#සයිටම් මෙරට අධ්‍යාපන අරගලයේ #හැරවුම් ලක්ෂ්‍යක් වන බවට දැන් සැකයක් නැත. සයිටම් #අර්බුදයේදී අප විසින් හඳුනාගත යුතු කණ්ඩායම් රැසක් ඇත. සයිටම් අර්බුදය පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දැමීමෙන් නොව සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා විවර කර දීමෙන් අවසන් වන අරගලයක් බවට පත් කරගැනීම අප සියලු දෙනාගේ අරමුණ බව කිව යුතුය.
සයිටම් අර්බුදයේදී පැහැදිලිව පෙනෙන පාර්ශව කිහිපයකි. එකක් අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ එකතුවයි. මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මාපිය එකමුතුව තවත් එකකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් පාර්ශවයකි. ආණ්ඩුව තවත් පාර්ශවයකි. මාධ්‍ය, මහජනතාව හා සයිටම් වෙනුවෙන් පෙනි සිටින සමාජ මාධ්‍ය ඇතුළු කණ්ඩායම් තවත් පාර්ශවයකි. අනෙක් පාර්ශව ලෙස සිවිල් සංවිධාන පෙන්වා දිය හැකිය. සයිටම් අර්බුදය හේතුවෙන් පුරවැසි බලය ඇතුළු සංවිධානය කිහිපයකම අභ්‍යන්තර මත ගැටුම් ද ඇති වූ බව නොරහසකි.
අප විසින් මේ කණ්ඩායම් නිසි ලෙස බෙදා වෙන් කරගැනීමේ මේ සටනේදී ඉතා වැදගත් වනු ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව අප විසින් තේරුම් ගත තිත්ත ඇත්තකි. එහෙත් ඒවා නියාමනය කිරීම, රාජ්‍ය විශ්ව විද්‍යාල තරගකාරී උසස් ගුණාත්මකභාවයකින් යුතු ඒවා බව පත් කිරීම ආදී කරුණු වෙනමම සාකච්ඡා කළ යුත්තකි.
සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳෙන්නේ නැත. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වසරකට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 25,---000කට ආසන්නය. රජය සරසවි වරම් ලබන සියලුම සිසුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා තෙක්, සෑම වසරකම සරසවි වරම් ලැබූ එහෙත් විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමි වූ සිසුන් කුමක් කළ යුතු ද ? යන ප්‍රශ්නයට පුද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි පවසන පිරිස පිළිතුරක් දිය යුතුයි.
සයිටම් සිසුන් රැවටීමකට, අසාධාරණයකට ලක් වී ඇති බව පැහැදිලිය. අධ්‍යාපන ආයතනයක් වසා දැමීම අරගල කරනවාට වඩා, සයිටම් සිසුන් සමඟ එක්ව ඔවුන්ට වූ අසාධාරණයට එරෙහිව සටන් කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමි. මේ රටේ තව තවත් අධ්‍යාපන ආයතන බිහිවිය යුතුයි. රජයේ මෙන්ම පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනය නියාමනය කරන එක් ආයතනයක්, පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් පිහිටුවීම සම්බන්ධයෙන් අප සියලු දෙනා එක්ව අරගල කළ යුතුයි.
එබැවින් නියම කණ්ඩායමට පිරිසක් එක්විය යුතුයි. නියම කණ්ඩායම යනු කුමක් ද ? සයිටම් විශ්ව විද්‍යාලයේ වැරැදි හදාගන්නා ලෙස බල කරන, පුද්ගලික අධ්‍යාපන ආයතන හා රජයේ විශ්ව විද්‍යාල තවත් බිහි කරන්නැයි ඉල්ලන, රජයේ හා පුද්ගලික යන දෙඅංශයේම අධ්‍යාපන ආයතන නියාමනය කරන, ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්නැයි ඉල්ලන, ඒ සඳහා ආයතන පිහිටුවන්නැයි ඉල්ලන, රාජ්‍ය ආධ්‍යපන ප්‍රතිපත්තියක් ඉල්ලන කණ්ඩායම නියම කණ්ඩායම යැයි විශ්වාස කරමි.
#සයිටම් #ප්‍රතිපත්තිය #අධ්‍යාපන #අරගලය #හැරවුම් #අර්බුදය
හර්ෂණ තුෂාර සිල්වා
2016.08.31
No comments:
Post a Comment