පලස්තීන ජනාතව වෙනුවෙන් හරිම නම් මුලින්ම පාරට
බහින්න ඕනේ මේ රටේ මිනිස්සු. ඒත් එහෙම වෙන්නේ නෑ. (වයිරසේ පැතිරෙන නිසා එක් රැස්
වෙන්න බෑ කියන එක සාධාරණ හේතුවක්).
පොලිසියේ
කෲරත්වය ගැන ඇමෙරිකාව මිනිස්සු පාරට බැස්සාම, ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම
වෙන්නේ නෑ වගේ තමයි අපේ මිනිස්සු හිටියේ.
හැබැයි
අන්තිමට මොකද වුණේ ?
ලංකාවේ
පොලිසිය මිනිස්සුන්ට ගහද්දි අපේ මිනිස්සු ගෙවල්වල. තමන්ට පුළුවන් විදියට වචනයකින්
හරි විරෝධය පළ කරන මිනිස්සු ගැන නෙමෙයි මේ කියන්නේ.
අපේ
දෙබිඩි කම් ගැන.
පලස්තීනේ
ජනතාව වෙනුවෙන් මුලින්ම පාරට බහින්න ඕනේ ලංකාවේ මිනිස්සු කියන්න විශේෂ හේතු
කිහිපයක්ම තියෙනවා.
එකක්
ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංගමය ආරම්භය
සනිටුවහන් කරන්නේ මහින්ද රාජපක්ෂ වෙන නිසා.
දෙවැන්න
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමින් පලස්තීනයේ පාරක් තියෙනවා.
පලස්තීනයේ
ඉහළම සම්මානයෙන් මහින්ද රාජපක්ෂ පිදුම් ලබා තිබීම තෙවැන්න යි.
මෙවාගේ
සරල සුමට හේතු නිසා ම නෙමෙයි.
පලස්තීනය
නැතිනම් පලස්තීන ජනතාව සටන් වදින්නේ තමන්ට රටක් වෙනුවෙන්. එහෙම බලද්දි මේ ලංකාවේ
මිනිස්සු රටක් වෙනුවෙන් සටන් වැදුණා.
පලස්තීන
ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් නෙමෙයි.
අනෙක්
කරුණු මේ ආණ්ඩුවේ සහ රට ඇතුළු තියෙන බොරු මුස්ලිම් විරෝධය.
විශේෂයෙන්ම
මේ ආණ්ඩුවට, කලින් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බෙහෙවින් උදව් කරපු පිරිසක් තමයි
මුස්ලිම් රටවල්.
යුද්ධය
අවසන් කරන්න පාකිස්තානය එහෙමත් විශාල සහායක් දුන්නා.
ජිනීවා
මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහාය දුන්නා.
එහෙම
තියාගෙන මේ ආණ්ඩුව ඡන්ද දිනන්න බොරු මුස්ලිම් විරෝධයක් ඇති කරනවා.
එහෙම
තියෙන කොටම ඇතැම් මාධ්‍යයත් සමාජ මාධ්‍යයත් ඊශ්‍රායල පලස්තීන අර්බුදය මුස්ලිම්
යුදෙව් එහෙමත් නැතිනම් අරාබි සහ යුදෙව් ප්‍රශ්නයක් විදියට හරිම සරල හා සාමාන්‍යකරණය
කරනවා.
මේක
ඒ විදියේ සරල ප්‍රශ්නයක් නෙමෙයි.
පලස්තීන
ප්‍රශ්නය හා සමාන ප්‍රශ්න කිහිපයක්ම ලෝකයේ තියෙනවා.
උදාහරණයක්
විදියට කාශ්මීරය.
ලෝක
පැරැණිතම සහ සංකීර්ණම ගැටුම්වලින් එකක් තමයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය.
එල්.ටී.ටී.ඊ.
සංවිධානය වෙනම රටක් වෙනම පාලනයක් ඉල්ලද්දි ඊට දැඩිව විරුද්ධ වුණ පිරිස් කොහොමද ඊශ්‍රායලයේ
පැත්ත ගන්නේ ?
හරිම
සරලයි, අවුරුදු 30ක යුද්ධයත්, දෙමළ ජනාතවත් තේරුම් නොගැනීම.
රටේ
අවුරුදු 30ක සිවිල් යුද්ධය තේරුම් නොගැනීම.
විශේෂයෙන්ම
සිවිල් යුද්ධය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයක් විදියට
සීමා කිරීම.
ත්‍රස්තවාදීන්
පරාජය කිරීමක් විදියට සරල කිරීම.
යුද්ධය
දේශපාලනීයකරණය කර, තමන්ගේ ඡන්දවලට යුද්ධයත් ඒ අර්බුදයත් භාවිත කිරීම.
ඉතා
සංකීර්ණ ප්‍රශ්න සාමාන්‍යකරණය සහ සරල කිරීම අපේ රටේ පාලකයන්ගේ පුරුද්දක්. ඊට
උඩගෙඩි දෙන මාධ්‍යයත් ඒවටම හරියන ජනතාවකුත් අපිට ඉන්න එක ගැන සතුටු වෙන්න අවශ්‍ය
යි.
