ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන්, විශ්ලේෂකයන්,
ආර්ථික විද්වතුන් මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනා මේ වනවිට බොහෝ දේ
ලියා ඇත.
ලාංකිකයන් පමණක් නොව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශිකයන්
පවා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වා ඇත.
මෙය ලියන මම ද මාධ්‍යවේදියකු ලෙස නොව සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය
තරුණයකු ලෙස යමක් ලිවිය යුතු යැයි අදහස් කරගනිමින් සරල යමක් ලියන්නට ආරම්භ කළ අතර මාර්තු
12 වැනිදා මගේ බ්ලෝග් අඩවියේ එසේ ලියා පළ කළෙමි.
වඩාත් බරසාර යමක් නොව සාමාන්‍යය සරල භාෂාවකින් ද සරලව යම්
ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නම් අපි කළ යුත්තේ මොනා ද යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයකු
ලෙස මට අත්දැකීම් මා සිතන දේ ද එසේ ලියන්නට ආරම්භ කළ අතර ඒ අනුව ලිපි අතළොස්සක් එහි
පළ කළෙමු.
පළමු ලිපිය ලියද්දීම මම මෙසේ ලීවෙමි. “මේ වනවිට රට
දරුණු අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විශ්ලේෂකයන් ට අනුව නම් හරි අර්බුදය
තවමත් ආරම්භ වී නොමැත.”
මේ ගැන මටත් වඩා හොඳට මා මිත්‍ර ධනා,
එහෙමත් නැතිනම් ධනනාත් ප්‍රනාන්දු එක් අවස්ථාවක ලියා තිබිණි.
ධනනාත් ආර්ථිකය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දක්වන ඒ සම්බන්ධයෙන්
විශේෂඥතාවයක් දක්වන සහ ඒ සම්බන්ධයෙන් නිතර අදහස් දක්වන අයෙකි.
ධනනාත් නියෝජනය කරන ආර්ථික කඳවුර සම්බන්ධයෙන් යම් විවේචනයක්
තිබේ. එනම් ඔවුන් ධනවාදී සහ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නියෝජනය කරන්නේ ය යනුවෙනි. මම
මේ සම්බන්ධයෙන් ලියා තැබුවෙමි. මෙතැන
තියෙනවා.
අපේ රටේ ලේබල් ගැසීමත් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට
යෑමේදී, වමේ ප්‍රතිපත්ති, නියෝ ලිබරල්, ධනවාදය ආදී එකී මෙකී නොකී තර්ක ගෙන ඒම සුලබම
සිදුවන්නකි.
මගේ අදහස නම් යම් අවස්ථාවකදී, යම් ගැටලුවකට අවශ්‍ය වන්නේ
ප්‍රායෝගික විසඳුම් ය. තිරසර විසඳුම් ය. එය ඇතැම් විටෙක ධනවාදී වන්නටත් තවත් විටෙක
වමට බර වන්නටත් පුළුවන් ය.
අවශ්‍ය වන්නේ ගැටලුවක් ඇති නම් ගැටලුවට තිරසර විසඳුම් ය.
එම කරුණ අදටත් වලංගුය. ඊට ප්‍රධානම කරුණක් වන්නේ අපි ගසන්නේ
“රෝල්” බැවිනි.
අතනින් ටිකක් අරගෙන මෙතැනටත්, මෙතැනින් ටිකක් අරගෙන අතනටත්
දීමේ ක්‍රමවේදය අපි භාවිත කරමු. රටක් ලෙසත් රටේ පුරවැසියන් ලෙසත් මෙය නිරන්තරයෙන් සිදුවන්නකි.
අවුරුදු 74ක් තිස්සේ ම අපි මෙම ක්‍රමවේදය දිගින් දිගටම භාවිත
කළෙමු.
යම් පුද්ගලයකු ලෙස එය කරනවා වගේ නෙමෙයි රටක ආර්ථික ප්‍රතිපත්තිය
එහෙම වුණාම.
අපි අවුරුදු ගාණක් ආර්ථිකයේ මූලධාර්මික එහෙමත් නැතිනං මූලික
ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නෑ. දීර්ඝකාලීන ප්‍රතිපත්ති සකස් කළේ නෑ.
අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවන දේශපාලනඥයෝ කළේ පුළුවන්
තරම් හම්බ කරගත්තු එක සහ අවුරුදු පහකින් ආයේ පත්වෙන්න මොනාද කරන්න පුළුවන් ඒ ටික කරපු
එක. ඔය චක්‍රය තමයි දිගටම කැරැකුණේ.
එහෙමයි කියලා අද රට මේ තියෙන තත්ත්වයට හේතුව දේශපාලනඥයෝ විතරක්
ම නෙමෙයි. රටේ ජනතාව, එහෙමත් නැතිනම් මහජනතාවත් වගකියන්න අවශ්‍ය යි. එතැන තියෙන ප්‍රධානම
කරුණ තමයි, අපට පුරවැසියෝ හිඟ වීම.
කොහොමින් කොහොම හරි පහුගිය අවුරුදු දෙක තුනේදී වුණේ, ටිකක්
පස්සේ එන්න තිබ්බ අවුල් ගොඩක් ඉක්මන් කරගත්තු එක.
කලින් පත්වෙච්චි ආණ්ඩු පැලැස්තර විසඳුම් ගහලා, රෝල් ගහලා
වැඩේ ෂේප් කරගත්තා.
බිත්තියක සිදුරකින් වහලේ හිලකින් වතුර වැටෙනවා නං අපි කරන්නේ
මොකක් හරි විදියකින් තාවකාලිකව සිදුර හෝ හිල වහන එක. වතුර වැටෙන තැනට භාජනයක් තියන
එක. ඒත් මේ ආණ්ඩුව කළේ ඒ සිදුර නැතිනං හිල ලොකු කරපු එක.
ඒකෙන් වුණු ඉරි තලපු තැන් තවත් ඉරි තැලුවා. වතුර ගලන එක වැඩි
වුණා. දැන් ඉතින් එක දිගට ගලනවා.
එහෙම වෙලත් මේ ආණ්ඩුව තවමත් අඩුම ගාණේ කෙටි කාලීන සැලැස්මක්
ඇතිව හරි වැඩ කරන බවක් පේන්නේ නෑ.
පොඩි පොඩි තැන් තිබ්බට දීර්ඝකාලීන සැලැස්මක්, මධ්‍ය කාලීන
හා කෙටිකාලීන සැලැස්මක් පේන්න නැහැ.
ඒ වගේම කලින් කරපු වැරැදි ටික ඒ විදියට කරගෙන යනවා.
තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න වත් බුද්ධිමත් දෙයක් කරන බවක්
පේන්නේ නැහැ.
ඒ වගේ විරෝධතාකරුවන්ට පහර දුන්නු සැකකරුවෝ අත්අඩංගුවට ගන්නවා
වගේ සාධනීය දේවල් කරන්නෙත් නැහැ.
ඒ වගේම විරෝධතාවල හිටපු මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. පොලිස්
කෲරත්වය පවත්වාගෙන යනවා. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරනවා.
මේ ක්‍රියාදාමයෙන් වෙන්නේ තවමත් ආණ්ඩුව ගැන විශ්වාසය තියාගෙන
ඉන්න මිනිස්සු ටිකත් නැති කරගැනීම.
ඒ වගේම අර්බුදය තවදුරටත් උත්සන්න කිරීම.

No comments:
Post a Comment