Monday, November 10, 2014

සිහිනය

ශ්‍රී ලංකාව නැවත වතාවක් ඉන්දියාවේදී අසාර්ථක විය. මෙම තරගාවලිය 3x2 ක් ලෙස අවසන් කරන්නේ නම් හොඳය. එහෙත් අතීතය ඊට හාත්පසින්ම වෙනස්ය. අපි මෙතෙක් ඉන්දියාවේ දී තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමට අපොහොසත් වීමු. කෙසේවෙතත් ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කිරීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. ලෝක කුසලාන තරගාවලිවල සුපිරිතම කණ්ඩායම වන  ඕස්ටේ‍්‍රලියානු පිලද ඉන්දියාවේ පැවැති පන්දුවාර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කළ හැකි නම් කණ්ඩායමක් වේ නම් ඒ පාකිස්තාන කණ්ඩායමයි. මක්නිසාදයත් ඔවුන් කී‍්‍රඩාව පමණක් මුල් කරගෙන ඉන්දියාවට නොපැමිණෙන නිසාය. දේශපාලනය ආදී එකී නොකී සාධක රැුසක් මුල් කරගෙන ඉන්දියාව හා පාකිස්තාන අතර තරග පැවැත්වෙයි. අන් කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාව සමඟ මුහුණ දෙයිද එම කණ්ඩායමටද කි‍්‍රකට් පිටියේදී ඉන්දීය කී‍්‍රඩකයනගෙන් එල්ල වන පීඩනයට අමතරව බාහිරින් පේ‍්‍රක්ෂකයන්ගෙන්ද පීඩනයක් එල්ල වෙයි. ඊට අමතරව බාහිර සාධක බොහෝය. අත්දැකීම් ඇත. 1996 ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායමට එල්ල වූ ගල් මුල් ප‍්‍රහාර.
කෙසේ නමුදු මෙම තරගාවලියට අප එක්වන්නේ කරමින් සිටි පුහුණුවීම් අතරමග නවතා දමාය. කරන දෙයක් නවතා තව දෙයකට යොමුවීම අල්ලපු අත්තත් පය ගහපු අත්තත් යන දෙකම නැතිවන කි‍්‍රයාවකි. පෙර සූදානමක් නැති කිසිවක් සාර්ථාක නොවන කි‍්‍රකට් කී‍්‍රඩාවට පමණක් නොව බොහෝ දේවලට පොදුය.
මෙම තරගාවලියට පෙර අප කණ්ඩායම  හොඳ මානසික්තවයක ජයග‍්‍රාහී තරග රටාවක සිටි බව නොරහසකි. හොඳ සූදානමකින් ඉන්දියාවේ තරග සංචාරයක යෙදුණේ නම් ඉතිහාස වාර්තාව වෙනස් වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.
අපේ කී‍්‍රඩකයන් අයි.පී.එල් එන්න කීවා නම් යනවා යනු වෙනම කතාවකි. අපි සාමාන්‍යයෙන් යෙදෙන වෘත්තියට අමතරව දවසක නොසිතන මුදලක් ගෙවන දෙයකට අපි යොමුවන්නේ නිරායාසයෙනි. ඒ අපේ මුදල් අවශ්‍යතවාය නිසාය. එය අප කරන්නේ අපේ ස්ථීර වෘත්තිය අත්හැර දමා නොව එය කරන අතරතුරය. අයි.පි.එල් හා ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කිරීම යන්න ද ඒ හා සමානය.

Thursday, November 6, 2014

ජනපතිවරයාට තුන්වරක් ඉල්ලීමට (නො)හැක.

    අගමැති දි.මු.

හෘදසාක්ෂිය..........ඇත්ත වශයෙන්ම හැක ද..නොහැක ද

තුන්වෙනි පාර

අපේ ජනපති මහින්ද මහත්තයාට තුන්පාරක් බැහැ කියලා ගොඩක් අය කැගහනවනේ.මම මේ බයේ ඉන්නේ අපේ ජනපති තුමාව අනුකරණය කරන කරලා තුන් වෙනිපාර මාත් ඉල්ලනවා කියයි කියලා. මොකද ගොඩක් ජනපතිවරු අපේ ජනපති තුමාව අනුකරණය කරනවානේ. හැබැයි මේ මධ්‍යවාර ජන්දේ නම් ඔබාමගේ පක්ෂේ පරාදයි. අපේ ජනපතිතුමාගේ කට්ටිය යුද්දේ දින්නා කියනවා වගේ ඔබාමගේ කට්ටිය අපි බින් ලාඩන් මැරුවා කිව්වානම් ජන්දේ දිනන්න තිබ්බා..නැද්ද මං කියන්නේ.........

Tuesday, November 4, 2014

ආගම හා දර්ශනය

අන්නතාවදයආගම් ජනතාවට අබිං වැනිය (ආගම ජනතාවගේ අබිං ය *. අ කාල් මාක්ස් එසේ පැවසීය. බිං යන්න මත්වන්නට ගන්නකි. ඇත්තෙන්ම කිවහොත් වර්තමානයේ බොහෝ දෙනා ආගම් ලෙස හඳුනාගෙන ආගම් නොව මිත්‍යාවයි. එය බුදුදහම, ඉස්ලාම්දහම, කි‍්‍රස්තියානි දහම, හින්දුආගම ආදී එකි මෙකී නොකී සෑම ආගමකටය පොදුය. මට වැටහෙන දෙය නම් ආගම අන්තවාදයට මග පාදයි. ආගම් අදහන්නේ මනසින් බලා නොව දෙමාපියන්ගෙන් දායාද වීම, කෙනෙකුගෙන් මාර්ගයේ යෑම, ආදී කරුණු මතය. එනම්, මනසින් බලා හෝ වටහාගෙන නොව යන්නන් වාලේය. කොටින්ම කිවහොත් අන්ධ භක්තියයි. එහෙත් දර්ශනය ඊට හාත්පසින්ම වෙනස්ය. දර්ශනය යන්න කෙනෙකු හදාරයි. සත්‍ය වටහාගනී. මනසින් විචාළයි. තමා විසින්ම අවබෝධ කරගනී. මා වටහාගත් දෙය නම් එයයි. එය බෞද්ධ දර්ශනයට , ඉස්ලාම්, කිතු ආදී සියල්ලටම පොදු යැයි සිතමි. මෑතකදී කියවූ පොතක සඳහන් වූයේ, වර්තමානයේ බොහෝ දෙනා ඉස්ලාම් යනුවෙන් අදහන්නේ, වැරැුදි ඉගැන්වීම් බවය. එය ඉස්ලාම් දහමට පමණක් නොව සෑම ආගමකටම පොදු තත්ත්වයකි. ආගම්වලට පමණක් නොව සමාජයේ අප කරන කියන දේ ද ටද උරුම වී ඇත්තේ ඒ තත්ත්වයයි.