යුද්ධයත්,
යුද්ධය අවසන් කිරීමෙන් ලද අර්ධ සාමයත්, ආරක්ෂක අංශ සාමාජිකයනුත් විකුණාගෙන කනවා මේ
රටේ හැම පක්ෂයකම දේශපාලනඥයෝ. ඒකටම හරියන පාක්ෂිකයෝ ටිකක් ඒ ඒ පක්ෂවලට ඉන්නවා.
ඊශ්‍රායලයේ
ගුවන් යානා ඇවිල්ලා පලස්තීනයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පුංචි දරුවන්ගේ ගෙවල්
දොරවල්වලට බෝම්බ දානවා. එහෙම නම්,
හමාස්
සංවිධානය සහ පලස්තීනයේ සන්නද්ධ කණ්ඩායම් රොකට් ප්‍රහාර එල්ල කරද්දි, සයිරන් නාදෙට
ඊශ්‍රායලයේ මිනිස්සු බයෙන් ඉන්නවා නම්,
ඒ
වගේම දේවල් අපට අහලා පුරුදු හුරු පුරුදු තැන්වල වුණා කියලා හිතන්න පුළුවන් නම්,
ඉන්දියන්
සාගරයේ පුංචියට තියෙන රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා නේද ?
ඉතින්
ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය,
පලස්තීනය
වෙනුවෙන් පෙනී සිටින ගමන්, ඊශ්‍රායලයේ ජනතාව ගැනත් කතා කරන්න අවශ්‍ය යි. ඊශ්‍රායලයේ
දැඩි අන්තවාදී මත අදහස් දරන තමන්ගේ පරාජය යුද්ධයකින් වසා ගන්න හදන පාලකයෝ වෙනුවෙන්
නම් නෙමෙයි.
අසල්වැසි
ඉන්දියාවේ ඇතැම් පාලකයෝත් එහෙමයි, ඡන්දේ වෙලාවට, පාකිස්තානය පරම හතුරා කියලා
ජනතාවට ඒත්තු ගන්වනවා,
පලස්තීන
ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ, ඉස්සෙල්ලා කියපු හරිම සරල, සරල
වචනයෙන් කිව්වොත් සරල හේතු නිසාමත්, දෙවැනියට කිව්ව බරපතළ කරුණු නිසාමත් නෙමෙයි
නං, තුන්වෙනියට රටක් විදියට ප්‍රතිපත්තියක් විදියට අපි අනුගමනය කරන ප්‍රතිපත්ති
නිසාවත් අඩු ගානේ,
ශ්‍රී
ලංකාව පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගන්නේ 1988, පලස්තීනය රාජ්‍යයක් විදියට
පිළිගත්ත මුල්ම රටවල් කිහිපය අතරට අපිත් අයත්,
පී.එල්.ඕ./පලස්තීන්
ලිබරේෂන් ඕගනයිෂේෂන් (Palestine Liberation Organization) එහෙමත් නැතිනම් පලස්තීන විමුක්ති සංවිධානය සහ
ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඊටත් වඩා පැරැණියි, එම සංවිධානයේ කාර්යලයක් කොළඹ දී
පිහිටුවන්නේ 1975 දී.
ඊශ්‍රායලය
සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පටන් ගන්නේ ජේ.ආර්. ජයවර්ධන, ඔන්න ජේ.ආර්. සහ යු.එන්.පී.
විරෝධී අයට ඊශ්‍රායලයට විරුද්ධ වෙන්න අවස්ථාවක්.
ඊට
පස්සේ ආර්.ප්‍රේමදාස ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා නවත්වන්න පියවර ගන්නවා 1990 දී.
මේ
විදියට අපට හේතු රැසක් තියෙනවා.
ඊශ්‍රායලය
සතුරකු ලෙස දකින්න අවශ්‍ය නැහැ. ඇතැම් උද්ධච්ඡ පාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ
අර්බුදය උත්සන්න වෙලා තියෙනවා.
ඊශ්‍රායලය
සමඟ සම්බන්ධකම් තියාගන්න ගන්න ගමන් පලස්තීනයේ ජනතාව වෙනුවෙන් වගේම ඊශ්‍රායලයේ
පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙනුත් කතා කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.
පලස්තීන
සහයෝගීතා දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් අවුරුද්දේ නිකුත්
කරපු නිවේදනයෙන්ම මෙය අවසන් කරන්නං,
“පලස්තීන විමුක්ති
සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ
පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය
වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන
තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව සිහිකරමි.
ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය.
පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි
ඉදිරියේදීත්
බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක්
නුදුරු දිනයක ලෝක සිතියමට එක්
වේවායි ප්‍රාර්ථනා
කරමි!
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය”
https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45
http://archives.dinamina.lk/2014/01/10/_art.asp?fn=f1401102
https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45
https://www.divaina.com/2014/07/24/news37.html
http://archives.dailynews.lk/2008/10/09/fea01.asp
https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/
https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/
ඡායාරූපය https://www.bbc.com/sinhala/news/story/2004/11/041112_arafat_funeral

No comments:
Post a Comment