මේ වනවිට රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විශ්ලේෂකයන්
ට අනුව නම් හරි අර්බුදය තවමත් ආරම්භ වී නොමැත.
ශ්‍රී ලංකාව නිදහස දිනා ගැනීමෙන් පසු අර්බුදයකින් තොරව ගෙවූ
වසරක් තිබේ ද යන්න සැක සහිත තරමට මේ පුංචි දිවයිනත් මේ පුංචි රටේ මිනිස්සුත් ප්‍රශ්නවලින්
හෙම්බත් වී සිටිති.
කෙසේ නමුත් ඉතිහාසය ගැන කියන්නටත් ඉතිහාසය ගැන දන්නා අයටත්
අප දන්නා ඉතිහාසයටත් අනුව මේ රට මෙතරම් ආර්ථික අර්බුදයකට පමණක් නොව දේශපාලන, ආර්ථික
සහ සමාජ අර්බුදයකට පත්වුණු කාලයක් ම නොමැති බව අවිවාදිත ය.
තිස් වසරකට ආසන්න කාලයක් පැවැති යුද්ධය 2009 වසරේ දී අවසන්
වීමත්, ඊට පසු වසරේ පැවැති ජනාධිපතිවරණයත්, යුද්ධය සමයේ දී එක පෙරමුණේ සිටි ජනාධිපතිවරයා
සහ යුද හමුදාවේ, හමුදාපතිවරයා ඡන්දයට ඉදිරිපත් වූ එම ජනාධිපතිවරණයත්, එම ජනාධිපතිවරණයෙන්
ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා ඉන් වසර කිහිපයකට පසු තම ධුර කාලයේ තවත් වසර දෙකක් ඉතිරිව
තිබියදී තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමත්, එම ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ
පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත්, පසුව එම කාලයේ ඇති වූ වාර්ගික අර්බුදත්, 2019 වසරේ
අප්‍රේල් මස 21 වැනිදා ට යෙදී තිබුණු පාස්කු ඉරිදාවේ එල්ල වූ මරාගෙන මැරුණු ප්‍රහාර
මාලාවත්, ඒ වසරේ ම පැවැති ජනාධිපතිවරණයත්, ඉන් පසු ව පැමිණි කොවිඩ්-19 වසංගතයත් තීරණාත්මක
සන්ධිස්ථානය ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයටත් ජනාධිපතිවරණයටත් කලින් වසරේ සිදු වූ ව්‍යවස්ථාදායක
කුමන්ත්‍රණය තවත් තීරණාත්මක සන්ධිස්ථානයකි.
මේ සියලු කරුණු කාරණා, සිදුවීම් යනාදිය මධ්‍යයේ වුව ද අප
මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට පැමිණි බව නම් සිහිපත් කළ නොහැකි ය.
නිදහස ලැබුණු දා පටන් අර්බුදවලින් පිරුණු මේ පුංචි දේශය උච්ඡතම
අවස්ථාවකට පැමිණ තිබේ.
සෑම මැතිවරණයකදීම එක පාර්ශවයක් සිය මැතිවරණ ව්‍යාපාරයට රට
බේරාගැනීමේ අන්තිම අවස්ථාව මෙය යැයි කියමින් ජනතාව රැව ටූ කාලයක් අපට තිබිණි.
මින් ඉදිරියටත් එසේ නොවනු ඇතැයි කැට තබන්නට අපට බැරි ය.
ශ්‍රී ලංකා රාජ්‍ය ය, රාජ්‍ය ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය රාජ්‍යය
කි.
කෙසේ නමුත් පශ්චාත් නිදහස් සමයේ දී අප මුහුණ දී ඇති අර්බුද
ගණනාවත් දැන් ඇති වී තිබෙන අර්බුදයත් යන කරුණු සැලකිල්ලට ගැනීමේ දී මොකක් ද අර්බුදය
යන ප්‍රශ්නය ද අපට පැන නැගේ.
ඊට හේතුව නම් කොතැනකින්වත් ජනතා ප්‍රතිවිරෝධයක් ගොඩ නොනැගීම
ය.
ජනතා ප්‍රතිවිරෝධයක් ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයට
පිළිතුරු සෙවී ම තරමක් දුෂ්කර කාලය වැය වන කාරණයකි.
ඊට හේතු වන්නට ඇතැයි කිව හැකි කරුණු කාරණා කිහිපයක් ම තිබේ.
ඊට හේතු වන්නට ඇතැයි කිව හැකි සරල එහෙත් වැදගත් නිගමන අතළොස්සක් තිබේ. කොටින්ම දෙකක්
තිබේ.
ඉන් පළමු වැන්න නම් එවැන්නක් සඳහා මේ රාජ්‍යයේ පුරවැසියන්
තවම මුහුකුරා ගොස් නැතැයි යන්න ය. දෙවැන්න රට බෙදුණු ජාතියක් වීම ය. දේශපාලන අර්ථයෙන්
ගන්නේ නම් බරපතළ සහ උග්‍ර ධ්‍රැවීකරණය, සහ බලය කේන්ද්‍ර ගත කිරීමේ සහ මධ්‍යගත කිරීමේ
දිසාවකට ගමන් කිරීම යි.
මෙම දේශපාලන අර්ථයෙන් සඳහන් කළ කාරණය මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මහතාගේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ; මොනවාද ? කුමකට ද ? කාට ද ? පොත් පිංචේ මැනවින් දක්වා ඇත.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද ?
ප්‍රතිවිරෝධයක් නැත්තේ ඇයි ?
දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ ආරම්භයක් ඉහතින් ලබා දෙන
ලදි.
ඊට තවත් පිළිතුරු සපයන්නේ නම් රටේ ජනතාව, කොටින්ම මිනිස්සු
හෙම්බත්ව සිටිති. ඔවුහු පුරුදු වී ඇත්තේ ‘එදා වේල ටුවර්ස්’ ජීවන රටාවකට ය. අනෙක ආත්මාර්ථ
ය. අනෙක තමා සහ තම ආදරණීයන් ය. මේ කිසිවක් වැරැදි යැයි කිව නොහැක.
මේ කාලයක් තිස්සේ මේ රට තුළ නිර්මාණය කරන ලද හැසිරීම් රටා ය.
ඊට වගකිව යුත්තේ ද සියලු දෙනා ය. දේශපාලන පැලැන්තිය, මාධ්‍ය,
සිවිල් සමාජය, උගතුන් බුද්ධිමතුන්, යනා දී සියලු දෙනා ඊට වගකිව යුතු ය.
අධ්‍යාපන ක්ෂේත්‍රය ඊට වගකිව යුතු තවත් ප්‍රධානම ක්ෂේත්‍රය
කි.
මේවා ඉතා සංකීර්ණ කරුණු ය.
අනෙක් අතට වසර පහකට හයකට සැරයක් පැවැත්වෙන් ජනාධිපතිවරණයේ
දී එක් පුද්ගල චරිතයක් වටා දේශපාලනය ගොනු වීම තවත් විශාල අර්බුදයකි.
එක් පුද්ගලයකුට මේ රට නිවැරැදි දිශාවකට ගෙන යා හැකි නම් මේ
වනවිට එය සිදු වී බොහෝ කල් ය.
පුද්ගලයන් මත විශ්වාසය තැබීමේ අභාග්‍ය සම්පන්න අත්දැකීම අපි
මේ වනවිට අත්විඳිමින් සිටින්නෙමු.
අනෙක් අතට කණ්ඩායම් මත ද විශ්වාසය තැබිය නොහැකි බව අප පැහැදිලිව
දන්නා දෙයකි. කණ්ඩායමක් මත විශ්වාසය තැබීම හෝ නොතැබීමටත් වඩා වැදගත් වන්නේ ඊට පාලන
බලය හොබවන කණ්ඩායම්වලට පීඩනයක්, එල්ල කළ හැකි විපක්ෂ කණ්ඩායම්, සිවිල් සමාජය හෝ ජන
කණ්ඩායම් ගොඩ නොනැගීම ය.
ගොඩ නැගෙන ඒවා ද කෙටිකාලීන ය, නැතිනම් ශක්තිමත් මදි ය, එසේත්
නැතිනම් ඒවා අඛණ්ඩ නොවීම ය.
මේ අර්බුදයේදීත් කලින් අර්බුදවලදීත් අප දුටු දෙයක් එක් ප්‍රධාන
දෙයක් වේ නම්, ඒ දේශපාලන තන්ත්‍රයේ සිට රටේ පුංචිම තැන දක්වා බෝලය පාස් කිරීමේ උග්‍ර
අර්බුදය යි.
කිසිවකුත් වගකීමක් නොගැනීමත්, කිසිවකුත් කෙටිකාලීන, මධ්‍ය
කාලීන සහ දීර්ඝ කාලීන අර්බුද ඉදිරිපත් නොකිරීමත් ය. රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම
සිදු වූයේ ඒවාට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීමත්, කෙටිකාලීන සහ දේශපාලන වශයෙන් ජනප්‍රිය
තීන්දු තීරණ ගැනීමත් ය.
අනෙක් අතට පාලන තන්ත්‍රයේ සිට රටේ පුංචි ම පුරවැසියා දක්වා
බොහෝ පිරිසකට අර්බුද හෝ ගැටලු ගැන අවබෝධයක් නොමැති කම ය.
කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද යන්න අවබෝධ කරගැනීමට
හෝ වටහා ගැනීමට නොහැකි කම ය.
අනෙක් අතට පාලන තන්ත්‍රයේ සිටින බොහෝ දෙනකුගේ සිට ඊට පහළ
දක්වා සිටින බොහෝ දෙනකුගේ තිබෙන හීනමානය, උද්ධච්චකම, අහංකාරත්වය, මමත්වය, යනාදී නරක
ගති ගුණ ය.
අද වනවිට අපි මේ සියල්ලම දකිමින් සිටිමු.
ඒ නිසා සියලු දෙනා මේ කරුණු අවබෝධ කරගෙන ප්‍රශ්න, ගැටලු සහ
අර්බුද හඳුනාගෙන කටයුතු කරන්නේ නම් මේ ප්‍රශ්න විසඳා ගත හැකි ය.
තනි තනි පුද්ගලයන්ට රටක් වෙනස් කළ නොහැකි ය. ඊට දේශපාලන නායකත්වයේ
සිට පහළ දක්වාත් පොදු එකඟත්වයක් පොදු අරමුණක් සහ කැපවීමක් අවශ්‍ය කෙරේ. ඊට සාමූහික
ප්‍රයන්ත අවශ්‍ය කෙරේ.
මේ මොහොතේ තනි තනිව ගමනක් නොමැති බව පැහැදිලි ය.
ඡායාරූපය රොයිටර්ස් - Reuters -
Amila Uduwerell, an IT officer who is home-based uses a car
battery to charge his laptops as he works during the seven hours power outage,
in Colombo, Sri Lanka, March 2, 2022. REUTERS/Dinuka Liyanawatte
No comments:
Post a Comment