Wednesday, April 1, 2015

අපේ‍්‍රල් පළමු වැනිදා...

අපේ‍්‍රල් පළමු වැනිදා....
මෝඩයන්ගේ දවස කියන දේ මම පිළිගන්නේ නැහැ, මේ ලෝකේ ඉන්නේ හොඳ මිනිස්සු හා නරක මිනිස්සු කියලා කොටස් දෙකක් පමණයි. මෙහෙම කියන්නේ මම නෙමෙයි, ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සු. එක්කෝ අපි හැමෝම මෝඩයි. නැත්නන්, නරකයි කියන මනුෂ්‍ය කොට්ඨාශය මෝඩයි. නරක අයට හොඳ වෙන්න පුලූවන්, ඒ කියන්නේ මෝඩ මිනිස්සුන්ට මෝඩ කමෙන් මිදෙන්න පුලූවන්..අපේ රටේ මේ දක්ව බිහිවුණු, ලංකාවේ පළමු වැනියෝ, විභාග සමත්වුණු (මාත් ඇතුලූව* ගත්තෝ, අපේ රටේ අද කොයිවගේ තැනකද තියන්න පුලූවන් කියලා හිතාගන්න හැමෝටම පුලූවන්. මොකද ලෝකේ අමාරුව විභාග තියෙන්නේ අපේ රටේ කියලා බොහෝ දෙනා පිළිගන්න නිසා. විභාග සමත්වුණු හැමෝම  ඕනේත් නැහැ. හැමපාරකම මුල් ස්ථාන ගත්තු 10 දෙනා ගානේ, උසස් පෙළින් විතරක් ගත්තෝ, කලා, වාණිජ, විද්‍යා අංශ තුනෙන් ගත්තොත් අවුරුද්දකට සරලව, 30ක්, පහුගිය අවුරුදු 30 දී ගාන ගන්න. ඒ අපේ රටේ හොඳම මොළ, ඒත් අපි රටක් විදියට ඒ ඒ අයගෙන් වැඩ අරන් තියෙනවාද, අපේ අධ්‍යාපන ක‍්‍රමයේ අඩුපාඩු තියෙන බව හැබෑව, හැබැයි, මේ මුල් ස්ථාන දහය එන්නෙත් ඒ අමාරුකම මැද්දේ, ඉතින් තනියෙන් තනියෙන් යමක් කළත් අපි කරලා තියෙන්නේ මොනවාද, මමත් වගකියන්න  ඕනේ, අපි උසස්පෙළ සමත්වෙලා රැුකියා නැහැ කියලා කෑගහනවා, උසස් පෙළ වෙනකන්, නැත්නන් උපාධියක් ගත්තු අපි, රස්සලා ඉල්ලලා කෑ ගහන්න  ඕනේද, අපි ඉගෙන ගත්තු දෙයින්, ඉහළට ඉගෙන ගත්තු නැති පිරිසට රැුකියාවක් දෙන්න බැරි නන්, එහෙම දෙයක් පටන් ගන්න බැරි නන් අපේ වැඬේ මොකක්ද, ඒත් මේ රටේ වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නේ උසස් පෙළ වත් නොකරපු මිනිස්සු කියන දේයි මගේ හැගීම, උපාධිය, උසස් පෙළ, අපි පොදු තැන් විදියට ගමු, මේ කියන දේ, මටත් අදාළයි. මට කවදාහරි හරි දවසක් අඩු ගානේ මිනිස්සු පස් දෙනෙක්ට හරි ම බොස් කෙනෙක් විදියට පඩි ගෙවනවා, ඒක මගේ හීනයක්, ඊයේ සරසවි වරම් ලබපු අය, උද්ඝෝෂණ කරනවා, පොලිසියට ගහනවා. පොලිසියට එහෙම ගහන්න අයිතියක් නැහැ කියන දේ වගේම සිසුන්ට එහෙම හැසිරෙන්න බැහැ කියලා මම විශ්වසා කරනවා, සරසවි වරම් ලබන්නේ උසස් පෙළ ලියන පිරිසෙන් සියයට 2ක් පමණ, ඒ අය ඉගෙනගන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිලින්, සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැන්වල අඩුපාඩුවක් තියෙන බව අපි පිළිගන්න  ඕනේ, ඒ උනත්, එහෙම උන පලියට, සල්ලිගෙවලා ඉගෙන ගන්න උන්ට අපහාස කරන්නත්, මිනිස්සුන්ගේ සල්ලිවලින් සරසවිවරම් ලබලා, ලෙක්චර් කට් කරන්නත් අයිතියක් නැහැ. හැබැයි ලෙක්චර් ගියාට, කන්න බොන්න අදින්න බස් එකට සල්ලි ලැබෙන්නෙත් නැහැ. අපි අවුල් ලිහන්න  ඕනේ, අවුල් ඇතුළෙමයි..මම දකිනවා අපි අරගල කරන්න  ඕනේ විදියේ වෙනසක් අවශ්‍යයි කියලා..ඉස්සර තිබුණ අරගල නිසයි, අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ නමුත්, දැන් අරගලවලට අලූත් ස්වරූපයක් එක් වෙන්න  ඕනේ කියලා මම හිතනවා. රටේ ඉන්න උගත්තම පිරිසෙන් කොටසක්, පාර් පොලිසියෙන් ගුටි කද්දි සමහර වෙලාවට රටට ආදායම් ගේන්නේ, උසස් පෙළ වත් නොකරපු ස්වයං රැුකියා කරන මිනිස්සු, මැද පෙරදිග යන තරුණියෝ, මාලූ අල්ලන තාත්තලා, ඔය වගේ ගොඩක් අය. අරගල කරන විදියේ වෙනසක් අවශයයි..මේකට මට බැනලා ගොඩක් දේවල් එන්න පුලූවනි, අධ්‍යාපනයත්, සමාජයත්, මාධ්‍යයත්, ආදී තැන් නියෝජනය කරන මට ඇහුණ දේවල්, දැකපු දේවල්, ඔක්කොගෙම සංකලනයක් මම ලිව්වේ..අපේ සමාජයයි, විශ්වවිද්‍යාලවල සිසුනුයි දුරස්ථයි. නමුත් අනිත් රටවල මීට වඩා වෙනස්, විශ්වවිද්‍යාල සිසුන් හා සමාජය අරගල කරන්නේ එකට, එහෙම නැති රටවල් ඇති, පොදුවේ අරගලයක්  ඕනේ, මීට වඩා වෙනස් විදියකට. අපි කතාකරමු..හොඳ සාර්ථක අරගලයක් වෙනුවෙන්. ඒකේ ප‍්‍රතිඵල සමහරවිට අපිට නෙමෙයි වෙන්න පුලූවන්, ඒකම තමා හොඳ,

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive