ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සම්බන්ධයෙන් කතාබහ තවමත් නිම වී නැත. ඒ ගැන තිබූ අවධානය ද තවමත් අඩු වී නැත. ඔවුන් තම වරද පිළිගත්තා පමණක් නොව කඳුළු සලමින් පසුතැවෙන අයුරුද දක්නට ලැබිණි. ඒ අතරවාරයේම ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩැරන් ලීමන් තමන් පුහුණුකාර තනතුරෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම පන්දුව පළුදු කිරීමේ පළමුවන සිදුවීම නොවන බව කිව යුතුය. එසේ චෝදනා එල්ල වූ සහ දඬුවම් ලැබූ ක්‍රීඩකයන් අතර සුපිරි ක්‍රීඩකයන් ද වේ. මයිකල් ඇතටන්, වකාර් යුනිස්, සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඞ්, ෂහීඞ් අෆ්රිඩි සහ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වත්මන් නායක ෆෆ් ඩුප්ලෙසිස් යන ක්‍රීඩකයෝද ඒ අතර වෙති. පන්දුව පළුදු කිරීමට දඬුවම් ලැබූ අනාවරණය සිදුවීම් ඇත්තේ 20කටත් අඩු සංඛ්‍යාවකි.
ස්ටීවන් ස්මිත් යනු ක්‍රීඩකයකු වශයෙන් පිතිකරුවකු වශයෙන් මෑත කාලයේදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. පසුගිය වසරේදී, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඔහු වර්තමානයේ අංක එකේ ටෙස්ට් පිතිකරුය. ඬේවිඞ් වෝනර් ද ඊට නොදෙවැනිය. ඔවුන්ගේ වැරැදි තේරීම, ඔවුන්ට දඬුවම් ලබා දී තිබේ. ඔවුන් කර ඇත්තේ වරදක් බවට විවාදයක් නැත. වඩාත් වැදගත් වන්නේ ඔවුන් එම වැරැද පිළිගැනීමත් දඬුවම්වලට නියම වීමත්ය. කොතරම් දඬුවම් ලැබුවත් ඔවුන්ගේ ස්වයං පශ්චාත්තාපය සහ කනගාටුව අන් සියල්ලටම වඩා දරුණුය. මිනිමීරුමක් කර නීතියෙන් දඬුවම් නොලැබුවද තමන් කළ වරද තමන්ගේ සිතට දෙන වදය, විඩාව අන් සියල්ලටම වඩා දරුණුය. තමන් විසින්ම තමන් කළ වැරැදි පිළිබඳ පසුතැවීමට වදවීම නීතියෙන් දෙන දඬුවම්වලට වඩා ප්‍රබලය.
කෙසේ වෙතත් අවසානයේදී ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දඬුවම්වලට යටත්ව සිටිති. ඔවුන් වරදක් කළ බවත් ඒවාට දඬුවම් නියම විය යුතු බවත් ගැන විවාදයක් නැත. එමෙන්ම ඔවුන්ට දඬුවම් නියම වී තිබේ. අනෙක් අතට ඔවුන් තිදෙනාම නැවත ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය යන්න මගේ විශ්වාසයයි.
අපි කිසිවකුත් පාරිශුද්ධ නොවෙමු. අපි සියලු දෙනාම නිවැරැදිකරුවෝ නොවෙමු. අප සියලු දෙනා අතින් වැරැදි සිදුවෙයි. දැන හෝ නොදැන හෝ කුමන තත්ත්වයක් යටතේ සිදුවන වැරැදිවලට අපි වැරැදිකරුවෝ වෙමු. ඒවාට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන අමුතුවෙන් කියන්නට නැත. එහෙත් අනෙක් අතට අපි සමාව අයදිමු. ඒ නිසා ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සමාව ලැබිය යුතුය යන්න විශ්වාසයයි. ඔවුන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය.
ඕස්ටේ්‍රලියාවට තම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට මෙතරම් දඬුවම් දෙන්නේ ඇයි ? ඊට ප්‍රධානතම හේතුව ඕස්ටේ්‍රලියාව යනු ක්‍රීඩා රැසකින් ඉදිරියට පැමිණි රටක් වීමය. අනෙක් අතට ඕස්ටේ්‍රලියාවට ක්‍රිකට් ලෝකයෙන් එල්ල වන දැඩි පීඩනයයි. ඕස්ටේ්‍රලියාව ක්‍රිකට් ක්‍රීඩා කරන අන් රටවල් සියල්ලේම පොදු සතුරාය. මේ සම්බන්ධයෙන් අපූරු අදහස් වී.වී.එන් ලක්ෂ්මන් එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමඟ එක්වෙමින් පවසයි. ඉන්දියාව අනෙක් පොදු සතුරාය. ඕස්ටේ්‍රලියානු ප්‍රේක්ෂකයන්, ඕස්ටේ්‍රලියානු මාධ්‍යය සහ පරිපාලනය අනෙක් රටවල් ඕස්ටේ්‍රලියාවේ සංචාරය කරන විට සංචාරක කණ්ඩායම්වලට කරන සත්කාරය ගැන අපට උදාහරණ අවශ්‍ය හෝ අමුතුවෙන් ලියන්නට හෝ අවශ්‍ය නැත. මුරලිගේ නම කියූ සැණින් එය මතකයට නැගේ. තම ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වීමත් වරද පිළිගැනීමත් සමඟ ඕස්ටේ්‍රලියාවට මෙතරම් පීඩනයක් එල්ල වන්නේ ඒ නිසාය.
අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩකයන් යනු තරුණ ක්‍රීඩකයන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් කරන පුද්ගල චරිතය. අප ජීවිතය හැඩ ගස්වා ගැනීමේදී පූර්වාදර්ශ දෙසද අවධානය යොමු කරයි. විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේදී පූර්වාදර්ශ යනු ඉතා වැදගත් සිදුවීම්ය. ඒ නිසා මෙවැනි වැරැදි ඇති නොවීමට නම් පූර්වාදර්ශ සහ එම අවස්ථාවලදී ගත් තීරණ ඉතා වැදගත් වේ. ඕස්ටේ්‍රලියාව මෙතරම් දැඩි තීරණ ගන්නේ ද මෙවැනි වරදක් නැවත සිදුනොවීමට වග බලා ගැනීමටය.
අවසානයේදී මෙම සිදුවීම ඕස්ටේ්‍රලියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම කළු පැල්ලමක් එක් කළේය. ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම කාලවකවානුවක් ලෙසින් වාර්තා වනු ඇත. මේවා සිදු නොවිය යුතුව තිබූ දේවල්ය. එහෙත් අවසානයේදී එය එසේ විය. ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වී.වී.එස් ලක්ෂ්මන් මෙසේ කියයි. “ඕනෑම ක්‍රීඩකයෙන් තරග වදින්නේ ජයග්‍රහාණය අපේක්ෂාවෙන්. එහෙම නොවන ක්‍රීඩකයෙක් මට හම්බවෙලා නැහැ. ඕනෑම කෙනෙක් තරගවදින්නේ ජයගන්න. අපි හැමෝම තරගකාරී. අපි බලන්නේ ජයගන්නේ. එහෙත් තිබෙන ප්‍රශ්නය එහි පිරිවැය. එහි මිල. එහි මහන්සිය. තරගයක් ජයගන්න අපි කරන දේවල්වල සීමාව. අවාසනාවකට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පසුගිය වසරක දෙකක කාලයේදී, ඒ සීමාව ඉක්මවා ගියා” යනුවෙනි.
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. අන් බොහෝ ක්‍රීඩාවලට වඩා විනය සහ හික්මීම, ඉවසීම අවශ්‍ය ක්‍රීඩය. කාය ශක්තිය පමණක් නොව නුවණ ද අවශ්‍ය වන ක්‍රීඩාවකි. එයින් අන් ක්‍රීඩා පහත දැමීමක් නොකළ බව ද කිව යුතුය. අවසානයේදී නැවත වරක් වෝනර් සහ ස්මිත් ක්‍රීඩා කරනු දැකීම මගේ බලාපොරොත්තුව සහ විශ්වාසය බවයි. එමෙන්ම ජයග්‍රහාණය උදෙසා අප කරන සැලසුම්වල සීමාව කොතැනද යන්න හොඳින් අවබෝධ කරගෙන එම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වීමය. ක්‍රිකට් ඉදිරියට යා යුතුය. යාවත්කාලීන විය යුතුය. නීතිරීත යාවත්කාලීන විය යුතුය. ෆෆ් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී හිඩැස් ගැන කියන්නේ ඒ නිසාය. ක්‍රිකට් පැවැතිය යුතුය. ඉදිරියට යා යුතුය. ස්මිත්, වෝනර් දඩබ්බර ආඩම්බර කල්ලිය පාඩමක් ඉගෙන ගැන ඇත. ඔවුන්ගේ තම තමන්ගේ වැරැදි හදා ගත යුතුය. එපමණක් නොව ඔවුන්ට සමාව සහ අනුකම්පාව හිමිවිය යුතුය. අපට ඕනේ හොඳ ක්‍රිකට්ය. තරගකාරී ක්‍රිකට්ය. අවසාන පන්දුව තෙක් දිවෙන තරගය. එසේ බැරි නම් සුපිරි පන්දුවාරයෙන් අවසන් වන ක්‍රිකට්ය.
ඡායාරූපය http://www.dailymail.co.uk/sport/cricket/article-5560069/Australia-captain-Steve-Smiths-tears-heart-wrenching-fake.html
ලක්ෂ්මන්, රෝහිත් සහ ජොන්ට් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් https://www.youtube.com/watch?v=z4mm-nPj3Bk&feature=share
ෆෆ් https://www.youtube.com/watch?v=b1T4W7wPylA&t=5s
වෝන් https://www.youtube.com/watch?v=sOMEM4rL9Yk
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Saturday, March 31, 2018
Friday, March 23, 2018
භාෂාවේ ගැටලුව
මෑතකදී ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ මෙරට සිංහල බෞද්ධ මහ සමාජයේ ක්‍රියාකාරීත්වය පාදක කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලන සේනාරත්න ‘ද හින්දු’ වෙබ් අඩවියට අපූරු ලිපියක් ලියා තිබිණි.
එය ලිපිය කාලීන සමාජ හැසිරීම සම්බන්ධයෙන් ලියන ලද අපූරු විශ්ලේෂණාත්මක ලියවිල්ලකි. එය කිය වූ විගස දැනුණු ප්‍රධාන කරුණු අපේ සමාජයට, සමාජයේ පහළ ස්ථරවලට, පහළ මට්ටමට මේ අදහස් ගලා නොයාමේ ගැටලුවයි.
විශේෂයෙන්ම අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, විශේෂයෙන්ම සිංහල මාධ්‍යවල පළ වන්නේ හෝ ප්‍රකාශයට පත්වන්නේ ජනප්‍රිය තලයේ සහ තමන්ට පළ කරන්නට වුවමනා කරුණුය. බොහෝ අවස්ථාවලදී එම අදහස් පලවීම් සීමිත පරාසයකට සීමා වී තිබේ. සිංහල භාෂාවෙන් පළවන පුවත්පතකට සම්බන්ධවී සිටින මට ද එම චෝදනාවෙන් ගැලවීමට නොහැක.
කනගාටුවට කරුණ නම් බොහෝ හොඳ ලිපි සමාජ විශ්ලේෂණාත්මක කරුණු පළවන්නේ ඉංග්‍රිසි බසින් වීමය. විද්වතුන්, විශේෂඥයන් , විශ්ලේෂකයන්, වෘත්තිකයන් ඉංග්‍රිසි බස හැසිරවීමේ දක්ෂයන් වුවත් සිංහල බසින් ලියන්නට ඇත්තේ අල්ප හැකියාවකි. එය ඔවුන්ගේ දුර්වලතාවක් කියන්නට හැකියාවක් ඇත්තේද නැත. චෝදනා කිරීමට ද හැකියාවක් නැත. අනෙක් අතට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඉඩ වෙන් වන්නේ අතළොස්සකට පමණි. ඒවායේ හැමදාම වගේ දක්නට ඇත්තේ පුරුදු මුහුණු කිහිපයකි.
අප ඔක්කොටම කලින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් භාෂා ප්‍රශ්නය යැයි මම දැඩි සේ විශ්වාස කරමි. සිංහල සහ දෙමළ සහ මෙරටට ආවේණික වූ ඒවායේ උප භාෂා ආරක්ෂා කරගන්නා අතරවාරයේදී අපේ රටේ ජනතාවගේ ඉංග්‍රිසි භාෂා හැකියාව වැඩි දියුණු කළ යුතු යැයි මම විශ්වාස කරමි. අපෙන් පසු පරම්පරාවකදී හෝ එසේ සිදුවනු ඇතැයි බලාපොරොත්තු තබමි.
දූපතක් වීම නිසාදෝ අපේ රටේ බොහෝ දෙනෙක් ළිං මැඬි, කොදෙව් දූපත් මානසිකත්වයෙන් පෙළෙති. ඒවාට උදාහරණ ලෙස පොත් පිටින් ලිවිය හැක. ඊට කදිම උදාහරණය ඊයේ පෙරේදා ගණේමුල්ලෙන් වාර්තා වූ ඒඞ්ස් සිදුවීමයි. මෙම ගැටලුව නිසා ඉගෙනීමේ දක්ෂ කුඩා සිසුවියක් මහත් අපහසුතාවකට පත්ව සිටින්නීය.
ද්විභාෂාවෙන් ලියන කිහිපදෙනකුගේ නම් මෙහි සඳහන් කිරීමද වගකීමක් හා යුතුකමක් යැයි විශ්වාස කරමි. මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, නාලක ගුණවර්ධන, තිසරණී ගුණසේකර, එම්.එස්.එම් අයුබ් ඒ නම් අතරන් කිහිපයකි. මොවුහු සමාජයේ පිළිගැනීමට ලක්වූ බුද්ධිමත්හු වෙති. ලේඛකයෝය. ඔවුන්ගේ අදහස් වටී.
අපේ රට, දැනුම, සමාජ ක්‍රමය, බුද්ධි මට්ටම් හා අවබෝධය යනාදිය සිංහල භාෂාව වටා කේන්ද්‍ර ගත වීම මහත් අභාග්‍යයකි. ඒ ගැන අපූරු සටහනක් තිබේ. නාලක ගුණවර්ධන මහතාගේ කෘතියකට පෙරවදනක් ලියන මහාචාර්ය උදාන් ප්‍රනාන්දු මෙසේ සඳහන් කරයි.
“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුණු දෙයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල හා ඉංග්‍රිසි බසින් “ විශේෂයෙන් පුවත්පත්වල “ ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”
ඒ නිසා සමාජයේ ඇති අනවබෝධය, මිථ්‍යාව හා ළිං මැඬි බවට දූපත් මානිසකත්වයට අනෙකා කෙරෙහි ප්‍රචණ්ඩත්වය දියත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙසින් භාෂා ගැටලුව හඳුන්වා දෙන්නට පුළුවන. රටේ අනෙක් ප්‍රශ්න ගැන අවබෝධය යොමු කරනවා සේම උනන්දුවක් දක්වන සියල්ලෝම මේ භාෂා අවුල් ලිහා ගැනීමට මැදිහත් වන්නේ නම් වටී. එය ඉක්මනින් එහෙත් ඉතා හොඳ සැලැස්මක් සහිතව සිදුවිය යුත්තකි. භාෂා අවුල ලිහා ගැනීමේ හොඳම විසඳුම පොදු භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාව භාවිත කිරීමය. අනෙක් දැනට තිබෙන සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම්වලට වඩා විධිමත් අයුරින් ඉගැන්වීමය. විෂය ඉගැන්වීමේ පොදු භාෂාව ඉංග්‍රිසි කරන අතරවාරයේදී විභාග කේන්ද්‍රීය ස්වභාවයෙන් මිදී රටේ සෑම දරුවකුටම සිංහල හා දෙමළ භාෂාව ඉගැන්වීමය. රටේ බොහෝමයක් ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය අඩු කරගැනීමට හෝ එය හේතුවනු ඇත.
ඡායාරූපය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.. https://www.facebook.com/riaz.hamidullah
සබැඳි ලිපිය - නාලක ගුණවර්ධන
https://nalakagunawardene.com/2014/10/08/සිවුමංසල-කොලූගැටයා-188-ලිංම/

Monday, March 5, 2018
අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු
ප්‍රචණ්ඩත්වය කිසි ලෙසකින් ප්‍රශ්න නොවිසඳන බව අප තවමත් අවබෝධ නොකර ගැනීම මේ රටේ යමින් තිබෙන ඛේදනීය තත්ත්වය ඕනෑවටත් වඩා හොඳින් අපට පසක් කර තිබේ. ඉතිහාසය පැත්තකින් තබමු. 1956 සිට අද දක්වාම අප කොතරම් ප්‍රචණ්ඩකාරීව හැසිරුණේද යන්නට අමුතුවෙන් හෝ අලුතෙන් ලිවිය යුතු නැත. කනගාටුව මොනතරම් ලේ වැගිරීම් සිදුවුවත් අපි කිසිදු අවස්ථාවකදී ඒ කිසිවකින් පාඩම් ඉගෙන නොගැනීමය.ආසන්න වශයෙන් අම්පාරත් ඉන් පසුවත් දිගනත් අපට ඒ බව හොඳින්ම කියා පාන්නේය. එපමණක් නොව දිවි නසා ගැනීම සඳහා හමුදා සාමාජිකයකු රැගෙන ආ බෝම්බයද අපට ඒ පාඩම් කියා දෙන්නේය. හමුදා සාමාජිකයා තමන් බෝම්බය රැගෙන ආවේ සිය දිවි නසා ගන්නට යැයි පාපොච්චාරණය කරද්දි ඇතැම් දේශපාලකයන් තම පටු දේශපාලන වාසි ඉටු කරගැනීම සඳහා එය ත්‍රස්තවාදය යැයි ද බෝම්බය යැයි ද නිරන්තරයෙන් පාරම්බාන්නට විය.
අම්පාරේ සිදුවීමේදී මෙන්ම දිගන සිදුවීමේදීත් වර්ගවාදය, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය වපුරන ලොකු කුඩා සැමට ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුය. පහළම සමාජ තත්ත්වයේ සිට ඉහළම සමාජ තත්ත්වය දක්වා දිවෙන සෑම තරාතිරමකම සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
ප්‍රශ්න විසඳාගැනීම සාකච්ඡා කිරීමට අකැමැති බහුතර ජනතාවක් සිටින රටක අපට සාමය ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම සඳහා බොහෝ දේ කළ යුතුය. සිංහල දෙමළ මුස්ලිම් යනුවෙන් බෙදා වෙන් කොට මෙය ලියන්නට සිදුවීම තවත් කනගාටුවකි.
අම්පාරේදී සිංහලයන් ද දිගනදී මුස්ලිම් වැසියන් ද අමන හා මුග්ධ ලෙසින් හැසිරුණේය. අවසානයේ දෙපැත්තේම මුග්ධයෝ ගිනි තැබූහ.
අපේ රට මෙතරම් සුන්දර විවිධ ජන කොටස්, විවිධ ආගමික කොටස්, විවිධ සංස්කෘතීන් විවිධ ජන සම්ප්‍රදායන්ගෙන් පෝෂිත නිසාය. ජන කොටස් පමණක් නොව සොබා සම්පත අතින් ද විවිධත්වයට උරුමකම් කියන අපේ රටේ මෙතරම් ලස්සන විවිධත්වය නිසාය. මේ විවිධත්වය තේරුම් ගැනීමට නොහැකි අපේ අවාසනාව මිස අන් යමක් නොවේ.
රටවට කර මුහුද, කඳුකරය, රජරට, උතුර, දකුණ, දිය ඇළි මේ ආදී සියල්ලේ එකතුවට අප කියන නම ලංකාවය. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනකොටස්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන මේ සියලු ජනකොටස්වලින් සමන්විත අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මේ විවිධත්වය අපේ ශක්තියක් මිස අපේ දුර්වලතාවක් නොවන බව අප පසක් කරගන්නේ කවදාද එදින අපේ රටේ ජයග්‍රහණයේ පළමු පියවර වනු ඇත.
පනස් හයේ සිට කලකෝලහල, තිස් අවුරුද්දක යුද්ධය ඉන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අපේ රටේ විනාශයටත් ආපස්සටත් ගෙන ගියා මිස අඩියක් හෝ ඉදිරියට ගෙන නොගියේය. දෙපැත්තට තුන් පැත්තට හැකි සෑම පැත්තකටම බෙදී එකිනෙකාට පහර දෙමින් ලේ වගුරුවමින් අප සොයන්නේ මොනවාදැයි මොහොතක් හෝ කල්පනා කරන්නට හැකි නම්, එහෙත් එවැන්නක් සිදු වන බවක් අපට පෙනෙන්නට නැත.
දේශපාලකයන් තම තමන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඕනෑම මුග්ධ මිලේච්ඡ ක්‍රියාවක් සිදු කරන බව අපට පසුගිය දශක කිහිපයේදීම දක්නට ලැබුණකි. සෑම පක්ෂයකම සෑම තරාතිරකම සෑම ජාතියක් ආගමක් නියෝජනය සෑම ආකාරයකම දේශපාලකයන්, අතලොස්සක් හැරෙන්නට අන් සියලු දෙනා ගිනි අවුලනවා මිස ගිනි නිවන්නට කිසිම අවස්ථාවකදී කටයුතු නොකළේය.
පාට පක්ෂ, ආගම්වලට, ජාතීවලට බෙදී ඇණ කොටා ගන්නවාට වඩා අපට කරන්නට බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපට කරන්නට බොහෝ දේ. රටක් ලෙස අප ලොව කෙසේ වෙතත් කලාපයේ අන් රටවලට සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. අපට කරන්නට බොහෝ දේ තිබේ. පොලු මුගුරු ගෙන අනෙකාගේ ඔළු පෙළෙන්නට ඔබට කරන්නට තිබෙන දහසක් දේ ගැන සිතන්න. ඒ වෙනුවෙන් විනාඩියක් වැය කරන්න.
සේකරයන් හැත්තෑව දශකය මැදදි ධර්මෙලාට, කාසීම්ලාට, රාජසුන්දරම්ලාට ලෝකය යහපත් තැනක් කරන්නට එන්න කීවේය. කවි ලීවේය. පොත් ලීවේය. ලෝකය කෙසේ වෙතත් අපේ රට යහපත් තැනක් කරන්නට ධර්මෙලාට වුවමනා නොවීය. කාසීම්වලට වුවමනා නොවීය. රාජසුන්දරම්ලාට වුවමනා නොවීය. ඒ නිසා තවමත් අපි පව් ගෙවන්නෙමු. අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු. ඔවුන් කවදා අපේ ආරාධනාව පිළිගනිවිද ? එන්න . අපි දෑත් දිගුකර බලා හිඳින්නෙමු.
ඡායාරූපය අමිල ගමගේ
හර්ෂණ තුෂාර සිල්වා
2018.03.05
Monday, February 26, 2018
හොඳයි. එහෙත් ඉතා හොඳ නැත.

කැබිනට් මණ්ඩල සංශෝධනය විගඩමක් බව අමුතුවෙන් කිව යුතු නැත. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් විය යුතු යැයි ජනතාව ඉල්ලා සිටියේ නැත. පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ අගමැතිවරයා වෙනස් කිරීමට හෝ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට නොවේ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත්වූයේ 2015 වසරේ ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙනි. එම වසරේ අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් අගමැතිවරයා සහ වත්මන් ජාතික ආණ්ඩුව පත් කරගන්නා ලදි. එම නිසා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට නියමිත කාලය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ජනවරම තිබේ. එම කාලයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ආණ්ඩුවේ වගකීමකි.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත්වූයේ පසුගිය තෙවසරක කාලයේදී ජනතා පොරොන්දු ඉටු නොකිරීම නිසාය. ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා නිසාය. වත්මන් ආණ්ඩුව යටතේ අණ පනත්, කොමිෂන් සභා යනාදී රටට දීර්ඝකාලීනව හිතකර වෙනස්කම් සිදු වුවත් ජනතාවට දැනෙන සහ ජනප්‍රිය යැයි හඳුන්වන කිසිවක් සිදුවූයේ නැත. ආණ්ඩුවක් තමන්ගේ දෙවැනි ධුර කාලයේදී කළ යුතු ඇතැම් දේ මේ ආණ්ඩුව තම පළමු ධුර කාලයේදීම කරන්නට ගොස් ඉල්ලාගෙන කෑ බව ද කිව යුතුය. උදාහරණයක් ලෙස ටැබ් ලබාදීම පෙන්වා දිය හැකිය. ටැබ් ලබාදීම හොඳ වැඩකි. එහෙත් එය කරන්නට තිබුණේ දෙවැනි කාලයේදීය. ටැබ් ලබාදීමෙන් පමණක් නොව එම ව්‍යාපෘතියෙන් ද හානි වූයේ ආණ්ඩුවටමය.
මහ මැතිවරණයකට තවත් වසර දෙකක් තිබේ. එම කාලයේදී ආණ්ඩුව වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යා යුතුය. මේ ආණ්ඩුව යටතේ කරගත හැකි උපරිම වැඩ කොටස කරගැනීමට ජනතාව හා සිවිල් සමාජය උත්සුක විය යුතුය. ඩීල් දැමීම්, මිතුරන් ආරක්ෂා කිරීම්, විගඩම් ආදිය අඛණ්ඩව පවතිනු ඇත. නව මැතිවරණ ක්‍රමය, තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා යනාදියත් ජී.එස්.පී ප්ලස් සහනය නැවත ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම යනාදී යහපත් දේ ඉටු කරගත්තා සේම ඉදිරි වසර දෙකක කාලයේදී වත්මන් ආණ්ඩුව යටතේ පුළුවන් උපරිම වැඩ කොටසක් කරාගැනීම රටට හොඳය. පත්වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්, මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක්ද නැතහොත් වෙනයම් ආණ්ඩුවක් ද යන්නට වඩා පත්වන ආණ්ඩු යටතේ රටට වැඩ කොටසක් ඉටු කරවා ගැනීමට ජනතාව උත්සුක විය යුතුය.
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මිස සිංගප්පූරුවක් විය යුතුය. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ යුතුය. අපි ඉදිරියට යා යුතුය. සංවර්ධනය විය යුතුය. අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ අනෙකුත් ක්ෂේත්‍රවලට ජාතික ප්‍රතිපත්ති තිබෙන රටක් විය යුතුය. දේශපාලකයන් හෝ ආණ්ඩු මාරු වූ විට වෙනස් නොවන සංවර්ධන ප්‍රතිපත්තියක්, ජාතික ආර්ථික, විදේශ, අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුය. අප අපට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කර ගත යුතුය. අපට අපට ගැලපෙන සංවර්ධන මොඩලයක් තිබිය යුතුය. ඒවා එක රැයින් නිර්මාණය වන්නේ නැත. රටක් සංවර්ධනය වන්නේ අධ්‍යාපනික, දැනුවත්භාවය තිබෙන, සංවර්ධිත ජනතාවක් සිටින විටය. හිටියාට වඩා අපේ රටේ ජනතාව හොඳය. මහින්ද රාජපක්ෂ වැරැදි මාර්ගයක යන විට මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේය. ආණ්ඩුව වැරැදි පාරේ යනවිට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විකල්පයක් නොවූ හෙයින් එහි ප්‍රතිලාභය හිමිවූයේ බැසිල් රාජපක්ෂගේ සහ මහාචාර්ය ජී.එල් පීරිස්ගේ පොහොට්ටුවටය. විකල්පයක් තිබූණා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඡන්ද පත්‍රිකාවේ ඉහත කිසිවක් නොවේ යැයි තිබුණා නම් ප්‍රතිඵලය කෙසේ වන්නට තිබුණි ද ? හොඳයි. එහෙත් ඉතා හොඳ නැත.
ඡායාරූපය රොයිටර්
Tuesday, February 6, 2018
වැරැදි තැනින් අල්ලා ගැනීම
මේ ලිපිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට් යන ලිපිය හා සම්බන්ධිතය
https://evabalava.blogspot.com/2018/02/blog-post_6.html
රටේ ජාතික ගැටලු උත්සන්න වීමට ප්‍රධානතම හේතුව රටේ ජාතික ගැටලු හෝ ඒ ඒ පාර්ශව අතර පොදු එකඟතාවක් නොවීම සහ තමන්ගේ පිටස්තරව නොසිතීමය. හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිස්, උතුර ගැන දැඩි ආවේගයකින්, දෙමළ ජනතාව ගැන දැඩි ආවේගයකින්, දෙමළ ඩයස්පෝරාව ගැන දැඩි ආවේගයකින් කටයුතු කරන පිරිස් අනෙක් අතට රජයේ හමුදාව, ආණ්ඩුව කතා කරන පාර්ශව දෙකම ඔවුන් එල්ඹ ගෙන සිටින මතවාදී අදහස්වලින් අඩියක් පසුපසට හෝ ඉදිරියට හෝ එන්නට වුවමනාවක් නැත. ඒ නිසා විශේෂයෙන්ම රටේ වාර්ගික අර්බුදය එකතැන පල්වෙමින් තිබේ. යුද්ධය අවසන් වී වසර නවයක් ගත වී තිබුණද අපට අඩියක් හෝ ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. ප්‍රශ්න විසඳීමට යෑමේදී සියලු පාර්ශව සතුටු කිරීමේ හැකියාවක් නැතිමුත් සියලු පාර්ශවවලට අවම වශයෙන් හෝ පිළිගත හැකි විසඳුම් තිබේ.

හමුදා නිලධාරියාගේ ගෙල සිඳින අබිනයත්, විදේශ ප්‍රතිපත්තියක් ගැන ලිවීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පාර්ශව දෙකක විවේචනයට ලක්ව තිබේ. එක් පාර්ශවයක් හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසය. අනෙක් පිරිස උතුරේ ජනතාවගේ මානව හිමිකම් සහ රජයේ හමුදාවලට දඬුවම් දිය යුතුය කියන මතයේ සිටින පිරිසය.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැත. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි කියමින් මා ‘මදර් ශ්‍රී ලංකා’ , ආණ්ඩුව උතුරේ කරන සංවර්ධන ව්‍යාපෘති, ආණ්ඩුව ක්‍රියාත්මක සංහිඳියා ව්‍යාපෘති ගැන කීවේය. එයින් මා කිසිලෙසකින් වත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී ඇතැයි කීවේ නැත. මා සඳහන් කළේ ජාත්‍යන්තරයට පිළිතුරු දීම ගැනය. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි ගැනය.
අනෙක් අතට මා හමුදාව වැරැදි යැයි කොතැනකවත් කියා නැත. මුල ද අමතක වී නැත. අනුවණ ලෙස තැනට නොහොබිනා ලෙස කටයුතු කිරීම දේශප්‍රේමය ද නොවේ. යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් වුවත් එය අවසන් වෙද්දි වූ ඇතැම් සිදුවීම් ගැන ඇත්තේ කනගාටුවකි. යුද්ධයෙන් පසු සිදුවීම් ගැන ඇත්තේ ද දැඩි කනගාටුවකි. මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේදී හමුදා නිලධාරියාව මා කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් ඊට පෙර ඔහු එහි සිටින පිරිසකට කරුණු පැහැදිලි කිරීම අනුමත කරමි. විය යුත්තේ එයයි. එසේ කරුණු පැහැදිලි එක් සිදුවීමකින් ඔබ්බට යා යුතුය. අනෙක් කරුණු හමුදාව වැරැදි නැත. හමුදාවේ ඇතැම් පුද්ගලයන් කළ වැරැදිය. ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමය. යුද්ධයට මුවා වී යුද්ධය සමයේදී යුද භූමියේදීත්, යුද්ධයෙන් පසුත් කළ අපරාධවලට දඬුවම් දිය යුතුය. එය හමුදාවට දඬුවම් දීමක් නොවේ.
උතුරේ ජනතාවගේ විතරක් නොව දකුණේ ජනතාවගේත් ප්‍රශ්න විසඳී නැත. උතුර විතරක් නොව දකුණත් සංවර්ධනය වී නොමැත. සංවර්ධනය අපට බොහෝ දුරය. කොටින්ම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය විසඳී නැත. උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද ඉඩම් ප්‍රශ්නවලට මුහුණ දී සිටිති. මේ ආකාරයෙන් දෙපැත්තේම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිති. නිරන්තර පීඩනයට ලක්වෙති. ලක්වෙමින් සිටිති.
රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට්
ලන්ඩන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් දැක්වීම් පළවෙමින් තිබේ. විටෙක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු හමුදා නිලධාරියා අගයමින් ද තවත් විටෙක ඔහුගේ ක්‍රියාව විවේචනය කරමින් ද අදහස් පළ වී තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රිකව ගත් කළ හමුදා නිලධාරියාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නොහබිනා, අශීලාචාර සහ මිලේච්ඡ ක්‍රියාවකි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සාමාජිකයකු පිහියක් හෝ වෙනයම් හෝ ආයුදයක් ගෙන නිරායුධ මිනිසකුගේ බෙල්ලට තබාගෙන සිටිනවා හා සමාන ක්‍රියාවකි. අනෙක් අතට හමුදා නිලධාරියකු මෙවන්නකින් අඟවන්නේ සතුරාට නියත වශයෙන් මරණය හිමි බවය. යුද පිටියකදී සතුරා අභිමුව කළ යුත්තක් විදේශයක මහ කොමසාරිස් කාර්යාලයක නිලධාරියකු වශයෙන් සිටියදී විරෝධතාවක නියැලෙන නිරායුධ මිනිසුන් පිරිසක් ඉදිරියේ කරන්නට යෑම අමානුෂීය හා මිලේච්ඡ ක්‍රියාවක් හැරෙන්නට අන් යමක් නොවේ.

හමුදා නිලධාරියා කරනුයේ ඉංග්‍රිසි බසින් throat slitting/slash යනුවෙන් හඳුන්වන ගෙල සිඳින අභිනයකි. එසේත් නැතිනම් හිසත් කඳත් වෙන් කරන බව කියන අභිනයකි. මේ අභිනය රග්බි ක්‍රීඩාවේදී වඩාත් හුරුපුරුදු අභිනයකි. නවසීලන්ත කණ්ඩායම රග්බි තරගයක් ආරම්භ කිරීමට පෙර රඟ දක්වන Haka හකා නර්තනයේදී මේ හමුදා නිලධාරියාටත් වඩා හොඳින් ක්‍රීඩකයෝ රඟවති. හකා යනු යුද නැටුමකි. යුද පිටියේ, ක්‍රීඩා පිටියේ කරන දෑ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී,
ලෝක දේශපාලනයේදී නොකළ යුත්තේය.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී ඒ ප්‍රමිත පවත්වා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. යුද්ධය අවසන් වී වසර නවයක් ගෙවී යන මොහොතේදීත් තවමත් අප ජාත්‍යන්තරයේ පීඩනයට පත්වෙමින් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු තැන්වලදී රාජ්‍ය තාන්ත්‍රික නොවීම නිසාය. රටේ දමන චණ්ඩි පාට් ලෝකය හමුවේ දමන්නට යෑම නිසා නිවැරැදි ලෙස යුද වැදුණු හමුදා නිලධාරීන් පවා චෝදනාවලට ලක්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව ද රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරිය යුතු තැන්වලදී ගමේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කිරීමට යෑම නිසා, අහක යන කුණු ගොඩක් රටට ගෙනැවිත් තිබේ. හමුදා නිලධාරියාගේ ක්‍රියාවද ඊට නොදෙවැනි වන්නේය. ඔහු හුදෙක්ම කරනුයේ උද්ඝෝෂණය කරන පිරිසට අවැසි දෙයක් මිසක ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කළ යුතු ක්‍රියාවක් නොවන්නේය.

