ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායක සිට සියලූම දේශපාලනඥයන්, භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයන් , සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් අපට පෞද්ගලික අමනාපකම් කිසිවක් නැත. එහෙත් ඔවුනොවුන්ගේ දේශපාලන භාවිතය සමාජ භාවිතය සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශ ඔවුන්ගේ දේශපාලනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපට විවේචනය ඇත. යහපත් යමක් කළ විට එය අගය නොකර සිටීමට තරමක් පහත් මානසිකත්වයක්ද අප සතුව නැත. කොළඹදී අද පැවැති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අවසන් වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ඕමල්පේ සෝභිත හිමියනුත් රැඳි සිටියහ. ඔවුන් ඒ වෙනුවෙන් කාලය වෙන් කරමින් එය අවසන් වනතෙක් රැඳි සිටීම අගය කළ යුත්තකි. මේ පුංචි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට සුවපත් කළ යුතුය. සුවපත් සමාජයක් එක්සත් හා එකමුතුව ඇති රටක් බවට පත් කළ යුතුය. එවැනි අවශ්‍යතාවක් තිබියදී ජනාධිපතිවරයාත්, ඕමල්පේ සෝභිත හිමියනුත් සමුළුව අවසන් වනතෙක් රැඳි සිටීම අගය කළ යුත්තකි.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ සහ මහ සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූ අතර ජනප්‍රිය නොවන මාතෘකාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ සහභාගීත්වය අගය කළ යුතුය.
No comments:
Post a Comment