බැඳීම් කියන්නේ මහ පුදුමාකාර දේවල්. අපි ජීවිතේ එකිනෙකාට ආදරය කරන විදිය
වෙනස්. දෙන්නෙක්ට එකපාර එකම විදියට ආදරේ කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.
අම්මා තාත්තා ගත්තත් පවුලේ සහෝදර සහෝදරියෝ ගත්තත් එකයි. අපි අම්මටයි
තාත්තටයි එකම විදියට ආදරය කරන්නේ නැහැ. එක්කෝ අම්මට ගොඩක් ආදරෙයි. නැත්නම්
තාත්තාට ගොඩක් ආදරෙයි. එහෙමත් නැත්නම් පවුලේ වැඩිමල්ම කෙනාට ගොඩක් ආදරෙයි.
එහෙම පවුල් අනන්ත අප‍්‍රමාණ තියෙනවා. සමහරු කතාවට කියන්නේ අපේ ලොකු අක්කා
තමා ඔක්කොම කළේ. අම්මා වගේ. ඒ ඒ ආදරය වෙනස්. එකිනෙකට වෙනස්. අම්මා
කියන සාධකය බොහෝ වෙලාවට වෙනස්. ආදරයේ සංකේතය. ඒ ආදරේ කවදාවත් වෙනස් නොවන
එකක්. තාත්තත් එහෙමයි. එතැනින් පස්සේ අපි විරුද්ධ ලිංගයේ කෙනකුට ආදරේ
කරනවා. ජීවි විද්‍යාත්මක ඒක එහෙමයි. අම්මා පුතාලට වැඩිපුර ආදරේ වෙන්නෙත්,
දුවලා තාත්තාලට වැඩිපුර ආදරේ වෙන්නෙත් ඒ ජීවි විද්‍යාත්මක සාධකය නිසා. අපි
වැඩිවියට පත්වුණාට පස්සේ ඒ විදියට විරුද්ධ ලිංගයේ ජීවිකයකුට ආදරය කරනවා.
සමහර ඒ පළමුවෙනි එකම මරණින් ඉවර වෙන්නත් පුලූවන්. කෙල්ලෙක්ට තාත්තාට වගේ
කොල්ලෙක්ට ආදරේ කරන්නත් බැහැ, කොල්ලෙක්ට අම්මට අක්කට නංගිට වගේ ආදරේ
කරන්නත් බැහැ. ඒ විදියට ආදරේ කරනවා නම් ඒක අවුලක්. සමහර විට අපිට වැඩිපුරය
ආදරය කරන අය අපි දැකලත් නැති වෙන්න පුලූවන්. අපි දැන දැනම අපිට ඈතින්
ඉන්නත් පුලූවන්. ඒකේ අනිත් පැත්තට අපි වැඩිපුරම ආදරේ කරන අය අඩුම තරමේ අපි
දැකලවත් නැහැ. හිතේ පැළපදියම් වෙච්ච එහෙම ආදරේ කෙනා අපි මැරෙන තුරු හම්බ
නොවෙන්නත් පුලූවන්. එහෙම නැතුව අපි වැඩිපුරම ආදරයක කරන අය අපිට ඈතින් අපිට
ළං කරගන්න බැරි දුරින් ඉන්නත් පුලූවන්. ජීවිතේ කියන්නේ බැඳීම්වලින් පිරුණු
පුදුමාකාර සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඒ කි‍්‍රයාවලියේදී අපි ආදරය කරන හැමෝම
අපේ ජීවිතවල නැතිවෙන්න පුලූවන්. හොඳම දේ ඉන්න මිනිස්සු එක්ක ආදරෙන් ඉන්න
එක. අපි වැඩිපුරම ආදරේ කරන අය මේ ලෝකෙන් යනවා ඇත්තටම හොඳයි. මොකද නැහැ
කියලා දන්නවා. ඒත් ඒ හැමෝම අපිත් එක්කම ජීවත්වෙනවා. පාරේදි තොටේදි මුණ
ගැහෙනවා. හොඳම දේ හිනවෙලා සංග‍්‍රහ කරන එක. ළඟ ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන
එක. යන මිනිස්සු ආයේ එනවානම්, කොච්චර හොඳද ?
හර්ෂණ තුෂාර සිල්වා
2015.05.04
2015.05.04
No comments:
Post a Comment