රටේ බහුතර ජනතාවට, සාමාන්‍ය ජනතාවට සිංහල බසින් වහසි බස් දෙඩවීම හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද කරමින් සිටින්නේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදයකට පත්ව සිටින්නේ හමුදාවේ ක්‍රියාකලාප නිසා නොව පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේ වැරැදි විදේශ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප නිසාය. අනෙක් අතට වඩාත් පැහැදිලි කරුණක් වනුයේ යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද නැව් විනාශ කළ නාවික හමුදාවට හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන් ගුවන් හමුදාවට නොවේ. එසේ යුද අපරාධ චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව යුද්ධයට මුවා වී තමා පටු දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් හමුදා නිලධාරීන්, සෙබළුන් මෙහෙය වූ දේශපාලකයන් නිසාය. ඒ සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතුය. අනෙක් කරුණ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිරත වූයේ කවුරුන්ද යන වගය.
එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එම සංවිධානයේ මතවාදය තවමත් ඇතැම් කොටස් සතුව ව්‍යාප්තව තිබේ. එම සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකය. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ එසේත් නැතිනම් එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සංවිධානවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා හේතු අවශ්‍ය. මාතෘකා අවශ්‍ය. සිදුවීම් අවශ්‍යය. හමුදා නිලධාරියා ගෙල සිඳින අභිනයක් කරමින් ඔවුන්ට හේතුවක් සාදා දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ පැවැත්ම ඇත්තේ ඊලාම් භූමියක් යන මතවාදය තුළය. දෙමළ ජනතාව පීඩා විඳින බව කීම තුළය. වෙනම රාජ්‍ය සංකල්පය, මානව හිමිකම් යන මාතෘකා තුළය. ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ ජනතාව ඝාතනය කළ බව කීම සහ එසේ කළ බවට හේතුසාධක, සාක්ෂි තොරතුරු ලෝකය හමුවට ගෙන ඒම තුළය. හමුදා නිලධාරියා ඔවුන්ට එසේ හේතුවක් සාදා දී තිබේ.

මෙවැනි විරෝධතාවලට පිළිතුරු දිය යුත්තේ ගෙල සිඳින බව අභිනයකින් දැක්වීමෙන් නොව රාජ්‍ය තාන්ත්‍රිකවය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි දෙමළ ජනතාව හරහාය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනතාව හරහාය. උතුරේ හා දකුණේ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති, ඉඩම් නැවත ලබාදීම්, රට තුළ ක්‍රියාත්මක සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහන්, උතුරේ දරුවන් දකුණේ දරුවන් එක්ව කරන ‘මදර් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් පිළිබඳ ලෝකයට කීමෙනි. අනෙක් අතට එවැනි දෑ සඳහා ඩයස්පෝරාව එකතු කරගැනීම ද අත්‍යාවශයෙන් ම කළ යුත්තේය. ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවේ ජනතාව මහත් භීතියට පත් කරන වචනයක් බවට පත්ව තිබේ. ඩයස්පෝරාව යනු රටක සිටින විදෙස් ජනකොට්ඨාශය. ඒ නිසා ජාත්‍යන්තර පිළිතුරු දීමට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වාර්ගික ජනකොටස්වලින් සැඳුම්ලත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව එකතු කරගැනීමෙනි. ඕනෑම රටක සැලකිය යුතු ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් සිටියි.
හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසගේ එක් තර්කයක් වී තිබෙන්නේ අයි.එස් සංවිධානයට සහාය දක්වන පිරිසක් ඇමෙරිකා තානාපති කාර්යාලයක් ඉදිරියේ සිටින අවස්ථාවක ඇමෙරිකා හමුදා භටයෙක් ඔවැන්නක් කළොත් කුමක් වේවිද යන්නය. ඊට සරල පිළිතුර ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරනවා, ඒ නිසා අපිත් මානව හිමිකම් කඩමුද යන්නය. ඇමෙරිකාව යනු ඇමෙරිකාවය. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ බලවතාය. යුදමය, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ලොව බලවතාය. එහෙත් ශ්‍රී ලංකාව එසේ නොවේ. එසේ බලවතකු නොවූ පමණින් නිවට නියාලුව, බියගුළුව කටයුතු කළ යුතු නොවේ. එහෙත් අවශ්‍ය වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියකි. සිංහල බසින් රටේ ජනතාවට වහසි බස් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන් නොව විදේශයකදී සෘජුව අදහස් දැක්විය හැකි, නායකයන්ය. ආණ්ඩු මාරුවන වනවිට විදේශ ප්‍රතිපත්ති නොවේ. අපට සිටි එවැනි එකම නායකයා ලක්ෂ්මන් කදිරගාමයර්. ඉන්පසු ඒ ආසන්නයට හෝ පැමිණියේ නම් ඒ මංගල සමරවීරය.
එම නිසා මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවිය යුතුය. වඩාත් වැදගත් දරුණුතම දුර්වලතාව අපට නිශ්චිත විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිකමය. හැම අතින්ම මෙන්ම අපි විදේශ ප්‍රතිපත්තිය අතින් ද දුර්වලය. වඩාත් මුල් තැන දෙනුයේ සංවේදීතාවලට, මැතිවරණවලට, ගමේ චණ්ඩි පාට්වලට සහ ජනප්‍රියතාවදායටය. එහෙත් අපට අවශ්‍ය වනුයේ එවැන්නක් නොවේ. ශක්තිමත්, ස්ථීරසාර, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තිය. රටේ අභිමානයට මුල් තැන දෙන රටේ ජාතික ලැදියාවන් ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තරයට ගරු කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ප්‍රඥප්තිවලට අනුකූල, රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරන විදේශ ප්‍රතිපත්තියකි. එම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ද හදවතින් නොව මනසින් විමසා කටයුතු කරන පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකරන, සෘජු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපට නැත්තේම එවැන්නෝය.මංගල සමරවීර මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ඡායාරූප අයිතිය gettyimages
https://www.gettyimages.com/detail/news-photo/sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-news-photo/94875253#sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-lanka-right-picture-id94875253
අනෙක් ඡායාරූප අන්තර්ජාලයෙනි
හර්ෂණ තුෂාර සිල්වා
07.02.18
Saturday, February 3, 2018
ආදරණීය වික්ටෝරියා ගැන ආදරයෙන්
කියවන පොත් ගැන සටහනක් තැබීමට නිරන්තරයෙන් සිතාගෙන සිටියත් එය කිසිදු අවස්ථාවකදී මෙතෙක් කලක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් විය. කෙසේ නමුත් මේ වසරේදීවත් කියවන පොතක් ගැන එක ඡේදයක් හෝ ලියා තබන බවට කරගත් අදිටන අද කූඨප්‍රාප්ත වී තිබේ. බ්ලොග් අඩවියේ මුලින්ම ලියන්නට සිතුනේ ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත ගැනය. පසුගිය වසර කිහිපයේදී මට වඩාත් සමීප වූ පොත් කිහිපය අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං හා කුරුළු හදවතට හිමිවන්නේ මුල් තැන බව නොකිවමනාය. ඒ තැනට තවත් අලුත් පොතක් එක් කළ හැකිය. ඒ මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කෘතියයි.
මා සටහන ලිවීම ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 4 උදා වීමට පැයක් තිබෙන මොහොතකය. හෙට උදා වන්නේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස යැයි කියති. නිදහස ලැබුණාද, නිදහස දිනාගත්තා ද , සුද්දා රට දාලා ගියා ද ? නිදහස හරියටම ලැබුණේ 1972 වසරේදී කියා තෝරා බේරා ගන්නට බැරි රටක අපි ජීවත් වන්නෙමු. එහෙව් රටක තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගැන මොහාන් අපුරූවට ආදරණීය වික්ටෝරියා හි ලියා තබා තිබේ.
බි්‍රතාන්‍ය පාලනයත්, බි්‍රතාන්‍ය පාලනයෙන් උරුම වූ දෑ නිසි පරිදි ගලපා ගැනීමට නොහැකි වීමත්, බඩජාරී කමට කෑ දෑ දිරවා ගත නොහැකි තත්ත්වයත් පොතේ අපුරූවට ලියා තබා ඇත. අද වනවිට ලංකාවේ තිබෙන සමාජ, සංස්කෘතිමය හා ආර්ථිකමය මෙන්ම ආකල්ප හා සිතුවිලිවලට සුවිශේෂී බලපෑමක් කරන ලද කාලසීමාවක් ලෙෂ බි්‍රතාන්‍ය පාලන කාලයත්, එයිනුත් වික්ටෝරියානු රැජින යටතේ පැවති බි්‍රතාන්‍ය පාලනයත් විශේෂයෙන් පෙන්වා දිය හැකිය.
වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී බි්‍රතාන්‍ය තුළ සමාජ, සංස්කෘතික, ආර්ථිකමය , දේශපාලනමය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර එහි බලපෑම එවකට බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ලංකාව වැනි කොලනිවලට ද තදින්ම බලපෑවේය.
