Friday, April 1, 2016

ඉන්දියාව පරදිනවට අපි කැමැති ඇයි ?

මේ ප්‍රශ්නයට උත්තරයක් මම දන්නේ නැහැ. එහෙත් පුංචි කාලේ ඉඳන් මම ඩ්‍රාවිඞ්, තෙන්ඩුල්කාර්, ෂෙවාග්, කුම්බ්ලේ, යුවරාජ්, ප්‍රවීන් කුමාර්, විනෝද් කම්බිලි, අසරුදීන්, රෝහිත් ෂර්මා වගේ ක්‍රීඩකයන්ට පුදුමුකාර ආසවක් තිබ්බේ. තෙන්ඩුල්කාර් ගැන තිබ්බ හැම ලිපියක්ම කියෙව්වා. ඉන්දියාවට මගේ අකැමැත්ත එන්නේම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නොව, ඔවුන් පාලනධිකාරිය මුදල් බලයත් සමඟ කරගෙන ගිය, අත්තනෝමතික ක්‍රියා කලාපයටයි.

ක්‍රිකට් ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස සැලකෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනෙ-කුත් පාලක මණ්ඩලය සිය අණසකට ගන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේත් පාලනය අතට අරගන්න ගමන්. මේ සියල්ල පිටියටත් එක එක ආකාරවලින් බලපානවා. මට ඒ හැරෙන්නට ඉන්දීය කණ්ඩායම සමඟ තරහක් නැහැ.

ඉන්දියාව සමඟ ඊඩන් ගාර්ඞ්න් පිටියේ පැවැති තරගයකදී කණ්ඩායම් දෙකම හාරසියේ කඩ ඉම පසු කරනවා. ඒ අවස්ථාවේදී ෂෙවාග් කියනවා ලංකාව දින්නා නම් මම කැමැතියි කියලා. අදටත් කෝලි බැට් කරනවා බලන්න මම ආසයි. ඊටත් වඩා ආසයි රෝහිත් ෂර්මා බැට් කරනවා බලන්න.

එහෙත් අපි අද කොතරම් පහත් මට්ටමකට වැටිලා ද? බලාගෙන ගියාම අපි ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ වගේ, අපි ඉන්දියාවේ ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගිනි තියනකම් බලාගෙන ඉන්නවා. ලංකාවේ සිංහල බෞද්ධ කියන අපි ද මේ ? පාකිස්තාන හම්බයෝ කියලා බනින කට්ටියම, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයකදී ඉන්දියාවට බනිනනවා. මම පෞද්ගලිකවම දන්න මගේ මුස්ලිම් යාළුවෝ ඉන්දීය කණ්ඩායම දිනනකම් බලාගෙන හිටියා. ඒ ක්‍රීඩාවට තියෙන ආසවට. 

ලංකාවේ ගැහැණු ළමයෙක් ඉන්දියාවට සහයෝගය දක්වන කොට බුකියේ, සමහර අය හැසිරුණු විදිය ගොඩක් අයට මතක ඇති. ඕනෑම ක්‍රීඩාවකදී තමන් කැමැති රටකට සහාය දැක්වීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. එය ක්‍රීඩාව මත ක්‍රීඩකයන් මත තීරණය විය යුත්තක්. එහෙම නැතුව එයට ආගම්, ජාතීන් මුල් නොවිය යුතුයි. 


හර්ෂණ
01.04.16


No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive