Tuesday, September 1, 2015

කොකාකෝලා සමාගම සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිවන්නේ, කැළණි ගඟ තෙල් එකතුවීමක් සම්බන්ධයෙන් කටකතාවක් පැතිර යාමත් සමඟය. කෙසේ නමුත් දැන් කොකෝකාල මිලදී නොගන්නැයිද, කොකාකෝලා සමාගම වසාදමන්නැයි සමාජජාලයේ දැඩි සටනක් ද දැන් ව්‍යාප්ත වෙමින් පවතියි. මීට කාලයකට පෙර පාසල්වල පැණිබීම අලෙවිය තහනම් කරමින් චක‍්‍රලේඛයක් අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අතර දැන් එය හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ ද යන්න පිළිබඳව මට ඒ හැටි අවබෝධයක් නැත. කැළණි ගඟය අපවිත‍්‍ර දෑ එකතු වීම තෙල් එකතුවීම පසෙකින් තබමු. එවැනි දෑ කොකාකෝලා සමගමෙන් පමණක් නොව, බොහෝ වෙනත් බහුජාතික සමාගම්වලට අයත් සමාගම්වලින්, ආයතනවලින්, හෝටල්වලින් කැළැණි ගඟට පමණක් නොව වෙනත් ජල මූලාශ‍්‍රවලට, මුහුදට ආදි වශයෙන් එකතුවෙයි. ඒ නිසා එම සිදුවීම බැහැර කර මෙය ලියමි. කොකාකෝලා ඇතුළුව බොහෝ පානවර්ගය මෙරට වෙළෙඳපොළේ ඇති බව මෙය ලියන මාත් කියවන ඔබත්, ඇතුළු සියලූ දෙනා දන්නා කරුණකි. මෙවැනි දෑ වලින් සිදුවන හානිය දැන දැනම අපි මේවා පානය කරමු. කෙසේ නමුත්, කුඩා දරුවන් මෙවායේන් ඈත් කරන්නට, ගුරුවරුන් නිහඬව කරන කාර්යභාරය අගය කිරිමේ මෙහිදි මා සඳහන් කරනුයේ, ඉතාමත් සතුටුනි. වෙළෙඳපොළේ ඇති මෙවැනි පානවර්ගවල ඇති අනිටු ප‍්‍රතිවිපාක ගැන මට කුඩා කාලයේ කියාදුන් ග-ුරුවරුන් කිහිපදෙනකුම වන මෙහිලා කිව යුතුය. අද වනවිට අප අතර කුඩා වැඩිමහල් සියල්ලෝම බොහෝ ලෙඩ රෝගවලින් පීඩා විඳින අතර ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ අප ගන්නා ආහාර හා පානවර්ගය. කොකාකෝලා වැනි සමාගම් තවදුරටත් අනාගතයේදීත් ඉදිවනු ඇත. කොකාකෝලා සමාගමෙන් රටට ලැබෙන බදු ආදායම නිසාම, රජය ඒ ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඡුන්දයට, අවුරුද්දට හෝ වෙසක් පෝයට බාර් වසන්නැයි කී විට, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ම බාර් ඉක්මනින්ම විවෘත කරන්නැයි මැසිවිලි නගන බව කීවේ මා දන්නා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. රටට බොහොමයක් බදු ආදායම් ලැබනේනේ මෙවැනි බහුජාතික සමාගම් ඇතුළු රටේ ජනතාවට වින කරන ආකාරවලිනි. එහෙයින් රටක් වශයෙන් අපට ඇති ප‍්‍රධානම සම්පත වන මානව සම්පත රැුකගැනීමට මානව සම්පත වන අපටම ඉදිරියට පැමිණ කටයුතු කරන්නට සිදුව ඇත. අද පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව කරමින් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා කියා සිටියේ, රටේ ප‍්‍රධානම සම්පත වන මානව සම්පත වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතු බවය. කොකාකෝලා වැනි පානවර්ග පමණක නොව, කෘතීම ආහාර වර්ග, ක්ෂණික ආහාර වර්ග ගැන ප‍්‍රමිති, නියාමන ක‍්‍රම ගෙන ආ යුතුය. ඉදිරියේදී කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට ආහාර පාන පිළිබඳව ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුය. අපේ රට දැනටමත් ජනගහන අර්බුදයකට මුහුණ පා සිටින්නේ තව වසර කිහිපයක් යනවිට, අපේ රටේ බහුතරයක් වැඩිහිටියන් වීම හේතුවෙනි. ලෙඩ ජාතියක් බිහි වීම වළක්වාලීමට අප බොහෝ දේ කළ යුතුව ඇත. ඉදිරියේදී වැඩිහිටියන් වනුයේ අපය. අප යනු, මෙරට දැනට සිටින තරුණ පරම්පරාවය. මේ පරම්පරාවේ ආමාශවල වැඩිපුරම ඇත්තේ කොකාකෝලා වැනි බීම වර්ගවලත්, අප කෑ ආහාරවල ඇති රසායන වර්ග හා සිරුරට අහිතකර දෑය. අපේ අම්මලා තාත්තලා පෙර පිනකට හෝ මෙවායින් යම් තාක් දුරකට ඈත් ව සිටිති. අප, නැතහොත් වත්මන් තරුණ පරම්පරාව ලෙඩවීමේ සම්භාවිතාව වැඩිය. මේ ලෙඩ ජාතියට බෙහෙත් කරන්නට පමණක් ජාතික ධනයෙන් වැඩි කොටසක් වැය වනු ඇත. කොකාකෝලා සමාගම තහනම කිරීම නොව, ජාතියක් වශයෙන් සිතිය බොහෝ දේ අප සතුව ඇත. කොකාකෝල පමණක් නොව තහනම් කරන්නේ නම් තවත් බොහෝ සමාගම් ඇත. එසේ නම් ඒ සියල්ල තහනම් කළ යුතුය. මේවා ප‍්‍රායෝගික ද යන්න සැක සහිතය. එබැවින් අප කළ යුත්තේ කොකාකෝලා වැනි පානවර්ග වලිනුත්, ඒ හා සමාන ආහාරවර්ග වලිනුතු් ඉවත්වීමය. කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට මේවා ඇතුළත් විය යුතුය. රට ගොඩනගන්නට නම්, ශක්ති සම්පන්න, සෞඛ්‍ය සම්පන්න ජාතියක් අවශ්‍යය කර තිබේ. ඒ සඳහා රටේ ජනතාවට ගුණාත්මක ආහාරවර්ග පාන වර්ග ලබෙන ප‍්‍රතිසංස්කරණ, නියාමනය කිරීම්, පරීක්ෂා කිරීම් සොයාබැලීම් අවශ්‍ය කර තිබේ.

හර්ෂණ ත-ුෂාර සිල්වා
2015.09.01

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive