Tuesday, May 26, 2015

මේ රටේ තවත් යුද්ධයක් ඇතිවූවා නම්, එහි මූලික වගකීම ගතව යුතු පුද්ගලයකු වෙයි නම්, ඒ බොදු බල සේනාවේ මහලේකම් ඥානසාර හිමියන්ය. නෝර්වේ මුදල් ආධාර මත කි‍්‍රයාත්මක වූ බව ඒ සමයේදී වාර්තා විය. හිටපු ජනපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ නොමද ආශීර්වාදය බොදුබල සේනාවට හිමිවිය. බුද්ධ  දර්ශනයේ හරය පවා විනාශ කරමින් අනෙකුත් ආගම් අදහන පුද්ගලයන්ට හිරිහැර කරමින් කටයුතු බොදු බල සේනාව, මෑත කාලයේදී එය කිරි පොවා පෝෂණය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ගැරැුහුමට ලක්විය. අහිංසක ජීවිත විනාශ කරමින් බොදු බල සේනාවට තවත් ආයුෂ නැතිවීම සතුටට කරුණකි. සිවිල් යුද්ධයක් ඇතිවූයේ නම්, එහි ප‍්‍රධාන වගකීම ගත යුත්තේ ඥානසාර හිමියන් හා එය පෝෂණය කළ උදවියයි. අතුරු කතාවකි. ‘‘බොදුබල සේනාව, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ධුරයෙන් නෙරපීමටත්, රජය පෙරළීමටත් බටහිර කොන්ත‍්‍රාත්තුවක් ඉටු කළ බවට මහින්ද රාජපක්ෂ රජයෙන් මෙන්ම විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. එසේ විය හැක. එවැනි සංවිධාන ලොව  ඕනෑ තරම් බිහි වී ඇත. අල් කයිඩාව, අයි.එස්.අයි.එස් ත‍්‍රස්ත සංවිධානය සිරියාවේ රාජ්‍ය විරෝධී සංවිධාන, යුක්රේනයේ රුසියානු හිතවාදී කණ්ඩායම් ඒවාට උදාහරණය. බොදු බල සේනාවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාත් එකට පෑහෙන්නේ දෙකේම ගෙන යන්නේ ත‍්‍රාඩ හා මිලේච්ඡු කි‍්‍රයාපටිපාටියක් වීමය. අවසානයේ බොදු බල සේනාව ප‍්‍රතික්ෂේප වන තැනට පත්ව ඇත. පෞද්ගලිකවම මම ඒ පිළිබඳව සතුටු වෙමි. බුදුන් වහන්සේගේ දර්ශනය අන්තවාදය දක්වා ගෙන ගිය සංවිධානයක් ලෙස බොදු බල සේනාව පෙන්වාදිය හැක. මෙවැනි අන්තවාදී සංවිධානවලට පැවැත්මක් නැති බව බොදු බල සේනාව දෙස බැලීමේදී මනාව පැහැදිලි වෙයි.

හර්ෂණ තුෂාර සිල්වා
2015.05.26

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive