කවුරුවන් හෝ කලාකරුවකු මියගියාම, ඒ ගැන විස්තර කියන්න ඉන්න ප්‍රමාණය ඔවුන් කියන කතා දැක්කම හිනත් යනවා. අමරදේව යනු එක්තර යුගයක් බිහි කළ කලාකරුවෙක්. සරලව කිව්වොත් ලෙජන්ඩ් එකක්. හැබැයි අමරදේවයන් මියගිය පමණින් සංගිත කලාව මිය යන්නේ නැහැ. කුඩා කාලයේ ඉදන්ම කුමක් හෝ හේතුවකට අමරදේව යනු මගේ ප්‍රියතම ගායකයයි. එහෙත් ඔහුගේ මියයෑම සම්බන්ධයෙන් කනගාටුවක් නැත.
(ඡායාරූපය ඩේලිමිරර්)
ඔහු පරමායුෂත් ඉක්මවා ජීවත්වූවා පමණක් නොව, මතක හිටින යමක් කර ඇත. කිසිවකු මියගිය පසු කනගාටුවක් ඇති වන්නේ නම් ඇතිවිය යුත්තේ අඩු වයසින් මිය ගියා නම් පමණි, මන්දයත් මරණය සියලු දෙනාට පොදු නිසාය. මහේල සංගක්කාර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාම ක්‍රිකට් ඉවරයි, ටීම් එකට එන්න වගේ කතා අමරදේවයන් මියගියාම කියනා කතා අතරේත් වෙනසක් නැහැ. විය යුත්තේ අමරදේවයන් ඇති කළ සම්ප්‍රදාය අනාගතයට දායාද කිරීමය. නැවත අමරදේවයන් කෙනකු ඇති වන්නේ නැති අතර අප එසේ බලාපොරොත්තු තැබිය යුතු ද නැත. අමරදේවගේ සංගීතයට ප්‍රිය කළා නම්, ඔබට එය අසන්නට ඇති පහසුකම් ඕනෑ තරම් ඇත. අමරදේවයාණෙින් සුබ ගමන්..අනෙක් අතට, තරුණ පරපුරට බැන අඬ ගසන බොහෝ දෙනකුට අමරදේවයන්ට ප්‍රිය කළ තරුණයන් කොතරම් සිටිනවාද, තරුණයන්ගේ රසඥතාව මියගොස් නැතැයි කීමට ද සාක්ෂි විජය නන්දසිරි තබා ගියා මෙන්ම අමරදේවයන් ද තබා ගොස් ඇති බව ඇස් පනාපිට ඇත. (අමරදේවගේ සංගීතයට ලක්වාසී සියලු දෙනාම ප්‍රියා කළ යුතු ද නැත)
හර්ෂණ
03.11.18
No comments:
Post a Comment