මාස හයක් ඇතුළත පූර්ණ විදුලි විසන්ධි වීම් තුනක් සිදු වූ බවත් එහි පූර්ණ වගකීම බාරනිමින් තමා ධුරයෙන් ඉවත් වන බව අනුර විජයපාල මහතා පවසා ඇත. මෙවැන්නක් මෑත කාලයේ සිදු වූයේ ප්‍රථම වරටය. වගකීම බාර ගනිමින් ධුරයෙන් ඉවත් වීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ගත් තීරණය අගය කළ යුතු අතර පාලකයන් මැදිහත් එවැනි වගකිව යුතු නිලධාරියෙක් සේවය නැවත රටට ලබාගැනීමට කටයුතු කළ යුතුය.
ලෝක බැංකු වාර්තාවලට අනුව 2011 වසරේ මෙරට විදුලි පාරිභෝජනය කිලෝවොට් පැය 490.25කි. එම වසරේදීම ඉන්දියාවේ විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 884ක් වන විට වනවිට පාකිස්තානයේ විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 450කට ආසන්නය. මෙරට විදුලි පරිභෝජනය එන්නම වැඩි වෙමින් පවතින බව ජනගහනය අතින් බලන විට සරලව තේරුම් යන කරුණකි.
2012 වසරේදී මෙරට ඒකපුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 526.8කි. පාකිස්තානයේ ඒකපුද්ගල විදුලි පරිභෝජනය 451.7කි. ඉන්දියාවේ ඒකපුද්ගල විදුලි පරිභෝජනය 743.7කි.
මෙරට විදුලි පරිභෝජන ඉල්ලුම දිනෙන් දින වැඩි වන බවත් එමෙන්ම විදුලි සේවාව ලබාගන්න පිරිසද වැඩි වේගයකින් වර්ධනය වන බවත් 2014 වසරේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛව කරන ලද සමීක්ෂණයකදී අනාවරණය විය. එමෙන්ම දෛනික විදුලි පරිභෝජනය ද නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා ඉතා වැඩි බවත් කෙටි කාලයක් ඇතුළත කෙරෙන විදුලි පරිභෝජනය ද සීමාව ඉක්මවා ගොස් ඇතැයි එමඟින් පෙන්වා දී ඇත. උදෑසන 5.30ත් රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී වැය වන විදුලි පරිභෝජනය ඉතා වැඩි බව එම සමීක්ෂණය පෙන්වාදෙයි.
2012 දී මේ ආකාරයෙන් වාර්තාවක් සැකසුණි. එහිදි 2010 හා 2011 වසර සසඳා බැලුණි. 2010 වසරේදී මෙරට සමස්ත විදුලි පාරිභෝජනය 4,955,127ක් වූ අතර 2011 වසරේදී එය 5,192,265ක් දක්වා වැඩි වී ඇත. මේ වසරක කාලය තුළ වැඩි වූ ප්‍රමාණය. 2011 වසරේ සිට මේ දක්වා වසර පහක් ගෙවී ගොස් ඇති අතර 2010-2011 කාලයේ වෙනස්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 4.79කි.
මේ කරුණු සියල්ල අනුව අප වැය කරන විදුලි පරිභෝජනය රටක් ලෙස දරාගැනීම දුෂ්කර කාර්යයකි. රටේ විදුලි ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතියි. සුළං බලයත්, සූර්ය ශක්තියක් නොඅඩුව ලැබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දිය හැකිය. අද වන ලෝකයේ බොහෝ රටවල් සූර්ය බලශක්තියත් සුළං ශක්තියත් කෙරෙහි යොමුවෙමින් පවතින කාල වකවානුවක, ලොව රටවල් පුණර්ජනනීය බලශක්තිය වෙත ගමන් කරන කාලයක, ඒ සම්පත් දෙකම නොඅඩුව තිබෙන රටක් ලෙස අප සිටින්නේ ඉතා පසුගාමී තත්ත්වයකය. එබැවින් මේ සිදු වූ සිදුවීම්වලින් හෝ පාඩම් ඉගෙන ගෙන රටේ බලශක්තිය අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගත යුතුය. එසේ නැතිනම් තිබෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න දමා ගෙන මේ රට කොහේ රටකට සින්නකරයට දීමට සිදුවන දවස වැඩි ඈතක නොවන බව පැහැදිලිය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.03.13
No comments:
Post a Comment