වික්ටෝරියානු සුචරිතවාදය, වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වනුයේ වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී සිදු වූ සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය, වෙනස්කම්. එම ප්‍රතිසංස්කරණ එසේත් නැතිනම් වෙනස්කම්වලින් පසු එඞ්වඞ් රජුගේ යුගය ආරම්භ වූ අතර ඉන් පසු වත්මන් දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලය වනතෙක් දක්වා පැමිණ තිබේ. මෙම යුගවලදී බි්‍රතාන්‍ය වික්ටෝරියානු ප්‍රතිසංස්කරණවලට බොහෝ දුර ගොස් තිබේ. බි්‍රතාන්‍ය අද වනවිට බොහෝ දුරක් පැමිණ ඇතත් ශ්‍රී ලංකාව තවමත් පය දෙතැනක තබාගෙන සිටියි. බි්‍රතාන්‍ය තුළ නූතන තත්ත්වලට ගැලපෙන අයුරින් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුව තිබේ. තාක්ෂණය අතින් ඔවුන් බොහෝ දුර ගොස් තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇතැම් නීතිරීති බි්‍රතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී පැනවූ නීතිරීති වීම ඊට හොඳම උදාහරණයයි. එය මෑතකදී වඩාත් හොඳින් දක්නට ලැබිණි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් බි්‍රතාන්‍ය පාලනයේදී පනවන ලද නීති තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඊට කදිම උදාහරණයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් බි්‍රතාන්‍ය ඉදිරියට යද්දි, කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් බි්‍රතාන්‍ය පාලන සමයේදී පනවන ලද නීතිරීති වෙනස් කර අදට ගැලපෙන සහ රටට ගැලපෙන නීතිරීති සකස් කිරීමට වත්මන් පාලකයන් පවා අසමත් වීම වික්ටෝරියානු බලපෑම කොතරම් තදින් සිදු ව ඇත්දැයි පෙනී යයි.
පෘතුගිසී, ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන සමවලට පෙර ලංකාවත්, එම පාලන සම සහ බි්‍රතාන්‍ය පාලනයෙන් පසු 1948 සිට 1972 දක්වාත් ඉන් පසු අද දක්වා කාලයත් බැලීමේ දී රටක් ලෙෂ අසාර්ථකවීම, කඩාවැටීම මනාව අවබෝධ කරගත හැකිය. වික්ටෝරියානු රැජිනගේ පාලනයේදී ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ, ආර්ථික සිදුවීම් මනාව පෙන්වාදෙන මොහාන් , තම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කරයි.
“ඔය ධර්මපාල සිංහල මිනිසුන්ගේ නිදහස සීමා කරලා හදන්ඩ හදන සුචරිතවත් සමාජයම තමයි, වික්ටෝරියා මහ බිසවුන්නාන්සෙත් ඒ විදිහටම හදන්ඩ බලාපොරොත්තු වෙන්නේ.....”
පෘතුගිසී, ලන්දේසි සහ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයත්, එම පාලන සමයේ වික්ටෝරියානු පාලන සමයේදීත් අපට සිදු වූ ඛේදවාචකය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අපේ සංස්කෘතිය , අපේ කම අපේ ශක්තීන් මොනවාදැයි හඳුනාගැනීමට නොහැකි වීමය. අපට අපගේ අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීම මෙහි ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිහි වූයේ මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයකි.
මොහාන් ආදරණීය වික්ටෝරියා අවසන් කරන ආකාරය ගැන මට ඇත්තේ අපිළිවෙළ ගතියකි. එහෙත් එම අපිළිවෙළ, එම අවසානය ශ්‍රී ලංකාවේ වත්මන් මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයේ ආරම්භය සනිටුවහන් කරයි. කෘතියේ අවසානයේ සඳහන් වනුයේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපතය. බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ඔහු මහත් විනාශයක් රටට අත්කළ බව මාගේ විශ්වාසයයි. තමන්ගේ දරුවන් ඉංග්‍රිසි බසින් ද අකුරු කරද්දි, රටේ අනෙක් දරුවන්ට තිබූ එම අවස්ථාව අහිමි කිරීමේ ප්‍රතිවිපාක අපි අද හොඳින් අත් විඳින්නෙමු.
ආදරණීය වික්ටෝරියා මෙසේ අවසන් වෙයි.
“කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ අතිශයින්ම කුලුපග සේවකයකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුය”.
ඉන් වසර 12කට, 1901 වසරේ පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ‘රාජකීය දේහය’ වින්ඞ්සර්හි ‘ෆ්‍රොග්මෝ මුසලියම්’ හෙවත් ෆ්‍රොග්මෝ රාජකීය සුසාන භූමියේදී භූමදානය කරන ලදි.
ඡායාරූපය 1901 වසරේ පෙබරවාරි 04 වැනිදා ‘මැන්චෙස්ටර් ගාඩියන්’ හි පළ වූවකි. අයිතිය ‘ද ගාඩියන්’
https://www.theguardian.com/theguardian/2012/feb/04/archive-1901-death-queen-victoria

Friday, February 2, 2018
පුවත්පත් හා සමාජ මාධ්‍යය
රාවය පුවත්පත සම්බන්ධයෙන් මතු වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ සතියේ රාවය පුවත්පතේ පැහැදිලි කිරීම් සහ ලිපිවලට අමතරව පසුගිය සති දෙකක කාලයේදී මුහුණු පොතේ ද විවිධ අදහස් දැක්වීම් දක්නට ලැබිණි. මා ලියන්නට යන්නේ රාවය විවාදයෙන් මතු වී එන වෙනත් කරුණක් ගැනය. රාවය පුවත්පත සම්බන්ධයෙන් සහ ජනරංජන මහතාගේ ඉවත් වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමේ ලිපියක් පළ කරන වික්ටර් අයිවන් මහතා එම ලිපියේ පළමු ඡේදයෙන් වැඩි හරියක් කතා කරන්නේ සමාජ මාධ්‍යය ගැනය.
වඩාත් වැදගත් කරුණ වන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියේ වැඩිමනක් පාදක වන්නේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ අදහස් ද සමඟය. එහිදි පැන නගින ගැටලු දෙකකි. රාවය පාඨකයෝ සියලු දෙනාම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නෝ ද ? සමාජ මාධ්‍යයේ රාවය ගැන පළවු ලිපි, අදහස් දැක්වීම් සියල්ල රාවය පාඨකයෝ දුටුවා ද ? රාවය පුවත්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එක් සුවිශේෂී සිදුවීමක් වනවා සේම අනෙක් අතට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට හේතු කරගත යුතු සිදුවීමක් යැයි විශ්වාස කරමි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එය හේතුවක් කරගැනීම යනුවෙන් මා අදහස් කරනුයේ, සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය අතර ඝට්ටනයයි. ඉහත සඳහන් කළ අයුරින්ම වික්ටර් අයිවන් මහතා තම කරුණු පැහැදිලි කිරීම් මූලික වශයෙන් පදනම් කරගනුයේ සමාජ මාධ්‍යයි.
පුවත්පත් පිටු සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම සමාජ මාධ්‍යය විශේෂයෙන්ම මුහුණු පොතේ හාස්‍ය උත්පාදක ඡායාරූප යනාදිය පුවත්පත්වල පළ කිරීම යනාදිය තුළින් මීට පෙර දක්නට ලැබුණි. එහෙත් වික්ටර් අයිවන් මහතාගේ පැහැදිලි කිරීම කෙරෙන්නේ ම මුහුණු පොතේ පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙනි. එහි වඩාත් සැලකිය යුතු කරුණු වන්නේ රාවය පුවත්පත සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තිබෙන්නේ මාධ්‍ය , වේදිකා (ප්ලැට්ෆෝම්ස් දෙකක් වීමය). එකක් රාවය පුවත්පතය. ඉඩකඩ සීමිතය. පළ වන්නේ සතිපතාය. අනෙක් වේදිකාව සමාජ මාධ්‍ය, නැතිනම් අන්තර්ජාලය කේන්ද්‍ර කරගත් මාධ්‍යය. සංසඳනාත්මකව ගත් විට සමාජ මාධ්‍යයේ ඉඩකඩ වැඩිය. අවස්ථා වැඩිය. ඕනෑම අවස්ථාවක අදහස් ප්‍රකාශ කළ හැකිය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන පිරිස්වලට මෙය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම ඉතා හොඳ මාතෘකාවක යැයි විශ්වාස කරමි.
සාර්ථකත්වයට පත්වන්නේ එක්ව යන ගමන්ය. පුවත්පත්වලට, මුද්‍රිත මාධ්‍යවලට හා සාම්ප්‍රදායික මාධ්‍යවලට වෙන් ගමන් කිරීමෙන් අත්පත්වන සාර්ථකත්වය නැත. අනෙක් අතට සමාජ මාධයයට එම කරුණ වලංගුය. එම නිසා තොරතුරු සැපයීම, තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු බෙදාහැරීම, මූලාශ්‍ර යන කරුණුවලදී සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සහ සම්බන්ධය තවදුරටත් වැඩි කරමින් මාධ්‍ය දෙක අතර තිබෙන පරස්පරතා සීමා කිරීම සම්බන්ධයෙන් කතා කිරීම වඩාත් වැදගත් වේ.
ඡායාරූපය රොයිටර් පුවත් සේවයෙනි
Wednesday, January 17, 2018
පුරුෂ රාජ්‍යයෙන් ඔබ්බට : වෙනස සැපය
පුරුෂ රාජ්‍යය ගැන ලියන අතරවාරයේදී ඉන් මදක් ඔබ්බට යන්නට සිතුවෙමි. මැතිවරණයත්, මැතිවරණයේදී ‘සිංහල බෞද්ධ’ යනුවෙන් හඳුන්වා වන්නා වූ ඡන්ද ආරක්ෂා කරගැනීම වෙනුවෙනුත් ජනප්‍රියත්වය උදෙසාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපට විවේචන තිබේ. එය පසෙකින් තබා වෙනත් කරුණක් ලියන්නට සිත්විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන්නේ 2015 වසරේ ජනවාරි මස 9 වැනිදාය. ඊට පෙර ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවත්විණි. වඩාත් සංකේතවත් දිනය බවට පත්ව ඇත්තේ ජනවාරි 8ය. ජනවාරි 8 පෙර මේ රටේ යමින් තිබූ තත්ත්ව අටුවා ටීකා ටිප්පනි ලීමේ අවශ්‍යතාවක් නැත. සිහිබුද්ධිය ඇති, දේශපාලන කණ්ණාඩි නොපළඳින, එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ නොවන මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා දේවත්වයෙන් හෝ පීතෘත්වයෙන් නොසලකන ඕනෑම අයකුට රට යමින් තිබූ අත පැහැදිලිව පෙනෙන්ට තිබිණි.
පෙර දිනයක මා ලියා තැබූවක් මෙන් එකළ දෙවොල කෙළෙසන දන්නා දෙවියන් බවට පත්ව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ගිලෙන්නට හෝ අතරවයට ලක්වන්නට ගිය තරුණියක බේරගත් පමණින් ඔහු දූෂණය කිරීමේ අයිතියක් තරුණිය බේරාගත් පුරුෂයාට නැතැයි වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එකල ජනාධිපතිවරණ වේදිකාවලදී නිරන්තරයෙන් පැවසීය. එක් අතකට මහින්ද රාජපක්ෂ මහතා දන්නා යක්ෂයා බවට පත්ව සිටියේය. නොදන්නා දෙවියන් බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්විය. අවසානයේදී නොදන්නා දෙවියන් ජනාධිපතිවරයා ලෙස පත් කර ගන්නට මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව කටයුතු කළේය.
මෙහිදි තවත් යමක් විශේෂයෙන් ලියා තැබිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අපට කිසිදු පුද්ගලික තරහක් නොමැත. රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේය.
මා ලියන්නට අදහස් කළේ මෙයයි. පසුගිය අවස්ථා කිහිපයකදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා ලද තීන්දු තීරණ කිහිපයක් සමාජ මාධ්‍යවලත් අන් යම් තැන් තැන්වලත් දිගින් දිගටම දැඩි විවේචනයට ලක්විය. ඔහු සම්බන්ධ කරගනිමින් බොහෝ කාටුන් මෙන්ම සමාජ මාධ්‍යවල උපහාසාත්මක මෙන්ම අපහාසාත්මක දෑ ද බොහෝ විය.
ජනවාරි 8 වැදගත් වනුයේ එම කරුණේදීය. අප ජනවාරි 8 වැනිදා අත්පත් කරගන්නා ලද වෙනස එයය. ජනවාරි 8 වැනිදාට පෙර නම් අද මෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔය කිසිදු පක්ෂයක කිසිදු මාධ්‍යයක ඉඩක් නොවීය. අවස්ථාවක් නොවීය. රූපවාහිනි මාධ්‍යයේ ඇතැම් දෑ බීප් ශබ්දයෙන් වසන් විය. ප්‍රවෘත්ති විකාශවල මුල් පුවත ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විය යුතුම විය. පුවත්පත්වල ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පළවීම අනිවාර්ය අංගයක් බවට පත්ව තිබුණේය.
අද එදාට වඩා නිදහස්ය. එහෙත් නොදන්නා දෙවියන් ඇතුළු කණ්ඩායම සුදනන්, පාරිශුද්ධයන් නොවන බව ලියා තැබිය යුතුය. ඔවුන් කර ඇති බොහෝ වරද තිබේ. දූෂණය වංචාව පිටු දකමින් යහපාලනයක් ගෙන ඒමා සඳහා පත් කරගන්නා ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඇතැම් අවස්ථාවලදී යමර පාලනයක් මෙන් කටයුතු කර තිබේ. ඇතැම් අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කරන ලද නොමනාකම් ඉක්මවා යන නොමනාකම් කර තිබේ. දූෂණ වංචා සිදු කර තිබේ. යහපාලනය , සමාජ සාධාරණත්වය තඹයකට මායිම් නොකරමින් කටයුතු කර අවස්ථා තිබේ. මේ සියල්ල මධ්‍යයේ අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණ විවේචනය කිරීම නිදහස වැදගත් අයුරින් භුක්ති විඳිමින් සිදු කිරීමය. එම නිසා ලද නිදහස නිදහස ලෙස භුක්ති විඳීමට අප වගා බලා ගත යුතුය. එම නිසා නිදහස වල් බූරු නිදහස් කර නොගනිමින් පවතින පාලනයේ වැරැදි අඩුපාඩු, වංචා දූෂණ, අකටයුතුකම් සහ නොමනාකම් හෙළිදරවු කිරීම සහ විවේචනය කළ යුත්තේය. ඒ බව සිහි තබාගැනීම කාගේ කාගේත් යහපතට හේතුවනු ඇතැයි විශ්වාස කරමි.
ඡායාරූපය ඉෂාර එස්. කොඩිකාර (ඒ.එෆ්.පී)
https://www.yahoo.com/news/sri-lanka-lifts-sexist-39-ban-women-buying-005540551.html
පුරුෂ රාජ්‍යය 1
මත්පැන් අලෙවිය හා කාන්තාවන් සම්බන්ධ දශක ගණනක් පැරැණි
නීතිරීති ඉවත් කිරීමටත් මංගල සමරවීර අමාත්‍යවරයාගත් තීරණයත් ඉන් දින කිහිපයකට එම
තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ලද තීරණයත් මෙරට මුද්‍රිත, විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය
පමණක් නොව සමාජජාලවලට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. එය දේශීය පමණක් නොව විදෙස්
පුවත්සේවාවවලට අවධානය දිනාගැනීමට සමත් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ.
මත්පැන් අලෙවිසැල්වල් කාන්තාවන් සේවය කිරීම සහ
කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීතිරිති ලිහිල් කිරීමත් මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබෙන වේලාවන්
වෙනස් කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා පියවර ගත්තේ පසුගිය සතියේදීය. ඒ
වෙනුවෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ද මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. එම
ක්‍රියාමාර්ගය නවතා දමමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ජනාධිපතිවරයා මැතිවරණ
රැලියකදී පැවසීය.
මත්පැන්,
යනු ආර්ථිකමය වශයෙන් රජයට ආදායම් උපයා දෙන්නකි. සෞඛ්‍ය
තත්ත්වය අතින් බැලූ විට මත්පැන් යනු එතරම් හිතකර දෙයක් නොවුණ ද ඈත අතීතයේ සිට මත, මත්පැන්
ගැන කතා ඕනෑ තරම් අපට අහන්නට කියවන්නට තිබේ. ඒ නිසා මත්පැන් තුරන් කිරීම යනු සිදු
නොවන්නක් බව පැහැදිලිය. මත්පැන් පානය කරන්නේ නැද්ද යන තෝරා ගැනීම ඒ ඒ පුද්ගලයාගේ
කැමැත්ත මත තීරණය වන්නකි.
මුදල් අමාත්‍යාංශය අදාළ තීරණය
ගැනීමේ එක් සාධකයක් වනුයේ ආදායම් ඉපැයීමය. කාන්තා රැකියා අවස්ථා ඉහළ යෑමය.
ආර්ථිකයමය අතින් ප්‍රතිලාභ කිහිපයක් ඉහත කී තීරණ නිසා ලැබෙන්නේය. ඒ අතරවාරයේදී
මුදල් අමාත්‍යවරයා තවත් කතාවක් කියා තිබේ. එනම් කාන්තාවන් වෙනුවෙන් කියා වෙනම නීති
නොතිබිය යුතුය. ඇත්තය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයකුටම සමානව සැලකිය යුතුය.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ තත්ත්වය අනුව නීති පැනවිය නොහැකි වන්නේය. එසේ බලන කළ
ජනාධිපතිවරයා කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබේ. මෙතෙක් කලක් එවැනි
නීති පවත්වාගෙන පැමිණීමෙන් අප කර ඇත්තේ බලවත් වරදකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝණය
කිරීමේ යටතේ පැවැති සෑම ආණ්ඩුවකටම එරෙහිවම නීතිමය පියවර ගත යුතුය.
ඡායාරූපය ලක්රුවන් වන්නිආරච්චි (ඒ.එෆ්.පී-) LAKRUWAN WANNIARACHCHI/AFP/GETTY IMAGES
Monday, January 8, 2018
මේ දෙවියන්මදැයි තවමත් සැකය
මේ දිනවල ජාතික රූපවාහිනියේ යන දැන්වීමක කොටසක් මතක් වුණා දවස තිස්සෙම. ඒ කොටස පෙනි සිටින්නේ මහා කවි රත්න ශ්‍රී විජේසිංහ. ඔහු කියනවා සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන්නට නම් සම්ප්‍රදාය දැන සිටිය යුතුයි. ඔය කොටස දැකපු මුල්ම මෙලාවේදි මට මතක් වුණේ, අපේ ඉස්කොලේ උත්සවවලදී නිරන්තරයෙන් කියන වාක්‍ය කොටසක්. නිවේදන අංශ හිටපු අයියලා හැම විටම කිව්වා අපේ සෙට් එකේ උනුත් ඒ විදියට කිව්වා. මල්ලිලත් දැන් ඒ විදියට කියනවා ඇති. සම්ප්‍රදාය අතික්‍රමණය තමයි ඔය කෑල්ල. සම්ප්‍රදාය අතික්‍රමණය කරන අපි හැමදාමත් සම්ප්‍රදායට ගරු කරනවා........ඔහොම ඉතිං ආල වට්ටං දානවා. ජනවාරි 8 ගැන ලියන්නේ කොහොමද කියලා හිතා හිතා ඔය විදියට පටන් ගත්තා. අපි මහින්ද ගැන දැන සිටියා. එහෙම වුණත් මෛත්‍රී ගැන දැනගෙන හිටියේ නැහැ. මට මතකයි අපේ පත්තරේ හෝ වෙනත් පත්තරයක නොදන්නා දෙවියන් යනුවෙන් ලිපියක් පළවුණා. ජනාධිපතිවරණය සමයේදීමයි. නොදන්න දෙවියෝ පත්වෙලා අවුරුදු තුනක් ගිහින්.
ජනවාරි 8 යන අපේ රටේ ඉතිහාසයේ බොහෝ මතක සටහන් ඇති බොහෝ සෙයින් වැදගත්කම් ඇති දිනයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. මාධයවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ අද වැනි දිනකය. වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ උපන්දිනය යෙදෙන්නේ ද ජනවාරි 8 වැනිදාටය. මෙරට ඉතිහාසයේ තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවත්වෙන්නේ ද ජනවාරි 8 වැනිදාවකය. දෛවයේ සරදමකට දෝ මේ සිදුවීම් ත්‍රිත්වයම එකිනෙකට සම්බන්ධය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන බවට පවසමිනි. ඔහු බලයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ සමයේදී ඝාතනය ලක්වූ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්, තාජුඩීන්, රොෂෙන් චානුක යන තරුණයන්ගේ ඝාතකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට සපථ කරමිනි.
එහෙත් අද එසේ දුන් පොරොන්දු ඉටු වී තිබේද ? මහින්ද රාජපක්ෂ සමයේදී සිදු වූ වංචා දූෂණ ඒ අයුරින්ම නැතත් අඛණ්ඩවම සිදුවෙමින් පවතියි. මහා පරිමාණ වංචා සිදුවෙමින් පවතියි. වත්මන් ආණ්ඩුවට බලයට පත්වන්නේ යහපාලන මූලධර්ම සුරකින බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනක් යන්නට මත්තෙන්, ආණ්ඩුවේ පළමු දින සියය ඇතුළත මහා බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවන්නේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉතිරි වූ යම් සත කිහිපයක් තිබුණේ ද වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ සත කිහිපය ද නැති භංගස්ථාන වී ගියේය. රටේ ජනතාවට සිදුවූයේ හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩාවැටුණා වැන්නකි.
වත්මන් ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොඳය. එහෙත් එයින් මේ ආණ්ඩුව හොඳයි කියවෙන්නේ නැත. තොරතුරු පනත ගෙනාවේය. 19 වැනි සංශෝධනය, මැතිවරණ ක්‍රමවේදයක්, ව්‍යවස්ථාවට අලුත් අංග, අලුත් ව්‍යවස්ථාවක් ගැන කතිකාවක් තිබෙන්නේය. එහෙත් ඒවා අල්පයක් තරම්ය.
අන් සියල්ල පසෙකින් තබමු. බැඳුම්කර නිකුතු-වේදී සොරකම් සිදු වී ඇති බව දැන් සැකයක් නැත. එවැනි වටපිටාවක ඊට සම්බන්ධ වූ පිරිස්වලට දඬුවම් දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමකි. 2008 වසරේ මහ බැංකුවේ සොරකම් සිදු වූවා කියා නිදහසට කරුණු කීමෙන් පලක් නැත. එසේ සිදු වූවා නම් ඒවා ගැන පරීක්ෂණ තබා නීතිය යුක්තිය ක්‍රියාත්මක කළ යුතුය. හැට දෙලක්ෂයක ඡන්දයෙන් වත්මන් ආණ්ඩුව පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ රෙජීමය කළ කී දෑ කිරීමට නොව මේ රට යමින් තිබූ අගාධයෙන් ගොඩගැනීමට. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ සෝභිත හිමිගේ සාධරණ සමාජයක් සංවිධානයේ වත්මන් සභාපතිවරයාගේ වචනවලින්ම කියන්නේ නම් අශ්ශීල සමාජයක් වෙනුවට යහ සමාජයක් ගෙන ඒමටය. ඒ වගකීමන් මිදෙන්නට වික්ටර් අයිවන්ට පමණක් නොව මහාචාර්ය සරත් විජේසූරියට ද බැරිය. යහ සමාජයක් අවශ්‍ය වන්නේ හැට දෙලක්ෂයට පමණක් නොව පනස් අට ලක්ෂයට ද යහ සමාජයක අවශ්‍යතාව තිබේ. ගැටලුව ඇත්තේ එවන්නක් කිරීමට නායකයන් අප සතු ද යන්න ය.
මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධය අවසන් කළේය. හොඳය. එහෙත් ගැටලුව යුද්ධය අවසන් කළ පමණින් රටේ වාර්ගික ගැටලුවලද විසඳුම් ලැබුණේ ද යන්නය. වත්මන් ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබිණි. මහින්ද රාජපක්ෂ රෙජීමය ලෝකය තිබෙන්නේ ලංකාවේ යැයි සිතා ඊට පිළිතුරු දෙන්නට ගියේය. එයින් ද පහර වැදුණේ රටේ ආර්ථිකයටය. වත්මන් ආණ්ඩුව එය සමනය කරගත්ත ද ප්‍රශ්නවලට විසඳුම් සොයා නැත. මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවූයේ ජාත්‍යන්තරයෙන් සම්බාධක එල්ල වීමට තිබූ නිසා යැයි ද ඉදිරියේදී රටේ ආර්ථික බුබුළ පුපුරා යෑමේ අවදානමක් තිබෙන නිසා යැයි ද කියැවිණි.
එසේ කී වත්මන් රනිල් මෛත්‍රී ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කර තිබෙන්නේද ? ඝාතකයන් තවමත් නිදැල්ලේය. මහ පරිමාණ දූෂිතයන් තවමත් නිදැල්ලේය. මාධ්‍යවේදීන් පැහර නොගත්තද මාධ්‍යවේදීන්ට තවමත් තර්ජනය. බලපෑම් නැතත් එය එසේය. සොරුන් දූෂිතයන් තවමත් තනතුරුවලට පත් වන්නේය. ඔවුන් පත් කරන්නේ හොරුන්ට දඬුවම් දෙන බව කියමින් ධුරවලට පත්වූ ජනාධිපතිවරායය. අගමැතිවරයාය. ඔවුන් යටතේ සිටින ඇමැතිවරුය. හොරකම් කළ ඇමැතිවරුන් මේ ආණ්ඩුවේත් ඇමැතිවරුය.
2015 ජනවාරි 8 වෙනසක් වුණේය. එය වැඩියෙන්ම දන්නේ අවබෝධ වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ පීඩාවට පත්වූවෝය. ඝාතනයට ලක්වූවෝය. ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ය. මාධ්‍යවේදීන්ය. එහෙත් ඒ දැනීම, අවබෝධය ඔවුන්ගෙන් ඔබ්බට ගොස් හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිධුරයට පැමිණෙන්නට අවස්ථාව උදා කරන දුන්හ. ඒ හැට දෙලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබූහ. එහෙත් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා එම විශ්වාස බිඳ දැමීය.
මේ ආණ්ඩුව යමක් කර නැත්තෙමත් නැත. එමෙන්ම පසුගිය ආණ්ඩුව ද යමක් කර නැත්තෙමත් නැත. එබැවින් මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුව සමයේ පැවැති මහා පරිමාණ දූෂිත නවතා දැමිය යුතුය. ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කළ යුතුය. සෝභිත හිමියන්ගේ නිසල දේහය ඉදිරියේදී සපථ කළ අයුරින්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුය. පාලම් උන්වහන්සේ නමින් නම් කර එයින් ගැලවිය නොහැක. හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගන්නා ලද් දන්න යක්ෂයාට වඩා නොදන්න දෙවියන් හොඳ ඇතැයි කියා විශ්වාසය තබමිනි. පනස් අට ලක්ෂයක් නොදන්න දෙවියන් කුමක් කරනු ඇත්දැයි අවිශ්වාසයෙන් දන්නා යක්ෂය වෙනුවෙන් වූහ. එහෙත් අවසානයෙදී දන්නා යක්ෂයා පරයා නොදන්නා දෙවියන් ජයගත්තේය. එහෙත් මේ දෙවියන්මදැයි තවමත් සැකය.
ඡායාරූපය ශෙහාන් ගුණසේකර https://www.facebook.com/sheh1173/photos/a.730572830300599.1073742104.574293862595164/1063848833639662/?type=3&theater
හර්ෂණ තුෂාර සිල්වා
2018.01.08
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...