ගෙවීගිය දින කිහිපයේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් පත් හා ඔහු ලියූ ලිපි ඇසුරින් සකස් කරන ලද පොත් පත් කිහිපයක්ම අතරින් පතර කියවූයෙමි. එම පතපොත කියවීමේදී වඩාත් සිත් ගන්නේ ඔහුගේ බස් වහරයි. බස වැනුමේ නම් හේ හරි අපූරූ සමතෙකි. කොයි කෙසේ වෙතත් ඔහු ලියන දෑ කියවීමේදී එකල සමාජය පිළිබඳ යම් අවබෝධයක් මිනිසුන්ගේ සිතුම් පැතුම් කන බොන විදි ආදී නොයෙක දෑ ගැන යම් අවබෝධයක් අප සතු වන්නේ කිසිදු වෑයමකින් තොරවය. මෙය එකල සිටි අනෙකුත් ලේඛකයන් හා සැසඳීමේදී කොතරම් දුරට සත්‍යයක් ද සහ අනෙකුත් ලේඛකයන්ගේ ලියුම්වලින් ඒ බව සනාථ වන්නේ ද යන්න විමසා බැලිය හැක්කේය. සේකරයන්ගේ කවි සිංදු ගීත යනාදි ලිවීම් දෙස බැලීමේදී නම් ඒ බව සත්‍යයක් යැයි මට හැඟේ.
ඉතිං මේ සියල්ල දෙස බැලීමේදී එදත් අදත් අතර වෙනසක් නැති බව නම් සක්සුදක් සේ පැහැදිලි වේ. එකල ජනතාවි සිතූ ආකාරයත් ඒ පාලකයන් බොහෝමයක් ඉතාම සුළු පිරිසක් හැර අනෙක් අය තීන්දු තීරණ ගත් ආකාරයත් අතර මහ ලොකු වෙනසක් දක්නට නැත. මිනිසුන් සිතන පතන ආකාරවල වෙනස් සිදු වී නැත්තේම නැති වුවත් එය මහ ලොකු වෙනසක් යැයි කිව හැකි සාක්ෂ්‍ය අප සතුව නැත. ඉතිං වෙනස් විදියට සිතන මිනිසුන් නැතිව අපට ඉදිරි ගමනක් තිබේ ද යන ගැටලුව නිරන්තරයෙන් අප හමුවට පැමිණෙන්නේය.
ඡායාරූපය සන්ඩේ ඔබ්සවර්

No comments:
Post a Comment