සයිටම් අර්බුදය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් සටහන් කරනු ඇතැයි මීට පෙර කිහිප අවස්ථාකදීම සඳහන් කළෙමි. එම අරගලයේ සතුරු හා මිත්‍ර පාර්ශව හඳුනාගැනීමේ වැදගත් කමද මම කීවෙමි. සයිටම් අර්බුදය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ ඊට විසඳුමක් දීමෙන් අවසන් නොකර එය සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළම සුවිශාල පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කෙරෙහි යොමු කළ යුතු බව අප දැන්වත් තේරුම් ගත යුතුය.
ස්ලිට් ආයතනයේ සිසුන් සංවිධානය කළ පාගමනක, ඔවුන් ප්‍රදර්ශනය කළ පාඨ විකෘති කරමින් පහත් මානසිකත්වයකින් හැසිරුණේ කවුරුන්ද යන්න පිළිබඳව නොදන්නා නමුත් ඇත්තේ කනගාටුවකි. සයිටම් අර්බුදය එකිනෙකාගේ දේශපාලන වාසිවලට හසු වීමට ඉඩ නොදීම අධ්‍යාපනයට ආදරය කරන අප සියලු දෙනාගේම වගකීමකි.
සයිටම් එසේත් නැතිනම් මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කළ ආාරයේ සිටම එය අවුල් ජාලයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි. සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳනේනේ නැත. මෙරට ලියාපදිංචි කරන බොහෝ අධ්‍යාපන ආයතන තවමත් ලියාපදිංචි කෙරෙන්නේ ආයෝජනය මණ්ඩලයේය. සයිටම් පාලනාධිකාරිය අත්තතනෝමතික ලෙස ක්‍රියාකරන බව ද නොරහසකි.
ගැටලුව ඇත්තේ සටන ගෙන යා යුත්තේ කෙසේ ද යන්න පිළිබඳවය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෝ ඒ පිරිස් ’උපාධි කඩ’ යන වචනය භාවිතය සම්බන්ධයෙන් නම් මගේ ඇත්තේ කනගාටුවකි. ලාභ අරමුණු කරගෙන පටන් ගත්තද අධ්‍යාපනය දෙන තැනකට එවැන්නක් භාවිත කිරීම නුසුදුසුය යන්න මගේ හැඟීමයි.
අධ්‍යාපන වෙළෙඳ භාණ්ඩයක් නොවන බව හැබෑය. එහෙත් වර්තමානයට සුදුසු අයුරින් අනාගත පරම්පරාවල අධ්‍යාපන අවස්ථා සැපයිය යුතුය. අධ්‍යාපනය රජයේ හෝ පුද්ගලික අංශයේ සෙල්ලම් බඩුවක් නොව, මානව අයිතිවාසිකමකි. ඒ මානව අයිතිවාසිකම නියමිත පරිදි ලැබීමට හැකි සැලසුම් සකස් කිරීමට මැදිහත් වීම අප සියලු දෙනාගේ වගකීමකි.
සයිටම් අරගලය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ එහි ගුණාත්මකභාවය ඇති කර පිළිගත හැකි සුදුසු තැනක් බවට පත්කිරීමෙන් සියල්ල අවසන් වන්නේ නැත. පළමු ශ්‍රේණියේ සිටම, පුද්ගලික පන්ති, පුද්ගලික විශ්ව විද්‍යාල, උපාධියක් ලැබීමේ අවම සුදුසුකම් , උපාධි දෙන ආයතන ලියාපදිංචි කිරීම, ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීම , විෂය නිර්දේශ, පහ ශිෂ්‍යත්ව විභාගය සිට උසස් පෙළ දක්වා විභාග, උසස් පෙළ අසමත් වන සිසුන්ට වෙනත් අවස්ථා සැලැසීම ආදිය ද ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරමින් රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසන තැනට මේ අරගලය ගෙන යා යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
14.09.16
No comments:
Post a Comment