මහ රජ දුටුගැමුණු

මට මේ ආශ්චර්යවත් මිනිසා මේ සසරේ කො තැනක දී හෝ මුණ ගැසී ඇතිවාට සැකයක් නැත.
එය භ‍්‍රාන්තියක් හෝ චිත්තාවේගයක් වඩාත් තද පැහැති වර්ණා වලියකින් ඇඳ දැක්වීමක් හෝ නො වේ.
සසර වූකලි කිසි ම තේරුමක් නැති ගමනකි. එහෙත්, කිසි ම තේරුමක් නැති නිසාම එය විශාල තේරුමක් අත් කොටගෙන සිටියි. සමහර විට එය තේරුම්ගැනීමේ අප ගේ සංසාර වයස තව ම මුහුකුරා නැතිවා වන්නට පිළිවන.
අප එසේ වූවාට වටහාගත්තෝ සිටියහ. ඔවූහූ අපට මඟ පෙන්වමින් අප පසුකොට ගියහ. ඒ උතුමන් අපට පෙන්වා දුන් මාර්ගයම අප ගේ ගුරුවරයා වෙයි. තක්සලාව වෙයි.
එහෙත්, තක්සලාවන් අහසේ නිර්මාණය වන්නේ නැත. එය ඒ සඳහා භූමියක් පාදක කොටගනී (භූමිය යනු ද අප සියල්ලන් ගේම කර්මවල නිර්මාණයකි*.
ප‍්‍රඥාවන්ත මිනිසා යනු ඒ භූමියේ රස පස උලාකන්නෙක් නොවේ. ඔහුට එය වැදගත් වන්නේ සෙසු මිනිසා වෙනුවෙන් ද ප‍්‍රඥාලෝකය පතුරවාලීමට ඔහුගේ භෞතික ශරීරය පෝෂණය කරන ස්ථානය වශයෙනි. ඒ සඳහා ඔහු ගේ මානසික ශරීරය පෝෂණය කරන සංස්කෘතික ස්ථානය ද වශයෙනි.
ඔහුට එය අහිමි කිරීම ඔහු අත තිබෙන, ධර්ම ග‍්‍රන්ථය උදුරා ගැනීමකි. භාවනා කරන මිනිසාට පහර දී පලවාහැරීමක් වැන්නකි.
කවර මුහුණුවරකින් පැමිණියද ආක‍්‍රමණිකයා කළේ ඒ ටික ය.
ඒ ආක‍්‍රමණිකයාට එරෙහිව නැඟීසිටි වීරයෝ අපට ඉතිහාසය මුළුල්ලේ මුණ ගැසෙති. එහෙත් ඉතිහාසයේ අරුණෝදය දීම මුණ ගැසෙන ඉතා ම සූක්ෂ්ම ආක‍්‍රමණිකයාට පරාජය නොවන සැටි යුදමය වශයෙන් පමණක් නොව දාර්ශනික වශයෙන් ද අවබෝධ කොටගෙන සිටි වීරයා ඔහුය.

පෙරවදන
මහරජ ගැමුණු
ජයන්ත චන්ද්‍රසිරි

Monday, November 3, 2014

අභිමානය

මහේල ජයවර්ධන නම් සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයාගේ විවාහ සංවත්සරය පිළිබඳ පෝස්ටුවක් දැකීමෙන් පසු.................................

මහේල යුග දිවියට එළැඹුණේ කි‍්‍රකට් තරගාවලියක් අතරවාරයේදීය..ඒ ඉන්දීයාව සමඟ ඉන්දියාවේදීය. මගේ මතකය නිවැරැුදි නම්, එම ඉන්දීය සංචාරයද මෙවර ඉන්දීය සංචාරය මෙන්ම අර්බුදකාරී තරග සංචාරයක් වූ අතර, එහිදි කණ්ඩායමේ නායකත්වය පිළිබඳව ද ගැටලූ පැන නැගී තිබිණි. එම තරග සංචාරයට  එක්දින තරග හතක් එක්කර තිබූ අතර, එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6x1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම හමුවේ අන්ත පරාජයකට ලක්විය. මතකය නිවැරැුදි නම්, එම සංචාරයේ පළුම තරගයේදීද ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ඉන්දීය කණ්ඩායම..එම තරගයේදීද ඔවුන් ලකුණු 350 පසුකළ අතර එකළ අපි 13 පහළ කි‍්‍රකට් පුහුණු වෙමින් සිටියෙමු.. තරගයේ තොරතුරු දැනගත්තේ අපි ලසන්ත සර්ගෙන්...



මතකය ආවර්ජනය කිරීමක් පමණි.....


සැ.යු. ඉන්දීයාව හා සැසඳීමේදී අපි කි‍්‍රකට්වලින් බොහෝ ඉදිරියෙන් සිටින්නෙමු....කෝටි 2 ජනකායක් සිටින අපි, අරවින්ද, මාවන්, සචින්, මුරලි, මහේල, සංගක්කාර වැන්නෝ බොහෝමයක් බිහිකළෙමු...එහෙත් ඉන්දියාව, සචින් අවුරුදු 16 සිට 40 දක්වාම ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, එම තරගවල වැඩි ලකුණු ප‍්‍රමාණයක් රැුස්කළේද ඔහුය..තාක්ෂණය, මිල මුදල්, ජනගහනය, හා සැසඳීමේදි අපි ඉදිරියෙන් සිටිමු..පම්පෝරි ගැසීමක් නොව, දැනෙන දෙයකි. බොලිවුඞ් නළු අනිල් කපූර් විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා නොදන්නා නමුත්, අර්ජුන, අරවින්ද, මහේල, සංගක්කාර, මුරලි, සනත් දනී...අපේ අභිමානය. කයිවාරුකාරයන්ට වඩා  ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයෝ රටට බොහෝ දේ දායාද කළහ..

Wednesday, October 29, 2014

නායයෑම

දැන් වෙන්න තිබූ සියල්ල සිදුවූ සියල්ල සිදු වී අවසන්වය. සිංහල දෙමළ මුස්ලිම් සැවොම නාය ගිහින්ය. දරුවන්ට දෙමාපියන් ද දෙමාපියන්ට දරුවන්ද අහිමි වී ඇත. කළ යුත්තේ අවතැන් වූවන්ට සහන ලබාදීමය. ඒවා ඡුන්ද ගුණ්ඩු නොවිය යුතුය. ආගම්බලා නොබෙදිය යුතුයි. පාසල් ගොස් ගෙදර පැමිණි දරුවන්ට ලැබිය යුතු අන්ත අවාසනාවන්ත, දුක්ඛිතම දෙය ලැබී ඇත. ඒ ගැන කියන්නට වචන නැත. ඒ තරම්, අය ශෝකජනකය. දෙමාපියන් ඇත්තෙකු ලෙස දරුවකු ලෙස, මා ඉල්ලා සිටින්නේ, දෙමාපියන් අහිමි දරුවන්ට අනාගතයක් සලසන ලෙසයි. එය අපේ සැවොගේම වගකීමකි. වැඩිහිටියන්ට කෙසේවෙතත් දරුවන්ට අනාගතයක් ඇත. අපි බලා සිටිමු. අපි බලය ඇත්තෝ නොවෙමු. එහෙත් බලය ඇත්තන් පත්කරන්නේ අපය. ළඟම ළඟම ඡුන්දයක් එයි. බලය ඇත්තෝ කුමක් කරාවිද? බලය නැත්තෝ අපි වෙමු. අපි කුමක් කරමුද?

Thursday, September 4, 2014

අම්මා

මොහොතකට පෙර සන්නස්ගලගේ ‘අම්මා’ කියවා නිම කළෙමි. සන්නස්ගල යනු මා හා එක් බත් බෙදා ගත් යහළු මිත‍්‍රයන්ගේ සිංහල ගුරුවරයායි. අපේ පරම්පරාව අගය කරන මනුස්සයෙකි. අපට පෙර පරම්පරා සන්නස්ගලට ගරහානවා මම අසා ඇත්තෙමි. ඔහු හොඳ නරක කියන්නට මම ඔහු ඇසුර නැත. සන්නස්ගලගේ ‘අම්මා’ එළි දක්වන දවසේ කේ.ඞී. ලාල්කන්තයන් කීවේ, මම සන්නස්ගලට එස්.එම්.එස් එකක් යැවුවා, ‘මම අඬනවා, උඹ ලියනවා’ යනුවෙනි. අවසානයේ ඔහු කීවේ පොත අවසන් වූ පසු ඇති පරච්ෙ‏ඡුදයට තම තමන්ගේ නම් දා ගත හැකි බවයි. සන්නස්ලගේ අම්මා කියවද්දි මම ද ඇඬුවෙමි. එමි මගේ අම්මාද එහි ජීවත් විය. මම ශිෂ්‍යත්ව සමත් වී ගිය, ඔළුව ලොකු කරගත් බණ්ඩාරනායක ද ජේදයක විය. එකඟ නොවන තැන් බොහෝය. එකඟ වන තැන් ද බොහෝය. සන්නස්ගලට ඔහුගේ අම්මා ද මට මගේ අම්මාද වීරවරියකි. මා වෙනුවෙන් ඊයේත් මගේ අම්මා දුක් වින්ඳාය...අදත් එසේමය...හෙටත් එසේය...මා උදේ නැගිටිද්දි තේ එක හදා තියයි.. බඩ කට පිරෙන්න හදයි...අම්මා කරන දේ ලියන්න මට වත්කමක් නැත....ඒවාට ණය ගෙවන්න මට කල්ප ප‍්‍රකෝටි ගණනක් ඉපදුනත් මදිය....මෙය ලියද්දි මගේ අත් වේවලයි....මා මේ ලියන දේ මගේ අම්මා දන්නේ නැත....ඇය වෙනුවෙන් මා කරන්නට සිතා සිටින දේවල් ඈ දන්නේද නැත...මට කරන්නට පුළුවන් දැයි මා දන්නේද නැත... මා හෙට ගෙදර ගොස් ගෝර්කිගේ අම්මා සිව්වැනි වතාවට කියවනු ඇරඹීමට කැමැත්තෙමි. තෙවරක් කියවූවද ඒ පොත් කියවීමේ ඇම්මට කියවූවා මිසක් තේරුමක් ඇති ව කියවූවක් නොවේ. හෙට අරඹමි....මගේ අම්මා අම්මා වන්නේ 88 දීය. ඒ මගේ අක්කා කළලයක් වන දා පටන්ය..එතැන් පටන් දුක් විඳියි. මට වචන පැටලෙයි...මා බොහෝ සංවේදී පුද්ගලයෙකි යැයි මගේ සමීපයෝ කියති...එය එසේම යැයි ද මම විශ්වාස කරමි..අම්මාද එය දනී..ඒ හෙයින්දෝ මේ ලියන ටිකේ අගක් මුලක් ද නැත. ලියන්නේ දුකෙනි..එය දුකක් නොව අම්මා කෙරෙහි ඇති ආදරයයි...සන්නස්ගල අම්මා එළිදක්වන්නට පෙර ඔහුගේ ලිපියක් රාවය පුවත්පතේ පළවිය...සන්නස්ගලගේ අම්මා ගෙන් පසු පරම්පරාවේ අම්මා ගැන ලිවීම අනාගත පුතෙකුගේ කාර්යයැකැයි කියා ඇත..ඒ වාසනාවන්ත පුත‍්‍රයා වීමට මම කැමැත්තෙමි..විශ්වාස කරමි...මතු උපදින ආත්මයක හෝ එය කිරීමට ඉටා ගතිමි....
කවදා කෙදිනක කවුරු කීවාද මට මතක නැත...ඔහු මෙසේ කීය...මම ප‍්‍රාර්ථනා කරනවා මගේ ළඟම කාන්තාවෝ හැමෝටම ලබන ආත්මයේ පිරිමි භවයක් ලැබෙන්න කියලා’ එදා පටන් අද දක්වා මම ඒ ප‍්‍රාර්ථනාව හැමදාම උදේට කරන්නේ තේරුමක් ඇතිවද නැතිවද කියන්න දන්නේ නෑ...ඒත මගේ අම්මා, මගේ යාළුවන්ගේ අම්මලා,....ගැන බැලූවාම ඒක එහෙම වෙනවනන් හොඳයි කියලා මම හිතනවා...
මම අද වෙනකං මගේ තාත්තා අඬනවා දැකලා තියෙන්නේ එකම එක දවසයි...ඒ මගේ ආච්චි...ඒ මගේ තාත්තා අම්මාගේ අවසන් කටයුතු කරපු දවසේ....

කවදා හෝ අම්මා ගැන අම්මලා ගැන ලියන්නට බලාපොරොත්තු වෙමි.......එය මගේ අම්මා ජීවත්ව සිටියදී,...ලියන්න හැකිවේවායි මම මට සුබ පතා ගනිමි.....

Friday, May 2, 2014

කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 800යි. ඇගේ අමාරුවට 200ක බීලා 600ක බඩු ගෙනියනවා. අපි මේ ක‍්‍රමය වෙනස් කළ යුතු නැද්ද....

                                                                        අනුර කුමාර දිසානායක
                                                                               2014.05.01

Wednesday, April 30, 2014

මොන රෙද්දක්ද මේක....ආගම් භේද හැමතැනම.....කී‍්‍රඩාව දේශපාලනය...මට ප‍්‍රශ්නේ මේ හොඳට ඉගෙනගත්තු මිනිස්සුත් එක එකාට කඬේ යන එක..ඊයේ උන දේට කාහල නාදයලූ හාමුදුරු නමක් කවුරු හෝ හරි උනත් වැරදි උනත් එහෙම කතාකරනවද...බෞද්ධයෝ එහෙමද හැසිරෙන්නේ....මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරයි...ආගම කියන්නේ තමන් පෞද්ගලිකව අදහන දෙයක්...මේක සිංහල බෞද්ධයෝ හිටපු රටක්..ඒ ඉස්සර...ඒත් දැන් මේ රටේ ආගම් කිහිපයක මිනිස්සු ඉන්නවා...48 නිදහසේ ගන්න බෞද්ධයෝ විතරක්ම නෙමෙයි...හැමෝම ඒ දේට කැපකිරීම් කළා ..අපේ රටේ ඉන්න තරුණයෝ විදියට අපිවත් ආගම් භේද නැතුව කටයුතු කරමු...කරුණාකරලා අපි ශ්‍රී ලාංකිකයෝ විදියට කතාකරමු..කාලයක් තිස්සේ එන මේ ක‍්‍රමය වෙනස් කරමු...තමන්ගේ ආගම සංස්කෘතිය පෞද්ගලිකව අදහන්න..විශ්වාස කරන්න...ඒකට විරුද්ධ යමක් උනොත් කතාකරන්න...ඒ වෙනුවෙන් පෙනි සිටින්න...බෞද්ධයන්ට විරුධව ඇත්තටම වෙන දේවල් වලට මහ හයියෙන් කෑ ගහන අය කතාකරන්නේ නෑ..මම මේ ටික කිව්වාම මං ආගම් බේද කරන්න...කාටහරි කඬේ යනවා...ගොඩක් දේවල් කියයි..තමන්ගේ ආගම වගේම අනිත් ආගම්වලටත් ගරුකරන්න....තමන්ට වගේම අනිත් මිනිස්සුන්ට ගරුකරන්න...මගේ වැරදි තියෙනවා..ඒ වගේම හැමෝගෙම වැරදි තියෙනවා..ඒත් අපි හැමෝම සමාජයේ වැරදි අනිත් වැරදි කතාකරනවා..අපි අපේ වැරදි හදාගෙන අනිත් අය අතිනුත් ඒ වැරද්ද නොවන විදියට මනුස්සයෝ විදියට මනුස්ස කමින් කටයුතු කරමු...

Friday, November 1, 2013

මම උදේ වැඩට එනකොට දුටු දෙයින් ඇත්තටම මම සතුටු වූයෙමි.මම බස් රථයෙ එද්දි ඉදිරියෙන් මනුස්සයෙකුගේ අවමගුලක්..ඒ අවමගුල් පෙරහැර පහු කරන කොට බස් රථයේ හිටපු මඟීන් හැමෝම නැඟිටලා අර අවසන් ගමන් යන මනුස්සයාට ආචාර කළා....ඒ මනුස්සයා ඉස්ලාම් ආගමිකයෙක්..මුස්ලිස් ජාතිකයෙක්..මම බෞද්ධාගමිකයෙක්..සිංහල ජාතිකයෙක්්..ආගමත් ජාතියත් ඔහුගේත් මගේත් පෞද්ගලිකත්වයයි...මා ගමන් කළ බස් රථයේ සැමටත් එය පොදුය..ඔහුටත් මටත් පොදු දේවල් බොහෝයය...ඔහුත් මාත් බස් රථයේ ගමන් කළ සැවොම › ලාංකිකයෝයය..ඔහුට මෙන්ම මටත් බස් රථයේ ගමන් කළ සැමටත් මරණය පොදුය...අපේ රට මීට වසර ගණනාවකට පෙර නම් සිංහල බෞද්ධ රටකි..එහෙත් දැන් අපේ රට බහු ආගම් බහු සංස්කෘතියන් බහු ජාතීන්ගෙන් යුක්තය..ඒවා එකිනෙකාට පෞද්ගලිකය..දේශපාලකයන්ගේ වුවමනා එපාකම් වලට අපේ පෞද්ගලිකත්වයන් උදෙසා ගහමරා ගත යුතුද..?අපට ශී්‍ර ලාංකිකයන් වශයෙන් එකට ජීවත් විය නොහැක්කේ ඇයි..මේ මාගේ පෞද්ගලික මතයයි..ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කිව හැකිය..ඒත් මා ඔබේ මතය පිළිගන්නේ හෝ බැහැර කරන්නේ නැත..එසේ කිරීම මා සතු අයිතියකි...මාගේ මතය පිළිගැනීම නොගැනීම ඔබේ අයිතියයි...

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive