යුද්ධයේ බිහිසුණු බව කියන්නට අපට ඇති හොඳම උදාහරණය යුද්ධයක් නැතිව පුපුරා ගිය සාලාවේ හමුදා කඳවුරය. අයිලාන් කුර්දි, ඔම්රාන් මේ යුද්ධයේ බිහිසුණු බව කියන්නට තවත් කතාය. යුද්ධය අයිලාන් කුර්දිට ජීවිත අහිමි කළ අතර ඔම්රාන්ට තවත් අවස්ථාවක් දුන්නේය. මලාලා තවත් චරිතයකි. සිරියානු යුද්ධය නිසා මේ වනවිට මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව පනස් දහසකට ආසන්නය. ඔවුන් කළ වරදක් නැත. ඔවුන් දැනගෙන සිටි දෙයක් නැත. ඔවුන් දැන දේශපාලනයක් නැත.
යුද්ධවලට වගකිව යුත්තේ ඇමෙරිකාව යැයි චෝදනා කරන මෙරට සිටින පිරිස් ඇතුළු ලොව බොහෝ පාර්ශව, තවත් යුද්ධයක් ඇරැඹීම සඳහා පිඹුරුපත් සකසති. අර ලේ මේ ලේ යනුවෙන් බෝඞ් ගසා ගන්නා අප කවුරුවත් කවදාවත් මනුස්ස ලේ වෙනුවෙන් සටන් වදින්නේ නැත.
වසර තිහක යුද්ධය පැවැති කාලයේ මෙරට මියගිය දරුවන්ගේ සංඛ්‍යාව කොතරම් ද යන්න අප නිශ්චිතව දන්නේ නැත. යුද්ධයත්, දේශපාලන අර්බුදත් නිසා රටට අහිමි වූ තරුණ පරම්පරාවේ ගණන අප දන්නේ නැත. නැති වූවන්, අතුරුදන් වූවන්, පැහැරගත්තවුන් මේ සියල්ල සොයා බැලිය යුතුය.
අතුරුදන්වූවන් පිළිබඳ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ පවුල්වල කැමැත්ත අකැමැත්ත අනුව මිස රජයේ, ජාත්‍යන්තරයේ හෝ වෙනත් පාර්ශවවල කැමැත්ත නොවන බව අප තේරුම් ගත යුතුය. යමෙක් මිය ගියේද, යමෙක් අතුරුදන් වූයේද ඔවුන් පිළිබඳ ඉදිරි තීරණයක් ගැනීමේ අයිතිය, අදාළ පුද්ගලයාගේ මාපියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන්, දරුවන් හෝ සමීප ඥාතීන් සතුවිය විය. මරණයෙන් පසු අදාළ පුද්ගලයා වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නැත. ඔහුට ජීවිතය දෙන්නට අපට හැකියාවක් නැත. එහෙත් අපේ රටේ පැවැති දුක්ඛිත ඉතිහාසය නැවත කවදාවත් ඇති නොවන්නට නම්, එසේ එවැන්නක් ඇතිවන්නට හේතු සොයා ඒවාට පිළියම් සෙවිය යුතුය.
මරණයට හෝ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීම යනු සංවේදී ක්‍රියාවලියකි. තමන් හැර ගිය අයකු සම්බන්ධයෙන් සෙවීම යම් විටෙක ඔහුගේ හෝ ඇයගේ සමීපතයන්ගේ දුකක් ගෙන දිය හැකිය. ඔවුන්ගේ අකැමැත්තෙන් එවැන්නක නොකළ අතර යුතු අතරුදන් වූ අයකු සම්බන්ධයෙන් සෙවීමට එම පුද්ගලයාගේ සමීපතයන් කැමැත්ත පළ කළහොත් එය නිවැරැදි ආකාරයකින් සිදු කළ යුතුය.
අද වනවිට ලසන්තගේ ඝාතනය, එක්නැළිගොඩගේ ඝාතනය, ජනක සිසිත, තාජුඩීන්, ලලිත් කූගන් දේශපාලන සටන් පාඨ වී ඇති එය ඔවුන්ගේ සමීපතයන්ගේ හිත රිදවීමකට ලක් කරනවා විනා අන් යමක් කරන්නේ නැත. එම නිසා අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාවලිය නියම ක්‍රමවේදයටම සිදුවිය විය යුතුය.
ඉන්පසු බලහාත්කාරයෙන් අතුරුදන් කර ඇතිනම් එසේ කළවුන්ට දේශපාලන බලපෑම් හෝ දේශපාලන ඇඟලි ගැසීම්වලින් තොරව දඬුවම් දිය යුතුය. යුද්ධයේ සමයේදී රටේ රාජ්‍ය හමුදාව නියෝජනය කරන පිරිස්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් මේ දෙකටම අයත් නොවන සාමාන්‍ය පිරිස් අතුරුදන්වන්නට ඇත. මියයන්නට ඇත. එබැවින් ඒ පිළිබඳව කරුණු සොයා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය.
සංහිඳියාව, සාමය ගොඩනැගීමට පෙර අප එකිනෙකාට සමාව දී රට ඉදිරියට ගෙන යෑමට උත්සුක විය යුතුය. උතුරේ ජනතාවට දකුණේ ජනතාවටත්, දකුණේ ජනතාවට උතුරේ ජනතාවටත් සමාව දෙන්නට බැරි නම් අපට කෙදිනකවත් සංහිඳියාවක් ගොඩනැගිය නොහැකිය.
හර්ෂණ ත-ුෂාර සිල්වා
19.08.16
No comments:
Post a Comment