Sunday, December 27, 2015

 
2015.12.27

ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය
අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,


අශීලචාර සිදුවීම් යැයි ඔබ හඳුන්වන්නේ මොනවාද...කාන්තාවක උඩු කය නිරුවත්ව, මුතු මැණික් ද නානාප‍්‍රකාර විලාසිත ද සහිතව දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගිය බවක් අපි අසා ඇත්තෙමු. උඩු කය නිරුවත්ව ගැහැණු දරුවන් පාසල් ගිය කාලයක් ගැන අපි අසා ඇත්තෙමු. ජනපතිතුමනි, තනපට වසා ගැනීම මෙරට ආරම්භ වන්නේ කවාදැයි නොදනිමි. ජනපතිතුමනි, පියයුරු යනු අසභ්‍යක් නොව, දරුවන්ට කිරි දෙන අවයවය. මාතෘත්වයේ සංකේතයකි. ඔහුගේම ගීයක් විස්තර ධම්මික බණ්ඩාරයන් වරෙක කීවේ, සංසර්ගයේ යෙදෙන විටෙක මේ තනපුඩු දැඩි වන බවය, ඔහු විසින් රචිත හිම වී හිමාලයේ ගීතයේ එය මෙසේ වෙයි,
’’හදවත් නීල ජලාසේ, පිහිනන ඔය ස්වර්ණ හංසයෝ අකීකරු ද මෙතරම් රාධා’‘ ස්වර්ණ හංසයෝ, රාධාවගේ පයෝධර, ගල් ගැහිලා. හස්ත ස්පර්ශයට අකීකරුය, පයෝධරය, ‘‘ඉඩ දී දෙන්නට දඬුවම්, දෑස පියාගන්නම්’’. ජනපතිතුමා සිංදුව ඇහුවා නම් හොඳය, මක්නිසාද, ඔබතුමාද සාහිත්‍යයට ඇල්මක් දක්වන්නෙක් බව, ගත වූ කාලය පුරාවටම ගීත ගායනා කරමින් රටට ලොවට පෙන් වූ බැවින්, එය ඇසීම හොඳ යැයි සිතමි. කලාව, සාහිත්‍ය එකින් එකට වෙනස්ය. හාද්දක් දීම නිසා, තනපුඩුවක්, තන පටයක් විසි කිරීම අසංස්කෘතික නම්, අශිෂ්ඨ නම්, අවීනිත නම්, ඔබට සත්‍ය වශයෙන් එවැනි ආකාරයේ දේ මඟ හැරී ඇති බව මතක් කළ යුතු වෙමි.
තාත්තා අතින්, මාමාලා අතින්, අයියලා අතින්, අම්මා අතින් දූෂණයට ලක්වන දූ වරුන්, පුතුන් මේ මහා සිංහලේ කියන රටේ බොහෝය. ඇමෙරිකාවේ සංස්කෘතිය ගැන කියන්නට යන්නට පෙර අප ඒවා හදා ගත යුතුය. ඔබට අමතකව ඇති කරුණ, අපේ අම්මලා සෞදියේ, වහල් කමට යන බවය. ඔබට අමතකව ඇති කරුණ ඒ අම්මලා විවිද වද හිංසා වන බවය. ඔබට අමතකව ඇති කරුණකි, දෛනිකව අපේ රටේ ක-ුඩු විකුණන බව. මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට් නිසා දහස් ගණනින් දුක් විඳින දූ දරුවන්, දරු පවුල් ගැන ඔබට අමතකව ඇති හෙයකි. බස් රථවල, පාර තොටේ හිංසාවට පත්වන කාන්තාවන් ගැන ඔබට අමතකය, හරි හමං රස්සාවක් නැති තැන දරුවන්ට කන්න දෙන්න ඇඟ විකුණන අම්මලා ඔබට අමතකය, පුංචි මල් කැකුළු පොඩි කර පාටි දැමූවන් ඔබට අමතකය. තනපට විසි කිරීම, හාද්දක් දීම අශිෂ්ට නම්, ආදරය කිරීම සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම තහනම් කරන්නේ නම්, අමරදේවයන්ගේ සංගීත ප‍්‍රසංග ද තහනම් කළ යුතුය. මා අමරදේවයන් විරුද්ධවාදියකු සිතන්නේ නම්, ඔබ නිවැරැුදි කරනු කැමැත්තෙමි. කුඩා කල සිටම යම් හේතුවකට හෝ අහේතුවකට මගේ පි‍්‍රයතම ගායකයා අමරදේවයන් බව සිහිපත් කළ යුතුය. ඔබට මතක් කළ යුතු බොහෝ වන්නේය. ඒ තරම් දිගුවක් ලියන්නට කම්මැලිය.
ඔය කියන විදියේ සංගීත ප‍්‍රසංග නැවැත්තවීමට පෙර, ඔබේ ආණ්ඩුවට ගෙන එන්නට, යහපාලනය ගෙන එන්නට පාරට පැමිණි, ඔබේ හිතමිත‍්‍ර , දියණියක වන්, පාර්ලිමේන්තු මන්ති‍්‍රනි, හිරුණිකා රාජපක්ෂ මහත්මිය කලේ යහපාලනයට ගැලපෙන, ශිලාචාර, ශිෂ්ට සම්පන්න කි‍්‍රයාවක් ද, එසේ නොවේ නම්, ඒ සඳහා ගන්නා නීතිමය කි‍්‍රයාමාර්ගය කවරෙක් ද.

මීට
ශ්‍රී ලංකා පුරවැසි,
යහපාලනයක් ප‍්‍රාර්ථනා කරන
හර්ෂණ තුෂාර සිල්වා


පරිගණක ගත ලිපියක් බැවින් අත්සන් අනවශ්‍යයි....

පහත ඡුායාරූපයේ මුල් අයිතිය පිළිබද අවබෝධයක් නැත. පසුගිය දින කිහිපයේ සමාජජාල ප‍්‍රසිද්ධියට පත්ව තිබූවකි.. එමෙන්ම මෙය ඇමෙරිකාවේ, මහා බි‍්‍රතාන්‍යයේ නොව මෙරට ඡුායාරූපයකි...


No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive