Thursday, October 22, 2015

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත,

ඔබ ක්‍රෝධය දනවන ප‍්‍රකාශ අර්ථ ගන්වන්නේ කෙසේ ද?

ජාතිවාදය, වෛරය, ආගම්වාදය වපුරනවා යැයි අපට කිව හැකි බොහෝ දෑ සමාජජාල වෙබ් අඩවිවල පමණක් නොව ඉන් බාහිරවත් ඇති බව අප පිළිගත යුතුය. එහෙත් අප එලෙස පවසන වනවිට, එලෙස කරන්නන් ට දඬුවම් කිරීමට අප කි‍්‍රයාත්මක වූ විටෙක, ඔවුන්ගේ භාෂණයේ අයිතිය උල්ලංඝණය කරන බවට තර්ක කළ හැකිය. නීති මඟින් මේවා සර්ව සම්පූර්ණයෙන් සමනය කර ගත නොහැකි බව අදහසයි. ක්‍රෝධය, වෛරය, ජාතිවාදය, ආගම්වාදය, ආදිසි සමාජයේ යහපැවැත්මට අනිසි ලෙස බලපෑම් කරන දෑ නවතා දැමිය හැක්කේ නිසි අධ්‍යාපනයක් ඔස්සේ යැයි විශ්වාස කරමි. ආගම් ලෙසත්, ජාති ලෙසත් වෙන්වමින් කුඩා කල සිටම පාසල් යන අපි එම සංස්කෘතිය වෙනස් කළ යුතුය. බෞද්ධ පාසල්, මුස්ලිම් පාසල්, කි‍්‍රස්තියානි පාසල් යනුවෙන් දරුවෝ බෙදී වෙන් වෙති. පුද්ගලයකුගේ අදහස් ප‍්‍රකාශ කිරීම අයිතිය අහුරා දැමීමට නීති ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට යොමු වීමයි. යමකු හරි වැරැුදි ඔහුගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතිය තිබිය යුතුය. විය යුත්තේ එය නැවැතීමට හෝ වෛරය පතුරුවන හෝ අනිසි යමක් ප‍්‍රකාශ කළ විට එය නිවැරැුදි කීරිමට පියවර ගැනීමයි. යමකු කියන දෙයක් තාර්ක කර වටහාගැනීමට හැකි දරු පරපුරක්, තරුණ පරපුරක් ගොඩනැගීමය.

වෛරය, සමාජජාල අවභාවිතය, ක්‍රෝධය, ආදී දෑ පවසමින් ඒවා වැළැක්වීමට නීති ගෙන ඒමෙන් තම විරුද්ධ පාර්ශව මර්දනය කිරීමේ හැකියාව ද පාලන තන්ත‍්‍රයට හිමි වෙයි. එබැවින් නීති ගෙන එන්නේ නම්, ඒ සඳහා නිවැරැුදි අර්ථ කතන තිබිය යුතුය. අපේ නීති පද්ධතියේ බරපතළ හිඩැසක්ව ඇත්තේ මෙයයි. බොහෝ අර්ථකථනය කිරීමේ හැකියාවක් අපට නැත. ඉංගී‍්‍රසි බසින් නීති සැකැසීමත්, ඒවා පසුව සිංහලට පරිවර්තනය කිරීමේදී, එය නිසි පරිදි සිදු නොවීමත් ඊට එක් හේතුවක් ලෙස පෙන්වා දිය යුතුය.


හර්ෂණ තුෂාර සිල්වා
2015.10.25

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive