වඩා හොඳය. එය රාජපක්ෂ පාලනයට වඩා හොඳ බව පමණක් අප වටහාගත යුතුය.


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.22

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive