Monday, September 14, 2015

අපි පොඩි හින්ද ද?

අයිලාන් කුර්දිගේ සිද්දියත් මෙරට කුඩා දියණියගේ සිදුවීමත් කුඩා දරුවන්ය. ඔවුන් දෙදෙනා මිය ගිය ආකාරයත්, සිදුවීම් ජාලයත් වෙනස් වුවත්, කෲර ලෝකයේදී ඔවුනට මරණය හිමි වූයේ, ස්වභාවධර්මයට අනුකූලව නොව, පාපතරයෙන්ගේ කි‍්‍රයාකාරකම් නිසාය. ඔවුන් කිසිත් නොදන්නා කි‍්‍රයා හේතුවෙනි. වැඩිහිටියන්ගේ වැරැුදි හේතුවෙනි. අයිලාන් කුර්දිව මදකට පසුවට තබන්නෙමි. විද්‍යාගේ නම, මා භාවිත කරන්නේ එය සමාජ ගත වූවක් බැවිනි. විද්‍යාගේ ඡුායාරූපත් නමත් ප‍්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඊට විරුද්ධව බොහෝ දෙනා හඬ නැගූ අතර, මා ද අතර විය. පෞද්ගලිකව, මාධ්‍ය කුඩා දරුවන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය මගේ වැඩි කැමැත්තක් නැත. ඔවුන්ගේ ඡුායාරූප භාවිත කරමින්, නම් ගම් හෙළිදරව් කරමින්, හැසිරෙන ආකාරය අනුමත නොකරමි. ඊට කදිම උදාහරණය ඉන්දියාවේ වෛද්‍ය සිසුවියගේ සිදුවීමයි. බස් රථයක් තුළ අතවරයට ලක් වූ ඇගේ කිසිදු තොරතුරක් මාධ්‍යයෙන් ලොවට අනාවරණය වූයේ නැත. අප තවමත් ඒ තත්ත්වය පැමිණ නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුය. අප පුවත්පත ද අනෙක් පුවත්පත් හා මාධ්‍ය ආයතනය ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පුද්ගලිකව අනුමත නොකරමි. මට කටයුතු කරන්නට වන්නේ යම් කිසි සීමාවකය.
 
මේ තත්ත්වය ඉංගී‍්‍රසි මාධ්‍යවල යාම් තාක් දුරකට වෙනස්ය. මරණයට පත් වූ කුඩා දියණියගේ සිරුරේ කොටසක් නොපෙන්විය යුතු යැයි යන මතයේ පසුවෙමි. පසුගිය දිනෙක ස්වර්ණවාහිනිය පාසල් නොයන කුඩා දැරියක් සම්බන්ධයෙන් අනාවරණය කළේය. ඔවුන් සිදු කළ අනාවරණය අගය කළ යුතු වුවද, එම කුඩා දැරියගේ ඇස් වසා, වීඩියෝ පට පෙන්වීම මම පෞද්ගලිකව අනුමත නොකරමි. මියගිය, අතරවයට ලක් වූ වෙනයම් හෝ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් කුඩා දරුවකුගේ අනන්‍යතාව හෙළි දරව් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයකි. දරුවා ජීවත්ව සිටින්නේ නම්, බොහෝ විට ඔවුන් සමාජයේ උසුළු විසුළුවලට ලක්විය හැකිය, සමාජයේදී පීඩාවට ලක්විය හැකිය. ඔවුන් මරණයට පත් ව ඇත්නම් එලෙස පීඩාවට ලක්වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය, නෑ හිත මිතුරන්ය.

කලකට එක් සිදුවීමක් පමණින් මුල් කරගනිමින් අප මෙය මතු කරන අතර තවත් සිදුවීමක් වන තුරු අපට එය මතකයට එන්නේ නැත. මට ද ඒ සම්බන්ධයෙන් ඇත්තේ වරදකාරී හැඟීමකි. පොදුවේ කුඩා දරුවන්ගේ සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් යම් කිසි නීති ක‍්‍රමවේදයක් ඉදිරියේදී හෝ ගෙන එන්නේ නම්, වඩාත් යෝග්‍ය තත්ත්වයක් වනු ඇත.
මරණ දඬුවම ගැන ද එම කුඩා දැරියගේ සිදුවීමත් සමඟ කතාබහක් ඇති වී ඇත. මරණ දඬුවම ලබාදීමෙන් සමාජයක් තුළ සිදුවන වැරැුදි අඩු වෙතැයි සිතිය නොහැක. එසේ නම්, සමාජයේ සිදුවන වැරැුදි සඳහා ඕනෑ තරම් දඬුවම් නීති රීති තිබුණද, ඒවා ඕනෑ තරම් සිදුවෙයි. සිදුවිය යුත්තේ මිනිසුන්ගේ සිතුවිල වෙනසක්ය. තමන්ට අවැඩක් වූ විට පැමිණිලි කිරීම ද ඊට අවශ්‍ය වේ. මරණ දඬුවම අනුමත කළ නොහැකි තවත් දෙයක් නම්, අපට තවත් අයකුගේ ජීවිතය අවසන් කිරීමට කිසිදු ලෙසකින් වත් අයිතියක් නැත. යමකුගේ ජීවිතය අවසන් විය යුත්තේ ස්වභාවදහමට අනුව එය සිදුවිය යුතු අවස්ථාවේදීය. වුවමනාවෙන් තවකකුගේ ජීවිතය අහිමි කරන්නට අපට කිසිසේත්ම නොහැක. කිව යුතු තවත් කරුණක් වෙයි. යමකු වරදක් කළ විට, ඔහුට මරණයෙන් ඊට දඬුවම් කරනවාට වඩා ලබාදිය යුතු හොඳම දඬුවම වන්නේ, ජීවත්වීමට ඉඩහැරීමයි. ඔහු වරද ගැන තේරුම් ගන්නේත්, තවත් අයෙකුට උපදෙසක් දෙන්නේත් එවැනි අවස්ථාවකදීය. ආර්ථික වශයෙන් සිරකරුවන් වැඩිවනවා යනු රටකට බරකි. සිරකරුවෝ මනුෂ්‍යයෝය. එබැවින්, ඔවුන් ලොව යම්කිස දෙයකට සමත්කම් දක්වන්නෝ විය යුතුමය. ඔවුන්ගෙන් ආර්ථිකයට යමක් එකකරගැනීමට අපට හැකියාවක් තිබිය යුතුය.

යමකු අපරාධයකට ලක්වන්නට, බොහෝ විට හේතු කාරණා වන්නේ මානසික පීඩාව, සමාජ පීඩාව, ආර්ථික පීඩාව හා කෝපයයි. මේවා නිරාකරණය කිරීම සමාජයක, රටක, ආණ්ඩුවක වගකිව යුත්තන්ගේ බාර¥ර කර්තව්‍යයකි. කුඩා දරුවන්ගේ සිදුවීම් වාර්තාකරණයත්, එවැනි දෑ නැවත සිදුවීම් වළක්වා ගැනීමට හැකිවන අයුරින් සමාජ ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමත්, සිරකරුවන්ට රටේ මහජනතාවගේ මුදලින් සිරබත් ගිල්වනවාට වඩා, ඔවුන් ආර්ථිකයට දායක කරගැනීමට හැකිවන අයුරින් ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාව, ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති මේ කාලයේදී පැවැසීම කාලෝචිත බැවින් මෙලෙස ලියා තබමි.

හර්ෂණ තුෂාර සිල්වා
2015.09.14



No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive