මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්නදිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (6) එළිදැක්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, එතැනි සිටි අනෙකුත් අමුත්තන් හා නොපැමිණි බව කී, මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ හැරුණුකොට අන් ආරාධිතයන් හා ආරාධනා කර නොපැමිණි අය කවුරුන්ද යන වග මම නොදනිමි. තිස් වසරක යුද්ධය නිමා කිරීමේදී පළමු හමුදා සෙබළාගේ තවමත් විවිධ පීඩා මැද ජීවත්වන හමුදා සෙබළුන් ඇතුළු සියලු දෙනා අනේක විධ කැප කිරීම් කළහ. යුද්ධය අති බිහිසුණු බව අනූව දශකයේ ඉපදුණු අපටද අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එය විසි එක්වැනි සියවසේ ඉපැද තවමත් නව යොවුන් වියටවත් පා නොතැබූ පරම්රාව පවා යුද්ධයක බිහිසුණු බව කොරතම් ද යන්න දනිති. යුද්ධයකදී සියලු පාර්ශව අතින් වැරැදි සිදුවන බව ජීවිත හානි සිදුවන බව අප විවාදයකින් තොරව පිළිගත යුතුය. කෙසේ වෙතත් 2009 මැයි මස යුද්ධය අවසන් වෙද්දි මේ රටේ උපන් නූපන් සියලු පරම්පරාවන් ඊට දායකත්වය දක්වා තිබුණි.
යුද්ධය අවසන් කිරීමේදී එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවේ පිරිස්, විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, රටේ ජනතාව, ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ සියයට 90කට වැඩි පිරිසක් ඊට දායකත්වය සැපයූ බව අපි දනිමු. ඊට දේශපාලන වෙනස්කමක් නොතිබිය යුතුය. ලියන්නට පටන් නිසා බොහෝ දේ ලියන්නට වන බැවින් මෙය මෙසේ අවසන් කරමි.
කමල් ගුණරත්න මහතාගේ පොත පිළිගැන්වීමේ උත්සවයට ආරාධන කර නොපැමිණි අය කවුරුන්ද යන්න නොදනිමි. ඔහුගේ පොත පිළිගැන්වීමේ උත්සවයට ආරාධන ලද යුද හමුදාවේ ඔහුගේ සමකාලීනයන් නොපැමිණියේ ඇයි ද යන්න නොදනිමි. ආන්නද විද්‍යාලයේ විදුහල්පතිවරයාට හදිසියේ අමාත්‍යාංශයට කැඳවීමක් ලැබුණේ කෙසේ ද යන්න නොදනිමි. කමල් ගුණරත්න මහතා යුද හමුදාවෙන් ඉල්ලූ සහයෝගය නොලැබුණේ ඇයි ද යන්න නොදනිමි. එහෙත් මා නිශ්චිතව දන්න එක් කරුණකි. අපි දේශපාලන සත්වයෝ වෙමු. එහෙත් දේශපාලන මැදිහත්වීම යනු ඊට හාත්පසින්ම වෙනස් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරන කටයුත්තක් බව ද අපි හොඳකාරයෙන් දනිමු. කමල් ගුණරත්න මහතා මහින්දවාදියකු යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් යුද්ධය යනු මේ රටේ සියලු පාර්ශව විසින් භුක්ති විඳ අත්දැකීම් ලැබූවකි. එබැවින් එවැන්නක් ගැන තම අත්දැකීම් ඇසුරින් රචිත කෘතියක් එළිදක්වන උත්සවයකට කමල් ගුණරත්න මහතා පවසන අයුරින් යම් යම් බාධා පැමිණවීම දේශපාලන මැදිහත්වීම් යැයි මම විශ්වාස කරමි. ඔහුගේ කෘතියේ මහින්දවාදී අදහස් තිබෙන්නට පුළුවනි. සරත් ෆොන්සේකාට විරුද්ධව හෝ ඔහුට පක්ෂව හෝ අදහස් තිබිය හැකිය. එය එසේ නම් කෘතියේ එවැනි කොටස් පිළිබඳ විචාර විවේචන ලියවීමය සිදු විය යුත්තේ. රටක ඉතිහාසයේ කොටසක් ලියවී තිබෙන කෘතියක් එළිදක්වන උත්සවයකට කමල් ගුණරත්න මහතා කියන පරිදි මුහුණ දීමට සිදු වූ යම් යම් බාධා මෙරට සාහිත්‍යයටත් කරන අගෞරවයක් යැයි විශ්වාස කරමි. මා ද ඇතුළු තවත් පිරිස් ඉල්ලා සිටින්නේ අවස්ථානුකූලව ලියා සිටින්නේ ද මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද මෛත්‍රී රනිල් හවුල් පාලනය යටතේ වුවද වෙනයම් හෝ පාලනයක් යටතේ වුවද මේ රට තුප්පහි ලැජ්ජා සහගත දේශපාලනීකරණය වූ සංස්කෘතිය වෙනස් කිරීම මිස අන් යමක් නොවන බව කවුරුන් අවබෝධ කරගනිත් ද ? එය අවබෝධ කරගන්නා තුරු අප මහින්ද රාජපක්ෂ යටතේත් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවත් යටතේත් ඉදිරි ආණ්ඩුවක් යටතේත් මේ සමාජ සංස්කෘතියේ පීඩිතයෝ ලෙස ජීවත් වනු ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2016.-09.06
No comments:
Post a Comment