Friday, April 24, 2020

වැඩියෙන්ම හොඳ රාජාලියද ? මකරද ?



සවුත් චයිනා මෝනිං පෝස්ට් හි පළ වූ රූපසටහනකි -  
The warm welcome Xi gave to Trump during his time in Beijing was indicative of both leaders’ desire for cooperation and friendship after years of cooling relations. Illustration: Craig Stephens


ඇමෙරිකාව සහ චීනය එකම කාසියේ දෙපැත්ත බව මේ වනවිටත් බොහෝ දෙනකුට අවබෝධ වී නැතිනම් කනගාටුවට කරුණකි.

සෞඛ්‍ය විශේෂඥයෙන් කියන්නේ බොරු යැයි කියන ඇමෙරිකානු ජනාධිපතිවරයා ද කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍යවරුන් මෙන්ම මාධ්‍යවේදීන් ද නිහඬ කළ චීනය ද වෙනසක් නැත. ධවල මන්දිරයට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකිය. එහෙත් ජනාධිපතිවරයාගේ නින්දා අපහසාවලට ලක්වීමට සිදුවීමෙන් නම් ගැලවීමට නොහැක. චීනයේ එසේ ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකිද යන්න ගැන නම් අපට කියන්නට බැරිය.

කොරෝනා සංඛ්‍යාදත්තවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මනෝ ගනේෂන් හිටපු අමාත්‍යවරයා කියපු කතාවේ ද අර්ධ සත්‍යයක් ඇත. ඔහු එය දේශපාලනික අරමුණින් කීවාක් නම්, එය අමන කමකි. එහෙත් සත්‍ය නම් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය මෙන්ම ලෝව සෑම රටකින්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මෙන්ම කොරෝනා මරණ සම්බන්ධයෙන් ද කියන සංඛ්‍යා දත්තවල පරස්පරතා ඇත. ඇතැම් ඒවා වාර්තා වී නැත. ඇතැම් ඒවා ගණනය වී නැත.

පසුගිය දින ගණනාවේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා තමන් කියූ කතා ඉන් දින, සති හා මාස ගණනාවකට පසුව තමන් එසේ කීවේ නැතැයි කීවේය. මාධ්‍යවේදීන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කරද්දි ජනාධිපතිවරයා ඔවුන් හෑල්ලුවට ලක් කළේය. මාධ්‍යයට තිබෙන තර්ජන ඇමෙරිකාවේ හෝ චීනයේ කියා වෙනසක් නැත. වෙනසකට ඇත්තේ ඇමෙරිකාවේ බො​හෝ නොපෙනී පෙනෙන්නට තිබීය. චීනයේ කිසිදෙයක් පෙනෙන්නට නැත. සියල්ල ඇත්තේ සැඟවීය. ඇමෙරිකාව විනිවිදභාවය පෙන්වන නමුත් එය එසේ නොමැති බව ඔවුන්ගේ සිදුවීම්වලින් මෙන්ම ඔවුන් අපට පෙන්වන චිත්‍රපටවලින්ද හොඳින්ම පැහැදිලි වී ඇත.






මූලාශ්‍ර - ‘ද වොෂින්ටන් පෝස්ට්’, ‘ද ගාඩියන්’, ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’. 

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive