Monday, April 6, 2015

ඇමෙරිකන් බෞද්ධ

ඔබාමාගේ නංගී බෞද්ධ අය කියලා අපේ අය කෑ ගහනවා,,අයින්ස්ටයින් බුද්ධ දර්ශනය ගැන කිව්වා කියලා පෝස්ට් දානවා...බිල් ගේට්ස් වගේ ලෝ ප‍්‍රකට චරිත බුද්ධ දර්ශනය ගැන කිව්වා කියලා පෝස්ට් දානවා....එතකොට ඒ අය ඇමෙරිකන් බෞද්ධ ද...යුදෙව් බෞද්ධදද..මුස්ලිම් ආන්තවාදයක් තිබෙනවා..ඒ දේ  ඕනෑම කෙනෙකුට පේනවා...ඒක ලංකාවට විතරක් නෙමෙයි, ඇමෙරිකාවට, රුසියාවට, මහා බි‍්‍රතාන්‍යයට, ප‍්‍රංශයට,  ඕස්ටේ‍්‍රලියාවට වගේම අසල්වැසි ඉන්දියාවටත් දැනෙනවා. මුස්ලිම් අන්තවාදය නිසා..අහිංසක මුස්ලිම් මිනිස්සු මැරෙනවා...අනික් අයගේ අන්තවාදය, නවත්වන කලින් අපි අපේ අන්තවාදය මඟහරින්න  ඕනේ...අපි අන්තවාදී විදියට ඉඳලා අනිත් අයගේ අන්තවාදය ගැන කතාකිරීම හරිද...

අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්රෝ͍ධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.


 අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්රෝකධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.

ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි 
ධම්මපදය යමක වගග

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive