ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය
මැතිවරණයක් පැවැත්වීම මේ මොහොත් අත්‍යවශ්‍ය කරුණක් නොවේ. ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම තිබෙන්නකි. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලිකාංගයකි. කෙසේ නමුත් දේශපාලනඥයන් මෙන්ම රටේ ඇතැම් අය දැන් දැන් මැතිවරණ ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවක් නොමැතිව හමුදා පාලනයක් අවශ්‍ය යැයි කියූ අය පවා දැන් දැන් මැතිවරණ ගැන කතා කරති. මැතිවරණ පැවැත්වීමට හැකි නම් පාර්ලිමේන්තුව ද කැඳවීමට හැකිය.
ආණ්ඩුව මැතිවරණ ගැන බිය විය යුතු නැත. ආණ්ඩුව, ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට ලැබුණු ජනප්‍රසාදයට තවමත් කිසිදු බලවත් තර්ජනයක් එල්ල වී නොමැත. එමෙන්ම ශක්තිමත් කොන්ද ඇති විපක්ෂයක් ද නැත.
මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහෙත් ලෙඩ වූ ජනතාවක් එක්ක මොන මැතිවරණයක්වත් ප්‍රජාන්ත්‍රවාදයක්වත් නැත. එබැවින් මුලින්ම කළ යුත්තේ කොරෝනා අවදානම ඉවත් කරගැනීමය. කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමය. කොරෝනා ගැනත් ජනතාවගේ කුස ගැනත් සිතිය යුතු ඇතැම් නායකයෝ අද මැතිවරණ කොමිසම, මැතිවරණ දින යනාදිය ගැන මතවාදී අරගලයකි නිරත වී සිටිති.
ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු ආරම්භ කිරීමය. එමෙන්ම ජනතාවගේ ආහාර හා ඖෂධ අවශ්‍යතා සැපිරීමය. එසේ නැතිව ඉවක් බවක් නොමැතිව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් වෙන්නේ මාසයක් කළ සියල්ල වතුරේ යෑමය. ප්‍රමාද වී හෝ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වයිරසය පාලනය කරගැනීමට රටට හැකියාව ලැබිණි. ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචන ඇත. ඒවා පසුවට කතා කළ හැක.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා පාලනය කරගැනීමය. ඉන් එහා ප්‍රමුඛතාවක් නැත. ඒ නිසා මුලින්ම කළ යුත්තේ වයිරසය පාලනය කරගැනීමය. කොරෝනා වසංගතයට දේශපාලනයක්, ආගම්, ජාති, කුල යනාදී කිසිදු භේදයක් නැත. ඡන්දය පවත්වන්නට ද රටක් තිබිය යුතුය. සුවපත් ජනතාවක් සිටිය යුතුය.
The holding of periodic elections are indeed the cornerstone to upholding democracy. Any exception to this rule can only be in the most serious of circumstances. Unfortunately, however, Sri Lanka, like the rest of the world, today faces just such exceptional circumstances: a global pandemic posing grave threats not only to public health, safety and security, but to the national and global economy as well. Both local and global medical experts have clearly indicated that the key to containing the spread of this pandemic is to eliminate all public gatherings/movement, except for essential services, and those necessary to prevent economic collapse. Every effort must be made to contain the spread of the disease, in order to prevent further burdening an already severely overburdened public healthcare service, in order to ensure that Sri Lanka is equipped to continue to effectively deal with the health consequences of this pandemic.
කොවිඩ් 19 වසංගත තත්වය සහමුලින්ම පාලනන කරන තෙක් මහ මැතිවරණය පැවැත්වීම නුසුදුසු වගකීම් විරහිත භයංකර ක්‍රියාවක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය පවතින තත්වය හමුවේ මැතිවරණය නොපවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීයි.
වත්මන් තත්වය මැද මැතිවරණයක් පැවැත්වීම මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇති බවත් දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් වසංගත තත්වයෙන් ආරක්ෂා කරගත් බව සනාථ කරන තෙක් මැතිවරණයක් කරා යා යුතු නැති බවත් පෙන්වා දෙයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් එම සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම නායකයින්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම වෙත ලිපියක් යවමින් මේ බව අවධාරණය කර තිබිණි.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමේ උත්සහාය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත(18) යවන ලද එම ලිපියේ මෙසේද සදහන් කර ඇත.
වත්මන් තත්වය හමුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම ගැන ඉතා වැදගත් අවධානය යොමු කළ යුතුව ඇති කාරණාවන් කිහිපයක් අවධාරණය කරමි.රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් නිසි කළට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ රටවල් වගේම ශ්‍රීලංකාවත් මේ තත්වයට මුහුණ දී සිටිනවා.ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යට පමණක් නොව ලෝකයේම ආර්ථිකයට විශාල බලපෑමක් සිදුකොට තිබෙනවා.
මහජනතාව අධික වශයෙන් ගැවසෙන එකරොක් වන කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම වැඩි බවත් එලෙස එක්රොක් වීම් වලින් වැළකෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම අවධාරණය කර සිටිනවා.මෙම වයිරසය පැතිර යාම පාලනය කරගැනීම සදහා ගෙන ඇති සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පවතිනවා.මේනිසා පවතින මේ තත්වයේ ප්‍රථමයෙන්ම මහජන සුබසිද්ධිය සහ ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.
ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.
පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු ජනාධිපතිවරයා ද අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
General Elections amidst COVID Pandemic? You must be joking!
Image Courtesy - AFP

No comments:
Post a Comment