ඉස්සර ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි ඉගෙන ගන්නේ කියලා....මට හරියට උත්තරයක් තිබ්බේ නැහැ. මම එක එක උත්තරයක් දුන්න. හොඳට ජීවත්වෙන්න. අම්මට තාත්තාට සලකන්න. හොඳ පුරවැසියෙක් ඉන්න වෙන්න. ඔය වගේ ගොඩක් උත්තර තිබ්බා. ඒත් අද මට හරියට උත්තරයක් හම්බවුණා. අද මම ආර්පිකෝ එකට පොඞ්ඩක් ගියා. එතැන එළියේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නා එක්ක කපුරු බෝල විකුණනවා. චූටි දූත් විකුණනවා. අම්මා අනෙක් පොඩි දරුවට කිරි දෙනවා. මට අර පුංචි දරුවගෙන් අහන්නත් හිතුනා ඉස්කෝලේ යනවාද කියල. ඒක අහන්න බැරි උන එක ගැන මට දැන් තියෙන්නේ දුකක්. මම ඉගෙනගන්නේ ඇයි. අපි ඉගෙනගන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්. අම්මා තාත්තා කන්න දුන්නු ඒවායෙන්. අවුරුදු ගානක් තිස්සේ වියදම් කරපු සල්ලි වලින්. මම ඉගෙනගන්නේ, මේ රටේ ඉගෙන ගන්න බැරි උන මිනිස්සුන්ට දෙයක් කරන්න. ඒ කොයි විදියද කියන්න මම දන්නේ නැහැ. මේවා තාම මගේ හීන. නූගත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න, රස්සාවක් හොයලා දෙන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත දශමයකින් හරි උඩින් තියන්න. ඒ ඔක්කොටම වඩා මේ රටේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන්න, පුංචි දරුවෝ හැමෝම ඉස්කොලේ යවන්න. හැම දේටම මුල වෙච්ච අධ්‍යාපනය හැමෝටම ලබාදෙන්න. කපුරු බෝල විකුණන දරුවෝ, පාරේ හිඟා කන දරුවෝ, තේ වතුවල තේ කඩන දරුවෝ, බෝට්ටුවේ මාලූ අල්ලන්න යන දරුවෝ, බෝට්ටුවල වැඩකරන දරුවෝ , තමන්ගේ තාත්තා මේසන් බාස් වෙච්ච තාත්තගේ අත් උදව්වට යන දරුවෝ, කඩවල තේ හදන දරුවෝ, හෝටල්වල වේටර් වැඬේ කරන දරුවෝ, ආදී නොයෙක වැඩ කරන පාසල් නොයන දරුවෝ ඉස්කොලේ යවන්න, වෙන වෙන දේවල්වලට දක්ෂ සා/පෙ, උ/පෙ ෆේල් වෙන දරුවන්ගේ දක්ෂතා ඔප් නංවන්න, මට මේ හැම හීනයක්ම හැබෑ කරගන්න පුලූවන් වෙයිද දන්නේ නැහැ, නොමැරී හිටියොත් මම අඩුගානේ එක මගේ ලෙයින් ජාතක නොවන එක දරුවෙක්ට හරි හොඳට උගන්නනවා. (අපේ අම්මා මේක දැක්කානන් කියයි රට හදන්න කලින් උඹ හැදිලා ඉඳින් කියලා, තාත්තා උත්තරේ කරන දෙයක් හරියට කරන්න, සල්ලි නෙමෙයි ජීවිතේ, මනුස්සකම )
2015.04.10
2015.04.10
No comments:
Post a Comment