Tuesday, October 20, 2015

රටක වයස්ගත ජනගහනය වැඩිවීම ඒ රටට සමාජ හා ආර්ථිකමය බරක් ගෙන දෙන්නකි. යුරෝපයේ රටවල් බොහෝමයකුත් ආසියානු කලාපයේ රටවල් රැුසකුත් මේ තත්ත්වයට දැන් මුහුණ දෙමින් සිටියි. සංක‍්‍රමණික අර්බුදයේදී ජර්මනිය සංක‍්‍රමණිකයන් වැඩි ප‍්‍රමාණයකට අවස්ථාව දෙන්නේ ද ඔවුන්ගේ ශ‍්‍රම බලකාය අඩුවීමත්, රැුකියා අවස්ථා බොහෝමයක පුරප්පාඩු වැඩිවීමත් කරන කොටගෙනය. මෙම අර්බුදයට රටක් වශයෙන් අප ද දැන් මුහුණ දෙමින් සිටියි. රටක වැඩිහිටි ජන ගහනය ලෙස සාමාන්‍යයෙන් ලෙස සලකා බලන්නේ අවුරුදු 60ට වැඩි ජන කොටසය. වර්තමානයේ මෙරට ජනගහනයෙන් සියයට 12.4ක් වැඩිහිටි ජනගහන කොටසට වෙන්වෙයි. වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනට වන රටවල් අතරින් ද අපේ රට ඉදිරියෙන් සිටියි.

වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සෞඛ්‍ය සේවා සැපයීම්, රක්ෂණාවරණ, විශ‍්‍රාම වැටුප් යෝජන ක‍්‍රම ආදී බොහෝමයක් කෙරෙහි රජයටත් පෞද්ගලික අංශයටත් අවධානය යොමු කිරීමට සිදුවෙයි. 2014 වසරේ ජනගහන වාර්තා අනුව මෙරට වයස අවුරුදු 65ට වැඩි ජනගහනය සියයට 9කි. 2030 වනවිට එය දෙගුණයක් වනු ඇතැයි ද වසර 2041 වනවිට මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය සියයට 24.1ක් වනු ඇතැයි ද ජන හා නිවාස සංගණන වාර්තාව පෙන්වාදෙයි. මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට තුළ ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව අවධානය යොමු කර තිබේද නැද්ද යන්න සොයා බැලීම වැදගත් වෙයි. 

ඉදිරි දශක කීපයේදී මෙරට වැඩිහිටි ජනගහනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇත. ඒත් සමඟම ඇතිවන සෞඛ්‍ය සේවා පහසුකම් සැපැයීම්, විශ‍්‍රාම යෝජනා ක‍්‍රම, ආදී සියලූ දේ පිළිබඳ වත්මන් ආණ්ඩුව හෝ සතුව යම් දැක්මක් තිබේදැයි යන්න සොය බැලීම වැදගත් වෙයි. රටක් වශයෙන් අප තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයකය. ලොව අන් බොහොමයක් රටවල් ඉදිරි අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරියට යන අවස්ථාවක, මිලියන 2-0ක ජනතාවක් සිටින මුහුදින් වට වූ සුළු භූමි ප‍්‍රමාණයක සිටින අප තවමත් අවධානය යොමු කරන්නේ ප‍්‍රාථමික ප‍්‍රශ්න කෙරෙහිය. 

පසුගිය දිනෙක නිකුත් කෙරුණු ගෝලීය තරගකාරී නගර දර්ශකයේ දී කොළඹට හිමිවූයේ 102 වැනි ස්ථානයයි. 2025 වනවිට කොළඹ එහි 108 වැනි ස්ථානයට යනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. ඒ අනුව අපට පසුපසින් සිටින ඉන්දියාවේ චෙන්නයි,  ආදී බොහෝ නගර කොළඹ පසුකර ගෝලීය තරගකාරී නගර දර්ශකයේ ඉදිරියට යනු ඇතැයි කියැවේ. එය වත්මන් ආණ්ඩුවේ නගර සංවර්ධන ව්‍යාපෘති අභියෝගයකට ලක් කරන්නකි. වත්මන් ආණ්ඩුවත්, නගර සංවර්ධන සම්බන්ධ කටයුතුවල නිරත ව සිටින පාර්ශවයත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම්, දැනට කියැවී තිබෙන මෙම අනාවැකි බොරු බවට පත් කිරීමට හැකි වන්නේ නම් එය රටක් වශයෙන් අප ලබන ජයග‍්‍රාහණයකි.

හර්ෂණ තුෂාර සිල්වා
2015.10.20
 

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive