Friday, May 29, 2015

ඊයේ සිරස රූපවාහිනියේ විකාශය වූ සටන වැඩසටහන සහභාගි වූ බිමල් මහතාට විශේෂ ස්තූතියක් පිරිනමන්න. ඊයේ වැඩසටහන් මට බලන්න ලැබුණේ අද. බිමල් රත්නායක මහතා හොඳ අවස්ථාවක් ලබාදුන්න වත්මන් රජයටත් බලධාරීන්ටත් ළමා  දුෂණය පිටු දැකීමටත් ස්ත‍්‍රී  දුෂණය වැළැක්වීමටත් කි‍්‍රයාමාර්ග ගැනීමට.
එහිදි පළ කෙරුණු අදහස් කිහිපයක්
1. ඉන්දියාවේ බස් රථයකදී වෛද්‍ය ශිෂ්‍යාවක  දුෂණය සිදු කිරීමේ සිදුවීමෙන් පසු, ස්තී‍්‍ර  දුෂණය සම්බන්ධයෙන් නීති තදින් කි‍්‍රයාත්මක කිරීමටත්,  දුෂකයන්ට දැඩි දඬුවම් දීමටත් නව නීති ගෙන ඒමටත් කි‍්‍රයා කළා. ඊට පස්සේ ස්තී‍්‍ර  දුෂණයට ලක්වූවන් අධිකරණයට යෑම ප‍්‍රවාණතාව සියයට 26ක් දක්වා වැඩිවුණා.
2. ස්ත‍්‍රී  දුෂකයන්ට එරෙහි පනත විද්‍යාගේ නමින් ගෙනඒම
3. අධිකරණයේ ඇති නඩුවලින් තුනෙන් එකක් දරුවෝ සම්බන්ධව, දරුවන් සඳහා වෙනමම අධිකරණයක්....
4. ලිංගික අධ්‍යාපනය විධිමත් කිරීම, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම, විශේෂ අධිකරණ හා අවබෝධය වැඩිකිරීම
5. ගැහැණු දරුවෙක්ගේ වැදගත් ම දේ කන්‍යාභාවය නොවන, මානසික මට්ටම්, සමාජියේ ඇති මිථ්‍යා මත තුරන් කිරීම, සංස්කෘතික වෙනස්කම් ආදිය
6. පාසල්වල සමීක්ෂණ සිදුකිරීම,
7.  දුෂකයන්ගෙන් දඬුවම් ලැබෙන්නේ සියයට 3ක් පමණි. සියයට 97ක් නිදහස් වෙනවා. ඒ සාක්ෂි නොමැතිවීම, සාක්ෂි නොමැතිවීමට හේතුව, දරුවන් බියවීම ආදි කරුණු....

බිමල් රත්නායක මහතාට, මගේ විශේෂ ගෞරවයත් ප‍්‍රණාමයත් පුද කරනවා. ලංකාවේ සිදුවන ළමා අපයෝජනය හිංසාව, කතිකාවක් ඇති කිරීමට මම හිතනවා මේ වැඩසටහන මහත් ප‍්‍රයෝජනයක් වේව කියලා. මේකට මම හිතනවා අම්මලා තාත්තලා ඉදිරියට එන්න  ඕනේ කියලා. මොකද අද කොහේහරි ගැහැණු දරුවෙක්ට, පිරිමි දරුවෙක්ට දෙයක් උනොත්, අපි කිසිම දෙයක් නොකර ඉන්නවා. ඒත් ඒ දේ හෙට ඔවුන්ට වෙන්න පුලූවන්.. ඒක නිසා අපි හැමෝම එකතුවෙලා, මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇතිකරලා, විසඳුම් සොයන්න  ඕනේ. ජනතා පෙළගැස්මක් ඇතිකළ යුතුයි.

  https://www.youtube.com/watch?v=2YiNNu4X8C0&list=PL_rSOHLTN-XkLGWaxr9iINXnnoQPUoxsd&index=4

1 comment:

  1. මම නම් උපරිමයෙන්ම කළකිරිල ඉන්නේ. උතුරේ දූෂණය කරල මරල දැම්ම කෙල්ල ගැන මම කවියක් ලිව්වම කමෙන්ට් ආවේ ලිඟුව යෝනිය වගේ වචන භාවිතා කරන්න එපා කියල. මම ඇහුවා එහෙනම් මම වාසුදේවගේ වචන භාවිතා කරන්නද කියල. හැබැයි උඹ කිව්වා වගේ මම හිතනවා ඒ කෙල්ලගෙ නම භාවිතය සිදු නොවෙනවානම් හොඳයි කියලා. ඒ කෙල්ල මැරුණා හැබැයි ඒ කෙල්ලගේ සමීපතමයින්ව මැරි මැරී උපද්දන්න ඕනේ නෑනෙ නම් ගම් සඳහන් කරලා.

    ඒත් අපි ඉන්නෙ බිමල් යෝජනා කරන සමාජෙට ගොඩාක් ඈතින් මචං

    ReplyDelete

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive