මුහුදෙන්
වටවෙච්චි රටක් නිසාද මන්දා අපි හැමදාමත් රැල්ලට යන රටක් වෙලා. එක සතියක එක
මාතෘකාවක් තවත් සතියක තව මාතෘකාවක්. අපි කොහොමත් රැලිවලට ආසයි. හැමෝම මොනයම්
විදියකින් හෝ මේ රැලිවලට අහු වෙනවා. මෑතකාලීනව සනත් ජයසූරියගේ ඉඳන් ගංවතුර, රහල්
අල්විස් එතැනින් නොනැවතී ආසන්නතම සිදුවීම බවට පේරාදෙණිය ශිෂ්‍යයාව ආවා. මුහුදක්
ගාවා ඉද්දි ඇත්තටම සිසිලසක් අපේ හිත්වලට හරි සැහැල්ලු හැඟීමක් එනවා වගේම
අන්තර්ජාලයේ, සමාජයේ නිර්මාණය වන ඇතැම් රැළි නිසා සමාජයේ තිබෙන සැබෑ ප්‍රශ්න රට
යනවා.
සියදිවි
නසා ගැනීම්වලින් අංක එක වෙච්ච රටක, ලිංගිකත්වය ගැන අමුම අමු ගොබ්බ මානසිකත්වයකින්
ඉන්න රටක ප්‍රසිද්ධියේ ආදරය කරන එක, කොල්ලෙක් කෙල්ලෙක්ට හාද්දක් දෙන එක පිටසක්වලයෝ
ගොඩබෑවා වගේ අමුතු දෙයක් වෙච්ච රටක මනුස්සයෙක්ට ගහන බනින එක මනුස්සයෙක්ට හිරිහැර
කරන එක මිනිස්සු මරණ එක වීරත්වයක් වෙච්ච රටක අපි තවමත් ගල් යුගයේ ජීවත් වන්නෙමු.
මනුස්සයෙක්
සියදිවි නසාගන්න එක, සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරිය යුතු ආකාරය
ඉතාමත් ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක්
හැටියට, නැතිනම් ලංකාවට අනුව මාධ්‍ය ආයතනයක සේවකයෙන් හැටියට ඇතැම් පිරිස්වල හැසිරීම
ගැන තිබෙන්නේ කලකිරීමක් සහ කනගාටුවක්. මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඇතැම්
ප්‍රවීණයන්ගෙන් පොත පතින්, හා විදේශීය මාධ්‍ය භාවිතයෙන් අප උගන්නා ආචාරධර්ම ඇතැම්
ජ්‍යෙෂ්ඨයන් විසින්ම අමු අමුවේ උල්ලංඝණය කිරීම, ඇතැම් වෙබ් අඩවි, රූපවාහිනි මාධ්‍ය,
පුවත්පත් අමු අමුවේ විනාශ කර දැමීම, එවැනි ආචාරධර්ම තඹ දොයිතුවකට මායිම් නොකිරීම
සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කනගාටුවකි.
අධ්‍යායපනයට
සියයට හයක් වෙන් කරන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛව බොහෝ පිරිසක් දැඩි
අරගලයක නිරත විය. එම අරගලය පසුගිය ආණ්ඩුව යටතේ ආරම්භ වුවත් වත්මන් ආණ්ඩුව යටතේද
මුල් අවස්ථාවේ තිබූ සක්‍රීයත්වය නොතිබුණ ද අරගලය පැවැතුණි. එහි නියමුවකු ලෙස
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දිය හැකි අතර එක් අවස්ථාවකදී එක්තර
පුද්ගලයකු ඔහුගෙන් සියයට හය ලැබුණේදැයි විමසා තිබුණි. සියයට හය නිර්මාල් රංජිත්
දේවසිරිට පෞද්ගලික අරගලයක් නොවන බව පෙන්නුම් කරමින් තිබියදී එවැනි ප්‍රශ්න විමසන
පුද්ගලයෝ මේ රටේ බොහෝ වෙති. ඒ මේ රට් හැටිය. මාධ්‍ය වෘත්තිය, වෘත්තියක් ලෙස පත්
කරගැනීමට නොහැකිව තිබෙන්නේ ද නිසි මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සියයක් සියයක් නොමැති
වුවත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ද ඔවැනි කරුණු
නිසාය.
පේරාදෙණියේ
සිසුවියගේ සිදුවීම ගත්ත ද එසේය. උඩින් පෙනේනට ඉතා ලස්සනට තිබුණ ද මේ රට සම්පූර්ණ
විභාගයක් බවට පත්ව තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සියලු ක්ෂේත්‍රවල ඇත්තේ දැඩි අර්බුදකාරී
තත්ත්වයකි. රට තුළ ආගමික, සංස්කෘතිමය, සමාජමය ප්‍රශ්න රැසක් නිර්මාණය වී සහ
නිර්මාණය වෙමින් පවතියි. සියදිවි නසා ගැනීම එහි එක් පැතිකඩකි.
සියදිවි
මොනයම් හේතුවක් නිසාවත් සාධාරණීය කළ නොහැක. මේ ලොව තිබෙන සෑම මනුස්ස ජීවිතයකටම
වටිනාකමක් තිබෙන්නේය. මනුස්ස ජීවිතවලට පමණක් නොව ගහකොළ, ඇළදොළ, සත සීපාවෝ සියලු
දෙනාටම මේ ලොව ජීවත්වීමට අයිතියක් මෙන්ම, ජීවත්වීමට වටිනාකම් තිබේ. ඒ ඒ ජීවිතවලට
ලෝකය තුළ කරන්නට කාර්යභාරයක් ෂේක්ස්පියර් කීවා මෙන් රංග දක්වන්නට භූමිකාවක්
තිබේ. ඒ ඒ භූමිකා කිසිම අවස්ථාවක සමාන වන්නේ නැත. සමාජයක කසළ ශෝධකයාගේ කාර්යභාරය
තවත් වෘත්තියක් හා සමාන කළ නොහැක. මේ සමස්ත ලෝකයම ජාලයක් මිස එකිනෙකා උස් හෝ පහත්
හෝ වන්නේ නැත. එකිනෙක එකිනෙකට බැඳී තිබේ. මේ ලෝකයට කසළ ශෝධකයන් මෙන්ම ප්‍රකෝටිපතියන්
ද අවශ්‍යය. අපි සියලුදෙනා දාමයක පුරුක් වෙමු.
සියදිවි
නසා ගැනීම කියන්නේ නම්, එය පුද්ගලයකුගේ දරා ගැනීමට හැකි සීමාව ඉක්මවා ගිය
අවස්ථාවකි. සියලු දෙනා තමාගේ ජීවිතවලට ආදරය කරන අතර මොහොතක සිදුවන කරුණක් නිසා ඇති
වන්නකි. වෛද්‍ය විද්‍යාත්මක මේ ගැන කියනවාට වඩා සරල කරුණ එයයි. මානසික තත්ත්ව,
මූල්‍ය අර්බුද, පවුල් ආරවුල්, විවිධ රෝගාබාධ, ආදර සබඳතා බිඳී යෑම් වැනි දේ සියදිවි
නසා ගැනීම්වලට පොදු හේතු කරුණු කාරණාය.
සියදිවි
නසා ගැනීම යනු වෙනමම ලිවිය යුතු මාතෘකාවකි. එහෙත් මිනිසුන් තමන්ගේ ජීවිතවලදී ගන්නා
පෞද්ගලික තීරණ ගැන විචාර ලිවීමට, විවේචන ලිවීමට හෝ ඒවා ගැන දොස් තැබීමට අපට
අයිතියක් නැත. මිනිසුන් ගන්නා පෞද්ගලික තීරණවලින් සමාජයට, රටට බලපෑමක් වන්නේ නම්,
සමාජ යහපතට හෝ අයහපතට බලපෑමක් වන්නේ නම් පමණක් අපට ඒ සම්බන්ධයෙන් කතා කළ හැකිය.
ඇය
මොනයම් හෝ හේතුවක් මත ජීවිතය ගත කළ කාලය අවසන් කිරීමට තීරණය කළාය. ඒ ඇය ඒ
මොහොත් ගත් තීරණය. ඇය මොන දේ ලියා තබා ගිය ද, මොන දේ කළ ද, අප අද දන්නේ මොනවා වුවද
ඇය ඒ තීරණය ගත්තේ ඇයිදැයි දන්නේ ඇයම පමණි. එහි හරි වැරැද්ද තීරණය කළ හැක්කේ ඇයටම
පමණි. අප අතීතයේ ගත් තීරණ ඕනෑම අයකුට හරි වැරැදි බව කිව හැකි වුවද ඒ සියල්ලේ අවසාන
වගකීම ඇත්තේ අප සතුය. එය ඇයටත් පොදුය. ඇය මෝඩ කෙල්ලක නොව අප පහුකළ අති දුෂ්කර
අවස්ථාවක් හා සමාන අවස්ථාවක් ඇයට පසු කරගැනීමට බැරි වූවා පමණි. එවැනි අය අප සමාජයේ
තවත් බොහෝ වෙති.
අපට
සමාජයේ මුණ ගැසෙන සියලු දෙනා, බස් රථයේ, දුම්රියේ අප අසුනේ සිටින අනෙක් පුද්ගලයා,
රැකියා ස්ථානයේ අප සමඟ සිටින මිතුරුන්, අපට මුණ ගැසෙන සියලු දෙනා මොනයම් හෝ ප්‍රශ්නයකට
මුහුණ දී සිටින්නේදැයි අපි දන්නේ නැත. හැමෝගේම ජීවිතවල ප්‍රශ්න තිබේ. ඒ ඒ
අවස්ථාවලදී යම් මොහොතකට හෝ ජීවිතයෙන් යන්නට, ජීවිතයට සමුදෙන්නට අපට සිතෙන අවස්ථා
ඕනෑ තරම් තිබේ. ඇතැමකුට එසේ කරගන්නට අවස්ථාවක් නොලැබෙන අතර ක්ෂණික තීරණයකින් ඔවුහු
තම ජීවිතවලට අවසානය ගෙන්වා ගනිති. එය නතර කරන්නට අපට හැකියාවක් ඇත. හැකිතාක්
මිනිසුන්ට කාරුණික වීමට ගන්නා උත්සහායකින් කෙනකුගේ ජීවිතයක බොහෝ දේ වෙනස් කළ
හැකිය. එක් සිනහාවකින්, එක් වචනයකින් මිනිසුන්ගේ ජීවිතයක් බේරා ගැනීමට හැකිය.
කොතරම් භෞතික සැප සම්පත් තිබුණද ජීවිත රඳා පවතින්නේ ආදරය, කාරුණිකත්වය, සෙනෙහස,
පරිත්‍යාගශීලිත්වය, දයාව ආදී මානුෂික හැඟීම් මතය. ඇගේ අවසන් තීරණයට පෙර අවාසනාවකට,
කාරුණිකව ඇගේ හිත සනසන්නට ඇයට ආදරණීය වචනයක් කියන්නට කෙනකු මුණ නොගැසෙන්නට ඇත. අපේ
සමාජයේ මේ ව්‍යවසනකාරී තත්ත්වයෙන් මුදා ගන්නට කතා කරන්නන්ට වඩා මිනිසුන්ට සවන්
දෙන්නන් අවශය කර තිබේ. සිනහා වෙන්නන් අවශ්‍ය ව තිබේ. ඔබේ එක් ආදරණීය වචනයකින් එක්
ආදරණීය හා කාරුණික සිහිනයකින් තවකකුගේ ජීවිතය ආරක්ෂා විය හැකිය. මොහොතක් ඒ ගැන
සිතන්න.
ඡායාරූපය Stephanie Rabemiafara/Art in All of Us via Getty Images
හර්ෂණ තුෂාර සිල්වා
2017.06.07

No comments:
Post a Comment